ඒ ඇස් ගැස්සිලා ගිහින් ආයෙම මගෙ දිහාවට යොමු උනා. ලස්සනයි....ගොඩක් ලස්සනයි........තරු කැට දාහක් එකදිගට ඒ හේසල් පාට ඇස් අස්සෙන් දිලිසෙනවා වගේ....
ඇස් අහකට ගන්න බැරි තරමටම මන් එයාගෙ ඇස් අස්සෙ අතරමං වෙලා ඉද්දි ආයෙම මාව ගැස්සිලා ගිහින් මේ ලෝකෙට ආවා.
" Sir can I take your oder plz ? "
" ආශ්.......මෙයා oder කරපු එකම ගේන්න "
මන් waiter දිහා බලන්නෙවත් නැතුව එයා දිහාම බලං කියද්දි එයත් මන් දිහා බලාගෙනම ඇහිබැමක් උඩ යැව්වා...
" හායි "
"................"
" මාත් එක්ක කතා කරන්න කැමති නැද්ද ? "
"..............."
" ඔයාට දිගටම ඔහොම බලං ඉන්න ඕනෙ නං photo ගන්න "
"..............."
" ඔයා ගොලුද ? "
"..............."
කවදාවත් වචන දෙක තුනකට වඩා මනුස්සයෙක් ඉස්සරහ කතා නොකරන මම එයාගෙන් උත්තරයක් ලැබෙන්නෙ නැතිවම කියවගෙන කියවගෙන ගියා.
ඇත්තටම මන් අද තමා දැන ගත්තෙ මට මෙච්චර කතා කරන්න පුලුවන් කියලා. ඒත් මෙතන ප්රශ්නෙ ඒක නෙවේනේ.....මේ මනුස්සයා කතා කරන්නෙ නෑනෙ. ඇත්තටම ගොලුද ?
" ඔහ් අනේ සමාවෙන්න ඔයාට කතා කරන්න බෑ කියලා මන් දැනං හිටියෙ නෑ..ඒක හිතන්න එපා මට කතා කරන්න පුලුවන් නේ. මන් ඔයාටත් එක්කම කතා කරන්නං "
" ඒත් මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් නෑ "
මගෙ දෙවියනේ එයා.......එයා කතා කලා..
එයාට කතා කරන්න පුලුවන් !!
.D🌼
KAMU SEDANG MEMBACA
𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fiksi Penggemar𝑺𝒐 𝒍𝒐𝒏𝒈 𝒂𝒔 𝒎𝒆𝒏 𝒄𝒂𝒏 𝒃𝒓𝒆𝒂𝒕𝒉 𝒐𝒓 𝒆𝒚𝒆𝒔 𝒄𝒂𝒏 𝒔𝒆𝒆, 𝑺𝒐 𝒍𝒐𝒏𝒈 𝒍𝒊𝒗𝒆𝒔 𝒕𝒉𝒊𝒔,𝒂𝒏𝒅 𝒕𝒉𝒊𝒔 𝒍𝒊𝒗𝒆𝒔 𝒈𝒊𝒗𝒆𝒔 𝒕𝒐 𝒕𝒉𝒆𝒆....... 𝑺𝒐𝒏𝒏𝒆𝒕 18 - 𝑾𝒊𝒍𝒍𝒊𝒂𝒎 𝑺𝒉𝒂𝒌𝒆𝒔𝒑𝒆𝒂𝒓 1564 - 1616 . . . . . . 𝐘�...