බී අ සුපර් ගර්ල්...!
සුපර් ගර්ල්?? මම මේ කියන සුපර් ගර්ල්ට පවර් එකක්වත් දුෂ්ටයෝ එක්ක ෆයිට් කරන්න වත් පුලුවන් වෙන්න ඕනේ නෑ..
මට හිතෙන්නේ බෑ කියලා හිතලා අතාරින්න හිතෙන හැමවෙලේම තමන් ගැනම විශ්වාස කරලා අලුතෙන් පටන් ගන්න හැමෝම සුපර් ගර්ල්ස්ලා කියලා..එක්සෑම් අමාරුයි , වැඩ අමාරුයි මට අරක නෑ මේක නෑ මැරෙන්න හිතෙනවා කියලා කියන ගොඩ දෙනෙක් ඉන්නවා.. සමහර නංගිලා ඉන්නවා ඉස්සර හොඳින් වැඩ කලා දැන් වැඩක් වෙන්නෙම නෑ මට පිස්සු වගේ ස්ට්‍රෙස් වගේ කියලා කියන..
මම නම් හිතන්නේ මැරෙන්න හිතෙන්න ස්ට්‍රෙස් වෙන්න ඔයාලා තාමත් චූටි වැඩී කියලා.. හරි හරි මාත් ඒ තරම් වයස නෑ ඉතින්.. ඒ උනාට බහුතරය චූටි ලමයි..
ඉගෙන ගන්න එක , එහෙම නැත්නම් සතුට වගේ දේවල් එක එක්කෙනාට සාපේක්ෂයි.. ඒ නිසා මම නම් කියන්නේ කා එක්කවත් කම්පෙයා කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳ කියලා..
යාලුවා පැය දහයක් විතර වැඩ කලාට ඔයා වැඩ කරන්නේ පැය දෙකක් තුනක් වෙන්න පුලුවන්.. ඒ ඔයාගේ දරා ගැනීමේ මට්ටම.. සමහරවිට ඔයා යාලුවට වඩා දක්ෂයෙක් වෙන්න ඇති.. මොකද යාලුවා පැය ගාණක් පාඩම් කරන දේ ඔයා ඉක්මනට ඔලුවට දාගන්නවා.. ඔයාට පුලුවන් වැඩ කරන පැය ගාණ ගැන නොහිතා ඔයා කවර් කරපු ප්‍රමාණය ගැන හිතලා සතුටු වෙන්න..
* වැඩ වැඩිම නම් පුංචි ටයිම් ටේබල් එකක් එහෙම නැත්නම් ශෙඩූල් එකක් හදාගන්න පුලුවන්..
ඒකෙන් ඔයාට ටයිම් මැනේජ් කරගන්න පුලුවන්.. ඔයාට පුලුවන් එකේ ක්ලාස් තියෙන වෙලාවල් ඔයාට ස්කූල් සෙශන්ස් තියෙන වෙලාවල් මාක් කරගන්න.. එතකොට ඔයාට පෙනේවී ඒ වෙලාවල් ඇරුනම දවසට පැය කීයක් නිකරුනේ නාස්ති කරනවද කියලා..* පාඩම් තේරෙන්නේ නැත්නම් යූ ටියුබ් එකෙන් බලන්න පුලුවන් ඔයාට..
ඒලේවල් මට්ටම වෙනකන් ඕනේ දෙයක් තියෙනවා යූ ටියුබ් එකේ සිංහලෙන්.. ඉතින් ඉගෙන ගන්න අමාරුයි කියන්න බෑ ඔයාට.. ඒවා බලලා හරි බැරි පාඩම් ඉගෙන ගන්න පුලුවන් ඔයාට..* ඔයාට පුලුවන් අරක බෑ මේක බැ මට වෙලා නෑ කියලා බොරු කම්ප්ලේන් කරන වෙලෙ ඒ දේවල් හදාගන්න උත්සහ කරන්න..