Chapter 07

581 176 11
                                    

එතනින් පටන් ගත්තු කතාබහ අන්තිමට නැවතුනේ ඒ ආඩම්බරකාර ඇස් වල පලවෙනි වගේම අවසාන අයිතිකාරයත් මමම වෙලා.

ඒත් ඒ ආඩම්බරකාර ගති ටිකෙන් ටික එයාගෙන් ඈත් වෙලා මන් ලගදි සම්පුර්ණයෙන්ම වෙනස් කෙනෙක් උනා.

මන් හිතං හිටියාටත් වඩා එයා ගොඩක් දඟයි!! ගොඩක්. ඇත්තටම එයා මට වඩා අවුරුදු 6ක්ම වැඩිමල් උනත් එයා මන් ලග හැසිරුනේ මටත් වඩා පොඩි ලමයෙක් විදියට.

හොඳම දේ මන් ඒ හැමදේකමට ආස උනා....

අයිස්ක්‍රීම් එකක් කනකොට කටපුරාම ගාගෙන කන එකට,
අත් අල්ලගෙන ඇවිදින හැම වෙලාවකම මගෙ අතක් අල්ලගෙන උඩ පැන පැන ඇවිදින එකට,
මුහුදු වෙරලට ගියපු ගමන් වැලි නාගෙන, වතුර නාගෙන පිස්සු නටන එකට,

ඒ ඔක්කොම අස්සෙ හැංගිලා ඉන්න

මට හිතාගන්නවත් බැරි තරමටම මට ආදරේ කරන ඒ පපුවට,
එක බැල්මකින් මාව සංසුන් කරන ඒ ඇස් වලට,
ගිනිගොඩක් හිටියත් මාව නිවන්න පුලුවන් ඒ හිනාවට,
ලේ ගල් වෙන සීතලක උනත් මාව උණුසුම් කරවන ඒ ස්පර්ශයන්ට,
මන් වෙනුවෙන් වේගවත් වෙච්ච පපුව උඩ හති අරින හැමවෙලේකම මගෙ කොණ්ඩෙ අස්සෙන් යන ඒ දිග ඇගිලි වල ආදරණීය ස්පර්ශයට,

මන් ආදරේ කලා....කෙනෙක්ට මෙන්න මෙච්චරයි කියලා කියාගන්න බැරි තරමටම මන් එයාගෙ හැමදේකටම

ආදරේ කලා !!

.D🌼

𝐒𝐡𝐚𝐥𝐥 𝐈 ? | 𝐘𝐙 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now