ආදරණීය මිනිස්සු !
අපිට ජීවිතේ පුරාවට හරි පුදුම විදියේ මිනිස්සු හම්බවෙනවා..
සමහර අයව අපි අඳුනන්නේ නෑ.. ඒත් හරි හුරුපුරුදුයි.. සමහර මිනිස්සුන්ව අපි අඳුනනවා ඒත් හරිම නුහුරුයි..
ඔය දෙගොල්ලොම අතරෙ ඉන්නේ හුඟක් වෙලාවට තමන්ගේ හැඟීම් හන්ඟගෙන ලෝකෙට පේන්න හිනාවෙන මිනිස්සු !
තවත් අය හැඟීම් හන්ඟ ගන්නවා වෙනුවට තමන්ගේ ඍනාත්මක සිතුවිලි අනිත් අයටත් ස්ප්රෙඩ් කරන අය..
සමහර ආදරනීය මිනිස්සු අපි එක්ක රැඳෙන්නේ බොහොම ටික කාලයක් උනත් ඒ අය ඉතුරු කරලා යන මතක හරි පුදුමාකාරයි..
මං හිතන්නේ ඒ මතක හුඟ කාලයක් අපි එක්ක ජීවත් වෙනවා.. ඒවා සුන්දර උනත් අමිහිරි උනත් !
ඉතින් කවුරු මොනා කිව්වත් ඔයා ඔයාගේ ජීවිතේ ලස්සන මතක , අවස්ථා වගේ දේවල් සමරන්නම ඕනේ..
ඔයා ගැන ඔයා ආඩම්බර වෙන්නම ඕනේ.. මොකද ඔයා හරි ආදරණීය මනුස්සයෙක් ! මං ඒක ඊයේ දැක්කා !
දන්නවද ආදරණීය මිනිස්සු කියන්නේ කාටද කියලා?
ආදරණීය මිනිස්සු කියන්නේ අමාරු කාල වලදි අල්ලගෙන ඉස්සරහට යන අයට.. අනිත් අයට වචනෙකින් හරි උදව් කරන අයට.. පොසිටිව් දේවල් ස්ප්රෙඩ් කරන අයට
ඔයාට ඔයාව අගය කරන්න බැරි නම් කමක් නෑ.. ඒත් නෙගෙටිව් දේවල් තමන්ටම කියාගෙන ඔයාගේ ඇතුලේ ඉන්න හිත හයිය කෙල්ලව වට්ටන්න එපා !
එක පුංචි දේකට පුලුවන් ඇත්තටම අපිට බලාපොරොත්තුවක් දෙන්න..
හරියට මම ඊයේ ඔයාලගෙන් සන්ඩේ තෝට්ස් දාන්නද ඇහුවා වගේ.. ඩෙඩිකේශන් ටික විතරක් දාලා යන්න එන මට දැන් ඉරිදට ඇවිල්ලා මොනාහරි කියලා යන්න හේතුවක් තියෙනවා..
ඇත්තටම අපිට එන කරදර නිසාවත් , ප්රශ්න නිසාවත් , අනිත් අය නිසාවත් අපේ හොඳ පුරුදු නැති කරගන්න හොඳ නෑ..
හරියට ඔයා කෙනෙක්ව අගයනවා වගේ දේවල්
හරියට ඔයා ඔයා වෙනුවෙන් මහන්සි වෙනවා වගේ දේවල්
හරියට ඔයා ඔයා ගැනම විශ්වාස කරනවා වගේ දේවල්
හරියට ඔයා කොච්චර අමාරු උනත් පරාද උනත් ඉස්සරහටම යනවා වගේ දේවල්..ඒවා නැති වෙන්න ඕනේ නෑ කවුරු නිසාවත්.. මොකද ඔයාලා ආදරණීය මිනිස්සු !
ඒ වගේම මට ඊයේ හුඟ දෙනෙක් කිව්වා සන්ඩේ තෝට්ස් දාන්න කියලා.. අඩුම මැසේජ් පනහකට එහා ආවා.. සමහර අය මම දන්නෙත් නෑ.. ඒ ප්රමාණය 1%ක් උනත් ඒක 0%ක් වෙනවට වඩා හොඳ නැද්ද?
ඒත් එයාලගෙ වචන හරි ආදරණීයයි.. ඇත්තටම ආදරණීයයි..
සමහර ඒවා අක්කේ මට මේ පාර එක්සෑම් මාක්ස් හුඟක් වැඩී , අක්කේ මගේ මේ ප්රශ්නෙට උත්තර හම්බවුනා , අක්කේ මං ඒවා දානවට හරි කැමතියි , අක්කේ සමහර ඉරිදාවල් තිබුනා මං ඔයා නිසා අල්ලගෙන ඉඳපු..
ඒ වචන ඇහෙද්දි හිතට හරි සනීපයි.. සැහැල්ලුයි.. හුඟක් ස්තූතියි ඔයාලට.. මං ඒ නිසයි කිව්වේ ඔයාලා හරි ආදරණීය මිනිස්සු කියලා..
මම නොදන්න ඒත් ඔයාලා විතරක් දන්න ඔයාලගේ හීන වලට හරියන්නම ඕනේ !
ඉතින් මං කැමතියි ඉස්සරහටත් ඒ ආදරණීය මිනිස්සුන්ට හරියනවට.. !
සැ.යු. - ඕහ් එක්සෑම් පාස් උන කැම්පස් සිලෙක්ට් උන හැමෝටම ගුඩ් ලක්.. මං පරක්කුයි විශ් කරන්න.. ඒත් ගුඩ් ලක් !
කොළඹ කැම්පස් එක තෝරගත්ත නංගිලා ඉන්නවා නම් කියන්න අපි හම්බවෙමු..