තමන්ට එහා පැත්තෙ ටේබල් එකේ සිද්ද වෙන දේ දිහා ලිසා බලාගෙන හිටියේ කන් දෙකෙන් විතරක් නෙවෙයි , ඇස් දෙකෙනුත් ගින්දර පිට වෙද්දි . තමන්ගෙ පස්සෙන් මෙච්වර කොල්ලො එන්න තරම් තමන් ලස්සන කෙල්ලෙක් වෙලත්, ඇයි ජංකුක්ට ඒක පේන්නෙ නැත්තෙ ?
ටිකෙන් ටික tzuyu ට ලංවෙද්දි ජංකුක්ගෙ ඇස් ලාවට පියවෙන විදිහ, ඒ ඇස් වලින් මත් වුන tzuyuගෙ ඇස් හෙමීට පියවෙන විදිහ, ලිහිල්ව පටලගෙන හිටපු අත් ටිකෙන් ටික තදින් පැටලෙන විදිහ ... මේ හැමදේම දිහා බලාගෙන ලිසාට තවදුරටත් ඉන්න බැරි වුනේ, පිටත ලෝකෙට විකාරයක් වගේ පෙනුනත් ,ලිසාගෙ හිතේ ජංකුක් ගැන තබුනෙ අවංක කැමැත්තක් නිසා.
![]()
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
හැබැයි ලිසා කේන්තියෙන් වගේම දුකෙන් පුපුරන හැටි ජංකුක්ටවත් , tzuyuට වත් පෙනුනෙ නෑ . මොකද දෙන්නම හිටියේ අමුතුම පාරාදීසෙක අතරමං වෙලා . ජංකුක්ගෙ රඟපෑම කොච්චර හොඳද කියනවනම් , tzuyuට හිතුනේ ජංකුක් මේ දේ කරන්න යන්නෙ ඇත්තටමයි කියලා . ඒ විදිහටම tzuyuගෙ රඟපෑම ගැනත් ජංකුක්ට හිතුනේ , tzuyu තමන් එයාව ඇත්තටම සිප ගන්නවට කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියලා . අන්න ඒ විදිහට ඒ රඟපෑම නිසා වුණත් , ඒ වෙනකොටත් දෙන්නට දෙන්නා හොඳටම හීන ලෝකේ හිර වෙලයි හිටියේ . ඒ හීන ලෝකේ ලස්සන වැඩි වෙලාද කොහෙද ජංකුක්ටවත්, tzuyuටවත් නවත්තන්න නං කිසිම වුවමනාවක් තිබුණෙ නැද්ද කොහෙද . දෙන්නගේ දෙතොල් අතර තිබුණේ හරිම පුංචි දුරක් . ලා රෝස පාට දිලිසෙන lipstick එකක් ගාලා යන්තමට වගේ පාට කරලා තිබුන කෙල්ලගේ තොල් දිහා බලද්දි දැනිච්ච රාගික ආසාව ගැන ජංකුක්ට තමන් ගැනම ලැජ්ජා හිතුනත් , නෑ... tzuyu එතනින් ඈත් වෙන පාටක් තිබුණෙත් නෑ . පුළුවන් තරම් කාලෙ අරගෙන හිමීට හිමීට කෙල්ලට ලං උනත් , තවදුරටත් කෙල්ලගේ කම්මුලයි , කොල්ලගෙ තොල් දෙකයි අතර ඇහැට දකින්න පුලුවන් තරමක දුරක් වත් තිබුනෙ නෑ. ඒත්...

KAMU SEDANG MEMBACA
Secretly Into My Heart 💛
Fiksi PenggemarSinhala විවිධාකාර ළමයින්ගෙන් පිරුණු ,යාලුවෝ තරහකාරයෝ ඔය හැමෝ ම හිටපු එක පන්තියක් ...සමහර සල්ලිකාර ලමයින්ගේ බලපුළුවන්කාරකම් හින්දා මේ පන්තිය යාලුකම ,ආදරය ,සහයෝගය ,සහෝදරත්වය ඔය ඔක්කොම වළලලා දාපු සොහොන් පිට්ටනියක් කිව්වත් වැරදි නෑ .ඒ වුණත් එක දවසක් පන...