ජන්ග්කුක් හරියටම පැය ගානක් තිස්සේ සිහිය නැතුව හිටියා..එයා තව මෙහෙම හිටියොත් අනිවාර්යයෙන් ජන්ග්කුක්ගේ පිහාටු ඇග ඇතුලෙම තිබිලා කැඩිලා යනවා..බලන් ඉන්න බැරිම තැන තමයි යූන්ගි රාජකීය වෛද්යවරයව එක්කගෙන එන්න ගියේ..ජෙනීත් එතනින් ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා..
කුමාරයෙක් උනත් පිහාටු නැති ෆීනික්ස් කෙනෙක් කියන්නේ හරියට ,
නැට්ට නැති ගවයෙක් වගේ කෙනෙක්..
දළ නැති ඇතෙක් වගේ කෙනෙක්..
උල් දත් නැති කොටියෙක් වගේ කෙනෙක්..ජන්ග්කුක්ට සිහිය එනකම් ටේහ්යුන් මේ කාලෙට එයාගේ ලගින් හෙල්ලුනේවත් නෑ...ටේහ්යුන්ගේ ඇස්වලින් වැටෙන කදුලු වලට අහස ටිකෙන් ටික එලිය වෙන්නේ හරියට අනාවැකියේ කිව්ව දේවල් ඇත්ත වෙන්න හදනවා වගේ...
ඒත් ටේකුක් ආදරේ ??
අනාවැකියට අනුව ආදරණීය කදුලු ටේහ්යුන්ගේ ඇස්වලින් කොච්චර වැටුනත් එයාට ඕන විදියට ජන්ග්කුක්ට නම් තාම සිහිය ආවේ නෑ..ටේහ්යුන්ගේ හිතට ජන්ග්කුක් එයාට නැති වෙයි කියන බය ආවත් එයා ඒක ඉක්මනට නැති කරගන්න උත්සාහ කරනවා..එයා දන්නවා දැන් ඕන ටේහ්යුන්ව මිසක් ටේටේව නෙමෙයි...
ටේහ්යුන් බය වෙලා හුස්ම ගන්න අමාරු වෙන හැම වෙලේකම යූන්ගි ඉක්මනට එයාව තුරුල් කරන් සන්සුන් කරනවා..යූන්ගි නැත්තන් ජිමින් හරි ඒ දේ කරනවා..ජිමින් උනත් දැන් පිලිගන්නවා ටේහ්යුන් ජන්ග්කුක්ට ආදරෙයි කියලා.. ඒ ඇස්වලින් වැටෙන කදුලු ඒ ආදරේට සාක්ෂි දුන්නා..
ඒත් තාමත් ජන්ග්කුක්ගේ කිසිම හෙලවීමක් නෑ..මුලු ඇගම සීතලයි...අල්ලන්න බැරි තරම් සීතලයි..එක තප්පරේකට ජන්ග්කුක් දැක්කා නම් ටේහ්යුන්ගේ ඇස්වලින් බේරෙන කදුලු එයා කිසිම වෙලේක ඔහොම ඇස් වහගෙන ඉන්නේ නැතිවෙයි..
ජන්ග්කුක් සිහිය නැති උන වෙලේ ඉදන් ආරා පවා ඉන්නේ ඔහේ බලාගත්තු අත බලාගෙන..එයාට මේවා දරාගන්න බෑ...හැම වෙලේම හුරතල් කතා කියන එයාගේ චූටි මල්ලි මෙහෙම සද්ද නැතුව ඉන්නකොට දරුවෝ දෙන්නෙකුත් කුසේ තියන් ඉන්න ආරා කොහොම මේවා දරාගන්නද ??
ආරාගේ මේ හැසිරිම බලාගන්න බැරිම තැන හොබී ආරාගේ අකමැත්තෙන් ම ආයි එයාව එක්කගෙන මාලිගාවට ගියා..දරුවා ලැබෙන්න කිට්ටු නිසා ආරාට මෙහෙම දේවල් කොහොමත් හොද නෑ..

YOU ARE READING
Defenders Of The Degan || TK || Completed
Fantasyසාමය ඕන නම්, මුලින්ම සාමයෙන් ඉන්න ඕන !! මේක මගේ පලවෙනි bl story එක...කියවලාම බලන්නකෝ.. Defenders Of The Degan Top : taehyung Bottom : jungkook # Taekook # yoonmin # namjin # hoseokara