₵Ⱨ₳₱₮ɆⱤ 20

398 63 9
                                    

අතීත ආවර්ජනය අවසන නැවත වර්තමානයට එන විට දේවින්ද සහ වගීෂ දෙදෙනාගේ ම දෑස් වල කඳුලු පිරී තිබුණි. එමෙන්ම මෙවරත් ඔවුන්ට ගැලවීමක් නැතී වේවිදෝ යන සැකය ඔවුන්ගේ හදවත් වල යන්තමින් ඇති වී තිබුණත් ඒ කුඩා සැකයට ඔවුන් මසක් තිස්සේ ගොඩ නගා ගත් ධෛර්යයට අංශු මාත්‍ර හානියක් කිරීමට සමත් වූයේ නැත. එමෙන්ම ඒ සැකයට වඩා ඔවුන්ගේ හදවත් තුළ ගොඩනැගී තිබූ ආදරය, විශ්වාසය බොහෝ සෙයන් වැඩි විය. එසේ දැඩි විශ්වාසයක් හිතේ රඳවාගෙන පුර හඳ පායන්නට නියමිත දින උදෑසන දේවින්ද, වගීෂ, තෙනුජ, ෂෙනුවි සහ නෙතීශා සියල්ලෝම ෆීනික්ස් සහ දිය කිඳුරු අධිරාජ්‍යයන් වෙත පිටත්ව ගියේ ඔවුන් වෙනුවට මායා බලයෙන් මවන ලද පුද්ගලයෙන් මනු ලොව තබාය.

දිය කිඳුරු අධිරාජ්‍යය සහ ෆීනික්ස් අධිරාජ්‍යය වෙන් කරන දේශසීමාව අසළට එනතුරුම එකට පැමිණි ඔවුන් සියලු දෙනා දේශසීමාවෙන් තමා අදාළ අධිරාජ්‍යයේ සීමාව වෙතට පය තබා ඔවුන්නොවුන් දෙස බලා සිටියෝය. දේශසීමාවේ දෙපසින් හිඳ වෙන්ව යන්නට පෙර එකිනෙකා වැළඳ ගත් දේවින්ද සහ වගීෂ ගේ දෑසින් ගැලූ කඳුලු නතර කරන්නට කිසිවෙකුට හැකි වූයේ නැත. ඔවුන්ගේ අවසාන වැළඳ ගැනීම මෙය වේවි යැයි කියා සිතන්නට අකමැති වුවත් ලාවට ඒ පිළිබඳ බියක් තෙනුජ සහ නෙතීශ ගේ හදවත් තුළ ඇති වී තිබිණ. ඔවුන්ගේ අවසානය හෝ වේවා තෙනුජ සහ නෙතීශ ගේ අවසානය හෝ වේවා කෙසේ හෝ මේ කරදරය ඊළඟ ආත්මයට රැගෙන නොගොස් මෙතනින් ම අවසන් කරන්නට සියලු දෙනාම ඉටා ගෙන තිබුණි. නැවත ආත්මයකට මෙවැනි කරදරයන් රැගෙන ගියහොත් නිසැක වශයෙන්ම ඔවුන්ට කිසිම ආත්මයක නිදහසේ සිටින්නට නොහැකි වේවි.

තවමත් සම්පූර්ණයෙන් මේ කරදරයෙන් ගැළවෙන ආකාරයක් ඔවුන් දැන නොසිටියේ වුවද කොයි කෙසේවත් කිරුළ නම් හිස නොපැළඳිය යුතු බව දේවින්ද සහ වගීෂ හොඳින්ම දැන සිටියෝය. එම නිසා ඔවුන් අධිරාජ්‍ය තුළදී කුමන ආකාරයකට හෝ කිරුළෙන් ප්‍රවේශම් විය යුතු විය. වැරදීමකින් හෝ ඒ කිරුළ හිස පැළැන්දහොත් දේවින්ද සහ වගීෂ ගේ වසර දස දහසක සියලු කැපකිරීම් ක්ෂණයෙන් විනාශ වේවි නැවත හරි ගැස්සවීමට නොහැකි සේ.

මාළිගයන් වල දොර අභියසටම පැමිණි ඔවුන් පිරිසෙන් පෙරමුණේ සිටියේ දේවින්ද සහ වගීෂ ය. ඔවුන් ව හඳුනා ගත් දොරටු පාලකයන් මාළිගයේ සුවිසල් දොරටු ඔවුන්ට හැර දුන්නේ වගීෂ සහ දේවින්ද දෙදෙනාට ආචාර කර ය. ඒ හැරුණු සුවිසල් දොරටුවෙන් වැසී තිබූ ඒ මාළිගයට ඇතුළු වීමට පෙර දේවින්ද සහ වගීෂ ගැඹුරු හුස්මක් ගත්තේ සිත සැහැල්ලු කරගැනීමට ය. කෙසේ හෝ තම සටන ජය ගන්නවා යන අදිටන නැවත තම මනසට මතක් කර දෙන්නටය. දොරටු තුලින් මාළිගයන් වලට ඇතුළු වුණ ඒ පිරිස කෙලින් ම ගියේ ප්‍රධාන මාළිගයට අධිරාජයා මුණ ගැසීමටය. ඔවුන් රාජ සභාව වෙත යන විටත් අධිරාජ්‍යයෝ දෙදෙනා රාජ සභාවේ අසුන් ගෙන සිටියෝය.

ł₦₵Ɇ₱₮łØ₦ ✔️Dove le storie prendono vita. Scoprilo ora