chapter 26

1.8K 286 10
                                    

Queen kim : කෝ අප්පා මේ කොල්ලා..
එයාව බලන්න අපි ආවම එයා කාමරේට ගිහින් දොර වහගෙන..

Queen jeon : ඒ ගැන නම් කියලා වැඩක් නෑ දේරි..
මෙච්චර වෙලා පස්ස එලියේ දාගෙන ලස්සන ඩ්‍රාමා එකක් පෙන්නලා දැන් හැංගිලා ඉන්නවා..

🐥 පව් ඔම්මා කුක්...
එයා අඩලා අඩලා ඔය ඉන්නේ ??

Queen kim : කවුද මගේ අහින්සකයාව ඇඩෙව්වේ ??

🐱 වෙන කවුද ඉතින්...ඔබතුමියගේ සදාදරණීය පුත් කුමාරයා වෙන කිම් ටේහ්‍යුන් තමා...
මේකා තමා මේ ඔක්කොටම වග කියන්න ඕන...
මුගේ මුරන්ඩු බකපන්ඩිතකම තමා මේ ඔක්කොම කරේ..

යූන්ගි ලැබුන අවස්තාවෙන් ටේහ්‍යුන්ව පාවලා දුන්නාම ටේහ්‍යුන් යූන්ගිට රැව්වේ " උදේ කිව්ව කතාවටද උබ මට මෙහෙම කරේ " අහන්න වගේ..

🦄🐹🐨👸 ටේහ්‍යුන්............

🐯 මියානේ...

තවත් වචනයක්වත් නොකියා ටේහ්‍යුන් කරේ බිම බලාගෙන සමාව ඉල්ලපු එක..කොල්ලාට ජන්ග්කුක් අඩන ගමන් කියපුවා ඒ තරමටම රිදුනා..එයා හිතුවේ ජන්ග්කුක් එයාට මෙච්චර ආදරෙයි කියලා.. ජෙනී එක්ක හිටපු එක ජන්ග්කුක්ට මෙච්චර රිදෙයි කියලා..ජන්ග්කුක් අඩ අඩ කියන වචන පපුවටම උල් පිහියකින් අනිනවා වගේ වෙනකොට ටේහ්‍යුන් ඒ හැම වේදනාවක්ම නිහඩවම දරාගෙන හිටියේ ඒක එයාට උරුමයි කියලා හිතුන නිසා..හිත කොච්චර දරාගෙන හිටියත් ටේහ්‍යුන්ගේ ඇස් නම් ඒවා දරාගෙන ඉන්න ලෑස්ති උනේ නෑ..ඇස් වලින් බේරෙන කදුලු හංගන්න ඔලුව බිමට පහත් කරත් ඒක ආරා නම් දැක්කා..

🦋 ටේහ්‍යුනා...මන් ලගට එන්න...

🐯 න්...නූනා..

ටේහ්‍යුන්ගේ බිදුන හඩකින් එහෙම කියනකොට ආරා එයාගේ ලොකු බඩත් උස්සගෙන හෙමීට ටේහ්‍යුන් ලගට ආවා..ඇවිල්ලා ටේහ්‍යුන්ගේ අතක් අල්ලගෙන කතා කරන්න පටන් ගත්තේ ජන්ග්කුක් වගේම ටේහ්‍යුන් කියන්නෙත් එයාගෙම චූටි මල්ලි නිසා..

🦋 ටේහ්‍යුනා....මන් දන්නවා ටේහ්‍යුන් මගේ කුක්ට එදා ජෙනී ලග ඉන්නකොටත් ඔයාගේ හිතේ ආදරේ තිබ්බා කියලා.. මන් ඒක ඔයාගේ ඇස්වලින් දැක්කා..හැබැයි ඔයා ඒක පිළිගන්න කැමති උනේ නෑ...දැන් ඔයා පිළිගන්නවා නේද ඔයා කුක්ට කොච්චර ආදරේද කියලා..

Defenders Of The Degan || TK || Completed Donde viven las historias. Descúbrelo ahora