" tzu - tzuyu " ජංකුක්ට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි. ලිසා එකපාරටම ඇවිල්ලා ජංකුක්ව බදාගත්තෙ හරියට ජංකුක්ව සනසන්න වගේ .
" දුක් වෙන්න එපා ජංකුක් . මේ වගේ චිත්‍ර එකට දාහක් අඳින්න බැරිද ඔයාට ! ඒ වගේද අඟේ ඉදන් කන කන කෙනෙක්ව හොයාගන්න ලැබුන එක. ඔයා මේ වෙච්ච දේ ගුඩ් සයිඩ් එක දකින්න "
තමන්ව බදාගෙන ඉන්න ලිසා ව අයින් කරලා දාන්න වත් ජංකුක්ට සිහියක් තිබ්බේ නෑ . කියන්න තේරෙන්නේ නැති මොකක්ද වේදනාවක් හිත පුරාම පැතිරෙද්දී කොල්ලා බලාගෙන හිටියේ පොඩි කරලා කුරුටු ගාලා දාලා tzu ගේ ලොකර් එක ඇතුලෙ තිබුන චිත්‍රෙ දිහා .
Tzuyu දැක්කේ ජංකුක්ව බදාගෙන ජංකුක්ගෙ ඔලුවත් අතගාන ලිසාව. කෙල්ලගේ හිත පුරාම විසිරිලා පැතිරිලා ගිය අමුතුම වේදනාව මොකක්ද කියලා කෙල්ලට එකපාරටම හිතාගන්න බැරි වුණා . මේ සිද්ධ වෙච්ච දේට තමන්ව බොරුවට අහු කරන්න හදන නිසාද ? එහෙමත් නැත්තං ලිසා ජංකුක්ව බදාගෙන ඉන්න නිසාද ? චේයන්ග්, දාහියුන්, සානා වගේම රොසේ , ජිමින් ඇතුළු tzuyu ගෙ යාලුවෝ කට්ටියම සිද්ධවෙන දේ දිහා බලාගෙන හිටියේ කිසිම දෙයක් හිතාගන්න බැරුව . තවත් මොහොතක්වත් එතන ඉඳගෙන ලිසාගේ නාටකේ දිහා බලාගෙන ඉන්න tzuyuට කොහොමටවත්ම ඕන උනේ නෑ . ඇස් දෙකෙන් කඳුළු බේරෙද්දි කෙල්ල පන්තියෙන් එළියට දුවගෙන ගියේ ඇති තරම් අඬන්න හිතාගෙන ....
..............................................................................................
ඉස්කෝලේ ගාර්ඩ්න් එකේ ඈතම කෙළවරක තියෙන , ළමයිම ලස්සනට හදපු පඳුරු ගොඩකින් ටිකක් විතර ආවරණය වෙලා තියෙන bench එකක් උඩට වෙලා ඉඳගෙන tzuyu ඇති වෙනකන් ඇඬුවා. විවේක වෙලාවත් නෙවෙයි නිසා ගාර්ඩ්න් එකේ වෙන කවුරුවත් හිටියේ නෑ . අඩු ගානේ tzuyu වෙන කාවවත් දැක්කෙ නෑ . ඉතින් , හිතේ තියෙන හැම වේදනාවක්ම දියවෙලා යනකං කෙල්ල හොඳටම ඇඬුවා . ඒත් , විනාඩියෙන් විනාඩියට කෙල්ලට මතක් උනේ ලිසා ජංකුක්ව බදාගෙන හිටපු විදිහ . ඒ වගේම ජංකුක් කිසිම දෙයක් කියන්නෙත් නැතුව කරන්නෙත් නැතුව ලිසාට ඒ විදිහටම ඉන්න දුන්න එක . මෙච්චර ළඟින් ආශ්‍රය කරලත් ජංකුක් ට තමන්ව විශ්වාස නෑ කියලා දැනෙද්දි දැනුන වේදනාව තරම් වේදනාවක් කෙල්ලට ජීවිතේ කිසිම දවසක දැනිලා තිබුනෙ නෑ . ඒ වේදනාකාරි මතකයත් එක්ක කෙල්ල ඉකි ගහලා හොඳටම ඇඬුවා .
තවත් මොහොතකින් කෙල්ලට දැනුනේ එයාගේ ඉස්සරහින් කවුරුහරි හිට ගන්නවා වගේ . කෙල්ල හොදටම බය උනා . ඉක්මනට කඳුළු ටික පිහදාගත්තු කෙල්ල, ඔලුව උස්සලා බැලුවේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලා . ඒ සුන්ග් ජේ. කෙල්ලගේ හිතට සතුටක් නම් දැනුණේ නෑ . Tzuyuට මතක් උනා 10 වසරේ ඉන්න කාලේ , ස්පෝර්ට් මීට් එක දවසෙ පිට්ටනිය කෙළවරකදි සුන්ග් ජේ තමන්ගෙන් කැමැත්ත අහපු විදිහ . ඒ දවස් වල කොල්ලෙක් එක්ක කතා කරන්න තියා කොල්ලෙක් දිහා හැරිලා වත් බලන්නේ නැති tzuyu සුන්ග් ජේ ට බෑ කියල කිව්වෙ සුන්ග් ජේ කැමැත්ත අහලා කට ගන්නත් කලින් .

YOU ARE READING
Secretly Into My Heart 💛
FanfictionSinhala විවිධාකාර ළමයින්ගෙන් පිරුණු ,යාලුවෝ තරහකාරයෝ ඔය හැමෝ ම හිටපු එක පන්තියක් ...සමහර සල්ලිකාර ලමයින්ගේ බලපුළුවන්කාරකම් හින්දා මේ පන්තිය යාලුකම ,ආදරය ,සහයෝගය ,සහෝදරත්වය ඔය ඔක්කොම වළලලා දාපු සොහොන් පිට්ටනියක් කිව්වත් වැරදි නෑ .ඒ වුණත් එක දවසක් පන...