Chapter 2

730 187 13
                                    

මන් එයා ඉස්සරහ තිබුන පුටුවෙන් වාඩි උනා. ඒත් තාමත් ඒ ඇස් මන් දිහාවට එක තප්පරේකට යොමු උනේ නෑ.

එයා මාව දැක්කෙ නැතුව ඇති !!

මන් බලං හිටියා. තවත් බලං හිටියා... ඒ මූණෙන් පෙනුනෙ ඇස් දෙක විතරයි. අනිත් ඔක්කොම පොතට වැහිලා ගිහින්.

ඒ නිසා මන් ඒ ඇස් දිහා බලං හිටියා...පොත පුරා එහෙ මෙහෙ දුවන ඒ ඇස් වෙලාවකට සන්සුන්, තව වෙලාවකට වේදනාවෙන් පිරිලා යනවා, තව වෙලාවක ඒ ඇහිබැමි අකුලුවන් ඇස් චූටි කරගන්නවා, තව වෙලාවකට ඒ ඇස් අස්සෙ ලාවට කදුලු පිරිලා යනවා.

" ලස්සනයි "

මන් නෙවෙයි........!! ඒ මගේ කට ......

ඒත් එක්කම ඒ බැල්ම මන් දිහාවට යොමු උනේ මාව එතනම හිරකරලා දාන ගමන්. මන් කීයටවත් හිතුවෙ නෑ ඒ හේසල් පාට ඇස් එච්චරටම තියුණුයි කියල.....

වචනයක් කියාගන්න බැරි තරමටම මන් හිර උනා. ඒත් ඉන්න !! මන් කවදා ඉදන්ද මෙහෙම හැසිරෙන්න ගත්තෙ ?මේ මම නෙවෙයි !!

ඔව් මේ මම නෙවෙයි මගේ ආත්මේ...... !!

.D🌼

𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now