chapter 43

1.7K 283 11
                                    

ටේකුක් දෙන්නා කැලේ ඇතුලට ගියාට පස්සේ ගල්තලාවේ වාඩි වෙලා හිටිය ජිමින්ගේ ඔඩොක්කුව උඩින් යූන්ගි ඔලුව තියාගත්තා.

🐥 මේ මොකද මේ ??

🐱 ඔලුව පොඩ්ඩක් අතගාන්න අලබෝලේ..මගේ ඔලුව රිදෙනවා..

🐥 වෙලාවට රිදෙන්න හරි ඔලුවක් තියෙන්නේ..

ජිමින් හිනා වෙවී එයගේ චුටි ඇගිලි යූන්ගිගේ කොන්ඩේ අතරින් යවනකොට යූන්ගි සැපට නින්දක් දැම්මා..ජිමිනුත් යූන්ගිගේ පිය උන ඇස් දිහා බලාගෙන භාවනාවක යෙදිලා හිටියේ..

🐱 චිම්..

🐥 ම්ම්..

🐱 කුක් මේ දවස් ටිකේ වෙනස් නේද ??

🐥 ඔයාටත් ඒක තේරුනාද යූන්ගි ?? මන් හිතුවේ එයාගේ වෙනස තේරුනේ මට විතරයි කියලා..

🐱 එහෙම නෑ..හැමෝටම ඒ වෙනස තේරෙනවා.. කවුරුත් මුකුත් කියන්නේ නෑ..

🐥 හ්ම්ම්...කුක් දැන් ඉස්සරට වඩා ටේගේ උනුහුම හොයනවා..අනික හරි මුරන්ඩුයි..

🐱 ඇයි කෑම..ඒවාත් වෙනස්..ඊයේ ස්ට්‍රෝබෙරි ඕන කියලා අඩලා අඩලා මන් බැරිම තැන රෑ ගිහින් බාස්කට් එකක්ම උස්සන් ආවා..අද වෙනකොට ඒ ඔක්කොම ඉවරයි..

🐥 මෝ ?? කුක් ස්ට්‍රෝබෙරි කන්න ආස නෑනේ..

🐱 ටේහ්‍යුන්ගේ ඌෂ්නේ ගහලා කුක්ට..

යූන්ගි ඇස් වහගෙන කතා කරන ගමන් හිනා වෙනකොට ජිමිනුත් යූන්ගිගේ ඔලුව අතගාන ගමන් හිනා උනා..

🐥 ඒක නෙමෙයි..ඔයා ඊයේ රෑ ඇදෙන් බැහැලා ගියේ ඒකටද ??

🐱 ඔයාට ඇහැරුනාද ?? ටේහ්‍යුන්ගේ කෝල් එකට මන් ගියේ..ඔයාට ඇහැරෙන්නේ නැති වෙන්න මන් සද්ද නැතුව ගියේ..

🐥 ඒ උනාට මට ඇහැරුනා..නැගිටලා ඔයාව හෙව්වාට හිටියේ නෑ..කෝල් ගත්තාට ආන්ස්වර් කෙරෙත් නෑ..බැරිම තැන මන් ටේහ්‍යුන්ගෙන් අහන්න ගියාම කුක් ටේගේ ශර්ට් එක අස්සේ රිංගලා හොදට නිදි..ටේටත් එහෙම්ම නින්ද ගිහින්..ඊට පස්සේ සෙබලෙක්ගෙන් ඇහුවාම එයා කිව්වා ඔයා එලියට ගියා කියලා..මන් ඉතින් ආයි ඇදට ඇවිල්ලා ඔයා එනකම් බලන් හිටියා..එහෙම්ම නින්ද ගියා..

Defenders Of The Degan || TK || Completed Where stories live. Discover now