~07~

511 86 31
                                    

"ඊට කලින් ඔයාට කොහෙන්ද මගෙ නම්බර් එක..."

මං දන්නව උනත් ඒක නිකමට මට අහන්න හිතුනා..

"අහ් ඒක මගෙ NIS එකේ ඉන්න යාලුවෙක්ට කියලා හෙන ගේමක් දීලා හොයාගත්තෙ.."

ඒක කිව්වම මට බකස් ගාලා හිනාගියා..... අම්මෝ... කට ඇරලා මෙහෙමත් බොරු කියනවනේ සික්......

"යා ඊශා.. ඔයා ඔය හිනාවෙනවද.."

"මොන වගේද ඇහෙන්නේ..."

"හිනාවෙනවා වගේ.."

"හිනාවෙනවා තමා මෝඩයෝ.."

"ආහ්.. හෙන ගේමක් දීලා හොයාගත්තා කියලනෙ කිව්වේ... ඒකට හිනාවෙන්නේ.."

"මට හොබි ඔප්පා කිව්වා.. එයාගෙන් ඉල්ලගත්තෙ කියලා.."

මං හෙන ලොකු ලයින් එකේ වගේ කිව්වා ඉතින්..

"අ.. අහ්.. ඌ කිව්වද.. මං මේ.. කිව්වෙ ඉතින් මේ.."

"ඔව්............ ඔයා කිව්වෙ මොකක්ද එතකොට.."

"මේ.. මං..  කිව්වෙ ඉතින්.. ආ මං කිව්වෙ හොබීගෙන් හෙන ගේමක් දීලා ඉල්ලගත්තා කියලා..."

ඇයි ජිමින් ඔයා මෙහෙම.... 🤣😭
මං පෝන් එකත් ඇද උඩට දාලා ඇදේ පෙරලි පෙරලි හිනාඋනේ බඩත් අල්ලන්..

"ඊශා.. යා කතාකරනවා.. යොබොසෙයෝ.."

"හෑ.. අහ්.. යෙබොසෙයෝ...."

"හරි දැන් හිනාවුනා ඇතිනේ ..??"

"ම්ම්.. ඔව් ඇති.. මියාන් හිනාවුනාට.. මේ.. ඇයි මට කෝල් කලේ..."

මං ඇහුවේ හිනා ගිය නිසා අහන්න හදපු එක අමතක උන නිසා හිනාව නවත්තන් සීරියස් වොයිස් එකෙන්..

"කමක්නෑ... ආයෙ හිනාවෙන්න.. ඔයා හිනාවෙද්දි ලස්සනයි.."

මොකද්ද ඒ කිව්ව හරුපේ....
හැබැයි පෝන් එකෙන් කතාකරද්දි හෙන රොමෑන්ටික්.. සෙක්සි වොයිස් එකක්..

යා ගොන් ඔලුගෙඩිය... මොනාද මේ හිතන්නේ.. ආහ්.. ආහ්..
මං ඔලුවට ටොකු තුනක් විතර ඇනලා ආයෙ පෝන් එක කනට තියාගත්තා...

"මේ.. ඔයා මොනා කියනවද මන් දන්නෑ.. ඇයි ගත්තේ කියන්න.."

"Office ආවෙ නැත්තෙ ඇයි..."

"ඔම්මට සනීප නෑ.."

"අයියෝ.. ගොඩක් අමාරුද?"

"නෑ.."

ℂ𝐄𝐎 𝕃𝐨𝐯𝐞𝐫🖇️ || 𝖯jm Where stories live. Discover now