Chapter 08

617 171 9
                                    

" බෝබෝ !! "

"ම්න් "

" ඇයි ඔයා මාව ගිම්හානයට සමාන කරන්නෙ ? "

" කෝ එන්න උකුලට "

මන් එයාව මගෙ ඔඩොක්කුව උඩට අරං ඒ නලල උඩින් සිපුමක් තිබ්බා. වෙනදා වගේම මගෙ දෙතොල් වල ස්පර්ශයන්ට ඒ ඇස් පියවිලා යද්දි මන් හිමීට ඒ වැහුනු ඇස් දෙකත් සිප ගත්තා.

" මගෙ ඇස් වලට දකින විදියට summer තමයි ලස්සනම... ඇයි දන්නවද ? හැමගහකම වැහෙන්න මල් පිපෙන්නෙ ගිම්හාන කාලෙදි. හැම අත්තක්ම බර වෙන්න ගෙඩි හැදෙන්නෙ ගිම්හාන කාලෙදි. ඇඟට සනීප හුලං, හම පිච්චෙන්නෙ නැති ඉර අව්ව. මේ ඔක්කොම තියෙන්නෙ ගිම්හාන කාලෙට විතරයි. කෙටියෙන් කිව්වොත් ගිම්හාන කාලය සම්පූර්ණයි හැමදේකින්ම.

ඉතිං මගෙ මැණිකත් ගිම්හානය වගේ. නෑ ඔයයි මගෙ ගිම්හානය. මාව සම්පූර්ණ උනේ ඔයාගෙන්. මේ වෙලාවෙත් මගෙ අත්දෙක උඩ මන් මගෙ ගිම්හානය ගුලි කරං අල්ලන් ඉන්නවා "

එයාගෙ ඉණ වටේට තිබුන මගෙ අත් වක ග්‍රහණය වැඩි කරන ගමන් මන් කියවන් ගියා.

" my baby "

" yes bobo "

" Shall I compare thee to a summer's day ? "

මන් ඒ කන්පෙත්තකට බර වෙල මුමුණද්දි එයා හිනාවේගෙන මගෙ බෙල්ල වටේට අත් පටලව ගත්තා. පණ්ඩිත කොල්ලා මොකක් හරි එකක් කියන්න තමයි ඔය හදන්නෙ. මන් දන්නවා එයා කියන්න යන එක. මොකද මන් තරං එයා ගැන දන්න කෙනෙක් නෑනෙ. අනික ඒ වාක්‍ය එයා නොදන්නවා නං Shakespear ගේ  fan කෙනෙක් උන එකෙනුත් වැඩක් නැ.

" Sonnet 18 William Shakespear 1609 "

" mhm...yes.....ඔයා ඉතිං නොදන්නවා වෙන්න බෑනෙ ? "

" මන් වෙනුවෙන් ඒ පද 14 කියන්න පුලුවන්ද බෝබෝ ?"

" ඔයා වෙනුවෙන් ඕන දෙයක් my summer "

.D🌼

𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now