මියුසික් රූම් එකේ පිටිපස්සෙ තිබුන ඩෙස්ක් එකේ ලිසා ඉඳගෙන හිටියෙ තනියම අනිත් ලමයි එනකන් බලාගෙන. වෙනදා වගේම ගිටාර් එකකුත් අරගෙන එන චැන්යොල් කියන්නෙ ලිසාට අමුතු දෙයක් නොවුනට, අනිත් කාටවත් එන්න බැරි වෙන්න චැන්යොල් දොර ඇතුලෙන් ලොක් කරන එක නම් ලිසාට සහසුද්දෙන්ම අලුත් දෙයක්. ලිසා මූන පුම්බගෙන චැන්යොල් දිහා බැලුවෙ මොන විකාරයක්ද කියලා අහන්න වගේ. හැබැයි චැන්යොල් ගෙ ඔරවන් ඉන්න මූන දැක්කහමනං ලිසාට පොඩි බයකුත් නොදැනුනා නෙවෙයි.
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මොකද දන්නෑ කන්න වගේ බලන්නෙ
ලිසා හිතුවා විතරයි. චැන්යොල් ඉස්සරහ ඕක හයියෙන් කියන්න තරම් හයියක් ලිසාට තිබ්බෙ නෑ. වේගෙන් ඇවිදගෙන ආපු චැන්යොල් ප්‍රින්ට් කරපු පින්තූර වගයක් ලිසාගෙ මේසෙ උඩට අතැරියා.
" පිස්සු හැදිලද !"
චැන්යොල් ට කෑගහන්න ලිසා ලෑස්ති උනත්, මේසෙ උඩ තිබ්බ පින්තූර ටික දැක්කහම ලිසාට උන් හිටි තැනුත් අමතක වුනා. ඒ හැම එකකම තිබුනෙ එයා ජංකුක්ගෙ චිත්‍රෙ විනාස කරන විදිහ.
"දැන් පේනවනෙ පිස්සු හැදිලා තියෙන්නෙ කාටද කියලා ? " චන්යොල් කිව්වෙ තරහෙන්.
" අ- අ- අ" ලිසා මෙනෙවදෝ කියන්න උත්සහ කරනවා .
"අ ආ ඇ ඈ තමයි. මොලේ හොඳ නැද්ද ඇත්තටම . මෝඩයි කියලා දන්නවා හැබැයි මෙච්චර මෝඩයි කියලා හිතුවෙ නෑ"
"කවුද මෝඩ "
"මෝඩ තමුසෙ තමා. CCTV වලින් ඔක්කොම අහුවෙනවා කියලා පොඩි ලමයිනුත් දන්නවා. බලනවා කොච්චර කැත වැඩක්ද කියලා කරලා තියෙන්නෙ"
"අනේ මේ "
"මේ ලිසා. වැඩේ කරලා තව කියවන්නත් එන්න එපා. මේක හොඳට අහගන්න. මේක සර්ට කියන්නෙ නැතුව ඉන්න ඕන නම්, ගිහිල්ලා tuyu ගෙනුයි ජංකුක්ගෙනුයි සමාව ගන්න ඕන. නැත්තන් වීඩියෝ පිටින්ම ප්‍රින්සිපල් ඔෆිස් එකට යයි. රයිට්...

YOU ARE READING
Secretly Into My Heart 💛
FanfictionSinhala විවිධාකාර ළමයින්ගෙන් පිරුණු ,යාලුවෝ තරහකාරයෝ ඔය හැමෝ ම හිටපු එක පන්තියක් ...සමහර සල්ලිකාර ලමයින්ගේ බලපුළුවන්කාරකම් හින්දා මේ පන්තිය යාලුකම ,ආදරය ,සහයෝගය ,සහෝදරත්වය ඔය ඔක්කොම වළලලා දාපු සොහොන් පිට්ටනියක් කිව්වත් වැරදි නෑ .ඒ වුණත් එක දවසක් පන...