FIT INTO YOUR TIMELINE
අපි හැමෝටම අපිටම කියලා වෙන් උන ටයිම් ලයින් එකක් තියෙනවා. අපි කරන්න ඕන ඒ අනුව ගමන් කරන එක.
ඒක එහෙම කරන්න නම් අපිට සිද්ධ වෙනවා අනිත් අය එක්ක අපිටම කම්පෙයා කරන එක නවත්වන්න. ඇත්තටම මටත් ඒක ගැන තේරුම් ගන්න කල් ගියා. හෙමිහිට හිතලා බැලුවම තේරෙනවා මේ දේවල් අපිම තමයි සංකීර්ණ කරන් ඉන්නේ කියලා.
සමහර අය එයාලගේ ජීවිතේ විසි ගනන් වල ව්‍යාපාර පටන් ගත්තා ඒත් සමහර අය තවමත් ඉගෙන ගන්නවා.
තවත් කෙනෙක් අවුරුදු තිහේදි විවහා වෙලා සතුටෙන් ඉද්දි තව කෙනෙක් එයාගේ phd එක සම්පූර්ණ කලේ ඒ වයසෙදි..
තවත් සමහර අය රැකියාවක් කරද්දි තවත් අය නිදහසේ සංචාරය කරනවා
මේ වගේ එක එක මිනිස්සුන්ගේ ටයිම් ලයින් එක අනිත් කෙනාට හාත්පසින්ම වෙනස්. ඔයාගේ ජීවිතේ හැටියට නෙමෙයි ඔයාගේ යාලුවගේ ජීවිතේ යන්නේ..
අද ඔයාගේ යාලුවා එක්සෑම් හොඳට කරලා කැම්පස් ගිහින් අවුරුදු තිස් පහේදි පවුල් ජීවිතයක් ගෙවන්න පුලුවන්.. ඒත් සමහර විට එක්සෑම් එක දෙවෙනි පාරටත් ලියන ඔයා අවුරුදු තිස් පහේදි තවත් රටක විශ්ව විද්‍යාලයක මහචාර්යවරයෙක් වෙන්න පුලුවන්.
ඉතින් මං ඔයාට කියන්නේ අනිත් අයට මෙහෙමයි ඒත් මම මගේ වයසෙදි මොකුත් කරලා නෑ කියලා දුක් වෙන්න එපා කියලා..
තවත් මනුස්සයෙක්ගේ ටයිම් ලයින් එකකට කොටු වෙන්න එපා.. එහෙම කරලා ඔයාගේ ෆියුච සෙල්ෆ් එකට කරන්න තියෙන දේවල් නැති කරගන්නෙපා..
උදාහරණයක් හැටියට කිව්වොත් ඔයාගේ යාලුවෙක් මේ වෙද්දි සාර්ථක ව්‍යාපාරයක්, රස්සාවක් කලා කියලා ඔයා ඉගෙන ගන්න එක නවත්තලා දාලා ඔයාගේ යාලුවගේ ටයිම් ලයින් එකට ෆිට් වෙන්න යන්නෙපා.. ඔයා ඔයාගේ විදියට කල් අරගෙන හොඳට ඉගෙන ගන්න.. මාව විශ්වාස කරන්න ඉගෙන ගන්න දේවල් කවදාවත් අපතේ යන්නේ නෑ.. ඔයාට ඇත්තටම හිතෙනවා ඇති ඇයි මේවා ඉගෙන ගන්නේ රස්සාවකට ගියාම මේවා වැඩක් නෑනේ කියලා..
මටත් එහෙම හිතුනා.. සමහර සබ්ජෙක්ට් අදටත් අබිරහසක්.. ඒත් දැන් මට තේරෙනවා මං ඒවා ඉගෙන ගෙන තියෙන්නේ මගේම හොඳට.. මට දැන් පේනවා මං ඉගෙන ගත්ත දේවල් අනුව මට යන්න තියෙන පැති කොච්චරක්ද කියලා
ඉතින් මට ඔයාට කියන්න තියෙන්නෙ අනිත් අයගේ ජීවිත දිහා බලලා තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න යන්නේ නැතුව එයාලගෙන් ගන්න පුලුවන් හොඳ දේවල් අරගෙන ඒවා ඔයාට ගැලපෙන විදියට වෙනස් කරගන්න කියන එක.
කෙනෙක් සාර්ථක නම් ඔයා එයා වෙන්න උත්සාහ නොකර ඒ කෙනාව සාර්ථක කලේ මොනාද කියලා හොයලා බලන්න.. ඒවා ඔයාට පාවිච්චි කරන්න පුලුවන් මොන වගේ ෆීල්ඩ් එකකද කියලා බලන්න.. එහෙම කරන ගමන් ඔයා ඔයාගේ පාඩුවේ ගමන යන්න..
සමහරවිට තව අවුරුදු පහකින් ඔයාව ඉන්ස්පයර් කරපු කෙනාට වඩා ඔයා සාර්ථක වෙන්න පුලුවන්.. ඉතින් අනිත් අය එක්ක ඔයාගේ ජීවිතේ කම්පෙයා නොකර ඔයාගේ ටයිම් ලයින් එකට ෆිට් වෙන්න..
ඔයාව විශ්වාස කරන්න
පොඩ්ඩක් ඔයාට සමාජෙන් දීලා තියෙන රාමුවෙන් පිට බලන්න..
ඔයාට දවසක ඔයා දිහා බලද්දි පසුතැවීමක් ඇති නොවෙන විදියට ඔයාගෙම විදියට ජීවත් වෙන්න..
ඔයාව විශ්වාස කරලා ඉස්සරහ ප්ලෑන් කරගන්න..
හැබැයි මතක තියාගන්න.. ඉස්සරහ ප්ලෑන් කරත් ඔයාගේ අතීතේ මොන තරම් වැරදි තිබුනත් වර්තමානේ ජීවත් වෙන්න.. එතකොට ඔයා බලාපොරොත්තු වෙන අනාගතේට යන්න පුලුවන්..
ඔයාගේ ටාගට්ස් මතක තියාගන්න..
ඔයාට පුලුවන් !!!
ගුඩ් ගර්ල්ස් ඩු නොට් මේක් ද හිස්ට්‍රි බට් බෝල්ඩ් ගර්ල්ස් ඩූ.. !!
#නිම්