THOUGHT OF SUNDAY - SPARKLING STAR

51 23 9
                                    

දිනක් සුන්දර තරුණියක් බොහොම නිදහසෙන් සැහැල්ලුවෙන් කාර්‍යබහුල වීදියක ගමන් ගත්තා. ඈ සිටියේ සිනහ මුසු මුහුණෙන්. ඇගේ ඇඳුම් පැළඳුම් බොහොම ප්‍රසිද්ධ සන්නාමයකට අයත් ඒවා. නමුත් ඇගේ පෙනුම ඉතා සරලයි වගේම ප්‍රියමනාපයි.. ඈ නමින් ලිලී..

සෙමෙන් සෙමෙන් නිස්කලංක පරිසරයක් වෙත ලඟා වුනු ඈ ඒ අසලම තිබූ බංකුවකින් වාඩි වුනා. ඈ සිටියේ විශාල ජලාශයකට මුහුණලා.

සුළඟේ ඒ මේ අත යන අතරෙන් පතර රත් පැහැ ගැන්වුනු ඇගේ හිසකෙස් සිටියේ සතුටෙන්.

- මට ආපහු ඒ පුංචි කෙල්ලව එක පාරක් වැළඳගන්න තිබුනා නම්

ඈ සඳ එලියෙන් බබළන ජලය දිහා බලාගෙන කිව්වා. මොහොතකින් ඈ දුටුවේ කඩාවැටෙන තරුවක්. ඒ දෙස නෙත් අයාගෙනම සිටි ඈ දෑස් වසාගෙන ප්‍රාර්ථනාවක් කලා.


.



.



.

+ මේ මමද?

දෑස් විවර කරපු ඈට ඇසුනේ එහෙම. පුදුමයක්.. ඈ මොහොතකට පෙර සිහිකල ගැහැනු ලමයා දැන් ඈ අසල.. තරුණියගේ මුවේ ඇඳුනේ සිහින් සිනහවක්.

- හ්ම්ම් ඔව් ලිලී.. මේ අපි.. ඔයයි මායි

තරුණිය කියද්දි ගැහැනු ලමයගේ ඇස් සතුටෙන් දිලිසුනා.

+ මම...... අහ්ම්.. නෑ.... අපි ලස්සන වෙලා

- ඔව්ව්... අපි ලස්සන වෙලා...

+ ඔයා ඇඳන් ඉන්නේ අපි ආසම බ්‍රෑන්ඩ් එක නේද? දෙවියනේ අපි ඒක කලාද?

ගැහැනු ලමයා අහද්දි තරුණිය ඇගේ සියුමැලි අතකින් අල්ලගත්තා.

- හ්ම්ම්.. අපි ඒක කලා.... හැමදාම වගේ..

+ අපිට ෆස්ට් ක්ලාස් එකක් තිබුනද?

- ඔව්ව්.. අපිට ෆස්ට් ක්ලාස් එකක් වගේම අපි බැජ් ටොප් උනා..

එය ඇසු ගැහැනු ලමයගේ දෑස් තවත් සතුටෙන් පිරුනා.

+ අපි.. අපි ලෝකේ පුරහම ගියාද?

- ඔව්ව් අපි ගියා.. අපි ඉස්සරහටත් යනවා..

+ එතකොට අම්මයි තාත්තයි?

- එයාලා හොඳින් මගේ පැටියෝ.. එයාලා සතුටෙන් අපි ගැන

තරුණිය කිව්වේ ඈත අහසේ කොණක අතරමන් වෙමින්.

+ එතකොට අපිට බෑ කියලා කිව්ව අය? අපිව කොන් කරපු අය? එයාලා කෝ දැන්?

- ම්ම්.... කොහේහරි ඇති.. ඇත්තටම අපිට හොයන්න වෙලාවක් තිබුනේ නෑ

+ ඒක නෙමෙයි අපි තාමත් තනිකඩද?

එවර තරුණිය මඳක් ශබ්ද නඟලා සිනාසුනා.

- ඔව්ව්.. අපි තාමත් හැමෝටම බෑ කියනවා..

ගැහැණු ලමයගේ මුවෙත් ඇඳුනේ විසල් සිනහවක්.. ඈ කඳුලු පිරුණු දෑසින් තරුණියව වැළඳගත්තා.

+ ඔයාට හුඟක් ස්තූතියි සාර්ථක කෙනෙක් උනාට

- එතකොට මගේ පුංචි කෙල්ල.... ඔයාටත් හුඟක් ස්තූතියි හැමදේම දරාගෙන අල්ලගෙන හිටියට..

තරුණිය එසේ කියමින් ඈව තදින් වැළඳගද්දි අර ගැහැනු ලමයගේ රුව හෙමින් මැකිලා ගියා.. තරුණියගේ දෑස් තිබුනේ කඳුලු වලින් වැසිලා උනත් ඒ සතුටු කඳුලු..

- ඉතින් ලිලී..... ඔයාට හුඟක් ස්තූතියි... ඔයා හොඳට කලා ලිලී.. !





නම්ජූනිගේ වීඩියෝ එකක් දැකලා මේක ලියන්න හිතුනේ.. ලිව්ව එක තේරුනා නම් ඔයා ඒක බොහොම සංයමයෙන් කියවලා..

ඔයාගේ ඇතුලේ ඉන්න හිත හයිය කෙල්ලට වැටෙන්න දෙන්නෙපා ! ❤️


ඔයාගේ ඇතුලේ ඉන්න හිත හයිය කෙල්ලට වැටෙන්න දෙන්නෙපා ! ❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THOUGHT OF SUNDAY Where stories live. Discover now