ඇඳේ පැත්තකට හැරිලා , ඇඟට දැනෙන අමාරැවටම යන්තමට පිටවුනු කෙඳිරිලි හඬ අතරින්ම වොන්යං බලාගෙන හිටියෙ , තමන්ගෙ පොත් මේසෙ උඩ ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න තමන්ගෙම අයියා දිහා. මූනත් මැලවිලා ගිහිල්ලා වගේ. ඒත් ඒ ගැන හිතන්න වොන්යං ට ඕන වුණේ නෑ. ඇරත්, ඒ ගැන හිත හිත ඉන්න තරම් වොන්යංගෙ ඇඟ පතට හයියක් තිබුනෙත් නෑ. පුපුරන්න තරම් තිබුන ඔලුවෙ කැක්කුම නිදාගත්ත නිසා ටිකක් විතර අඩු වෙලා තිබුණත්, ගිනියම් වෙලා වේදනා දෙන ඇඟපත නිසා කෙල්ලට හරි හමන් සිහියක් වත් තිබුණේ නෑ. ඒ අස්සෙ කෙල්ලගේ බඩත් කෑගහනවා. බඩගින්නට ම. හෙමීට ඇඳෙන් නැගිට්ට කෙල්ල බිත්තියට වාරු වෙලා කුස්සිට යන්න හිතාගෙන හෙමීට ඇවිද්දත් අඩි පහකට වඩා යන්න කෙල්ලට බැරි වුණා. ඇඟට දැනුන පණ නැති ගතියක් එක්කම කෙල්ලව එකපාරටම බිම ඉන්දවුනේ එතනම තිබුන මල් වාස් එකකුත් පෙරලලා දාගෙන.
" වොන්යං . ආ යූ ඕකේ " ඒත් එක්කම කඩාගෙන බිඳගෙන එතැනට දුවගෙන ආවෙ ජංකුක් .
" කොහෙද මෝඩියෙ යන්නෙ. ලෙඩක් දුකක් හැදුනහම වත් එක තැන ඉන්න බැරි තරම් පණුගාය ද " නංගි ගැන හිතට දැනුන බය පෙන්නන්නෙ නැතුවම කොල්ලා බෙරිහන් දුන්නා.
හැබැයි උණ තියා මොක උනත් අයියා ඉස්සරහ අසරණ වෙන්න වොන්යංට වුවමනාවක් නැති ගානයි. ආපහු පාරක් බඩ කෑ ගහනකොට බඩගින්න ගැන වචනයක්වත් කියන්නෙ නැතුව කෙල්ල අත් දෙකෙන්ම බඩ තද කරගත්තා . හැබැයි , ඒක නොදැක ඉන්න තරම් ජංකුක් නොසැලකිලිමත් වුනෙත් නෑ.
" යා... තමුසෙට මාව පේන්න බැරි උනාට කමක් නෑ. හැබැයි මට වෛර කර කර ඉන්නත් තමුසෙ ඉස්සරවෙලා ලෙඩේ හොඳ කරගෙන ඉන්න එපැයි. පන්ඩිතකම පැත්තක තියලා ඇඳට යනවා. මම රාමෙන් එකක් හදාගෙන එන්නම් "
වොන්යංව බලෙන්ම ඇඳට දාලා කොල්ලා රාමෙන් එකක් හදාගෙන ආවත්, වොන්යං එක කටකට වඩා කෑවෙ නැත්තෙ දැනුන අප්පිරියාවට . කෙල්ල කටට දා ගත්තු රාමෙන් ටික එහෙමම බිමට දානකොට ජංකුක් හොඳටම බය වුණා. වොන්යංගෙ නළලේ දාඩිය පිරිලා. කර කියා ගන්න දෙයක් ජංකුක්ට හිතාගන්න බැරි වුණා. ඒක නිසා කොල්ලා ඉක්මනටම අම්මට කෝල් එකක් ගත්තා.

YOU ARE READING
Secretly Into My Heart 💛
FanfictionSinhala විවිධාකාර ළමයින්ගෙන් පිරුණු ,යාලුවෝ තරහකාරයෝ ඔය හැමෝ ම හිටපු එක පන්තියක් ...සමහර සල්ලිකාර ලමයින්ගේ බලපුළුවන්කාරකම් හින්දා මේ පන්තිය යාලුකම ,ආදරය ,සහයෝගය ,සහෝදරත්වය ඔය ඔක්කොම වළලලා දාපු සොහොන් පිට්ටනියක් කිව්වත් වැරදි නෑ .ඒ වුණත් එක දවසක් පන...