chapter 17

1.8K 302 13
                                    

🐰 ස්ට්‍රෝබෙරියෝ ඔයාට අමාරුද ??

🐯 හ්ම්..

🐰 කෝ එන්න...
බිලාලයා කිව්වා මුලින්ම ශර්ට් එක ගලවන්න කියලා..
එයා කිව්ව නිසා මන් මේක කරන්නේ හරිද ??

එහෙම කියලා ජන්ග්කුක් හිමීට ටේහ්‍යුන්ගේ අතින් එයාගේ අත අරගෙන හිමීට ටේහ්‍යුන්ගේ ශර්ට් එක ගැලෙව්වා..ටේහ්‍යුන්ගේ කිරිගරුඬ හම, ඇග දිගේ බේරෙන දාඩිය, දිග ඇහි පිහාටු, ඇගේ සික්ස් පැක් මේවා දැක්කාම ජන්ග්කුක්ට තඩි කෙල ගුලියක් ගිලුනා..

" කෙල්ලෙක්ටත් වඩා ඔයා ලස්සනයි ටේහ්‍යුන් "

ජන්ග්කුක්ට හිතුනෙම එහෙම...ටිකක් වෙලා ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදලා රෙදි කෑල්ලක් තෙමලා ටේහ්‍යුන්ගේ ඇග ටිකක් තෙත මාත්තු කරා..

🐯ආහ්..

🐰 ඔයාට අමාරුද ස්ට්‍රෝබෙරියෝ 🥺

අමාරුවෙන් කෙදිරිගාන ටේහ්‍යුන් දිහා බලන් හිටියාම ජන්ග්කුක්ට පලවෙනි පාරට ටේහ්‍යුන් ගැන දුක හිතුනා..පලවෙනි පාරට එයාගේ ඇස්වලට කදුලු ආවා..

🐰 කෝ...හිමීට කෙලින් වෙන්නකෝ...

පරිස්සමට ටේහ්‍යුන්ව කෙලින් කරලා වාඩි කරවලා ජන්ග්කුක් එයාගේ තුරුලට ටේහ්‍යුන්ව ගත්තා.. ජන්ග්කුක්ගේ ඇගේ තියෙන සීතල ගතිය නිසා ටේහ්‍යුන් තව ටිකක් එයාට තුරුල් උනා..

🐯 කු..කුක්ලට්...
ම..මන් කරපු දේට ස..සමාවෙන්න...

ජන්ග්කුක්ගේ තුරුලේ ඉදන් පලවෙනි වතාවට ටේහ්‍යුන් කෙනෙක්ගෙන් සමාව ගත්තා..ටේහ්‍යුන් ඒ ගැන හුගක් පසුතැවිලි වුනා..එයාට ජන්ග්කුක්ට රිද්දන්න ඕන උනාට එයාව මරන්න ඕන කමක් තිබ්බේ නෑ...ටේහ්‍යුන්ගේ හිතේ කොනක තියෙන ජන්ග්කුක් එයාට නැතිවෙයි කියන බය ඊයේ සිදුවීම නිසා තවත් වැඩි උනා...හැබැයි ටේහ්‍යුනට එහෙම දැනෙන්නේ ඇයි කියලා තේරුනේ නෑ...මොකද ඉතින් ටේහ්‍යුන්ට අනුව ටේහ්‍යුන් කියන්නේ ස්ට්‍රේට් කොල්ලෙක්නේ...

🐰 ඒකට කමක් නෑ ස්ට්‍රෝබෙරියෝ...
මන් ඒක අමතක කරා..
අද ඉදන් අපි හොදම යාලුවෝ වෙමු..
මන් දන්නේ නෑ මිනිස්සු කියන විදියට මට ඔයාට ආදරේ කරන්න පුලුවන් ද කියලා..
හැබැයි මට ඔයාට හොද යාලුවෙක් වෙන්න පුලුවන්..

Defenders Of The Degan || TK || Completed Where stories live. Discover now