THOUGHT OF SUNDAY

61 21 4
                                    

උපුටාගැනීමකි

මං නිදහස් කුරුල්ලෙක් ! ~

නිවසක් 'ගෙයක්' වෙන්නේ ඒ ගෙදර තට්ටු ගාණෙන් නෙවෙයි.
ගමනාන්තයක් 'ලස්සන' වෙන්නේ ඔයා ඒ ගමන යන වාහනේ වටිනාකම අනුව නෙවෙයි.
බැඳීමක් 'ලස්සන ' වෙන්නේ සැප සම්පත් ගොඩ ගැහුවට නෙවෙයි.

මොකද මං දැකලා තියෙනවා ,

කෝටි ගණං වියදං කරලා තට්ටු ගණං ගෙවල් ගහපු මිනිස්සු ඒ ගෙවල් ඇතුළට වෙලා බුම්මගෙන ඉඳලා විඳවන හැටි. එහෙමත් නැත්නම් ඒ ගේ දාලා එලියට බැහැල යන්න බැරුව බයේ ගේ මුර කරන හැටි. හොරු පනියි කියලා ගෙදර පරිස්සං කරගන්න දඟලන හැටි !

මොකද මං දැකලා තියෙනවා ,

කෝටි ගාණක වාහන වලින් එහෙට මෙහෙට යන මිනිසුන්ට , ගමනක් ගිහින් සතුටින් සැහැල්ලුවෙන් ආපහු එනකන් ඉන්න බැරි හැටි. මඟදිත් රණ්ඩු වෙන හැටි. අවට පරිසරයකවත් ලස්සනක් දකින්න බැරි හැටි .

මොකද මං දැකලා තියෙනවා,

සල්ලි සල්ලි ගගා දේවල්  හම්බ කරන්නම ජීවිත වැය කරපු මිනිස්සුන්ට අන්තිමට මානසික නිදහසත් නැතුව , ඉවරෙකුත් නැති ටාර්ගට් පස්සෙ දුව දුවා ජීවිතේ විඳවන්න වෙලා තියෙන හැටි. අරයා ගත්ත එකට වඩා හොඳ එකක් මට ඕනෑ, මෙයාට වඩා ලක්ශරි ලයිෆ් එකක් මට ඕනෑ ! අසීමාන්තිකව දේවල් හඹාගෙන යන මිනිසුන්ගේ පීඩනය කියන්නෙ අමුතු දෙයක් .

ඊළඟට ඉතින් ඩිප්‍රෙශන් , ඇන්සයිටි, ඩිසපොයින්ට්මන්ට්ස් , ස්ට්‍රෙස් , රෑට නිදාගන්න බෑ , අමුතු ඇන්ගර් ඉශූස් බ්ලා බ්ලා බ්ලා.

මං දන්නේ නෑ මිනිසුන්ට මානසික නිදහස තරම් වටින දෙයක් තියෙනවාද කියන්න.
මට කෝටි ගණං ගෙවල් දොරවල් යාන වාහන එක්ක මානසික නිදහස අහිමි ජීවිතයක් ලැබෙනවා නම් මං කරන්නේ ප්‍රතික්ෂේප කරන එක. මොකද මං නිදහස් කුරුල්ලෙක්.

මට මෙතන ඉන්න එක සතුටක් නිදහසක් නැත්නම් , මං කරන්නේ අහකට පියාඹන එක. අලුත් දෙයක් කරන එක..අලුතින් දෙයක් හොයන එක. කොටින්ම කියනවා නම්  මගේ මානසික නිදහස රැක ගන්න එක.

එහෙම නොකර විඳවන ගැහැනු , මිනිස්සු ගැන මට තියෙන්නෙ අනුකම්පාවක් විතරයි !

මොකද මං නිදහස් කුරුල්ලෙක්.
ඔයා ඒ ගැන මට ඉරිසියා කරන්න එපා !

#පතොක්මල්byPoori
#Poornima_Mirihagalla

උපුටාගැනීම අවසන්... සියලුම අයිතීන් මුල් අයිතිකරු සතු වේ...

..

ඔයාලට කාටහරි උදව්වක් වෙන මොනාහරි ශෙයා කරන්න තියෙනවා නම් මේල් ( ප්‍රොෆයිල් එකේ ඇති ) එකක් දාන්න.. යූසර් නේම් දාන්න අමතක කරන්නෙපා..

කීප දෙනෙක් රික්වෙස්ට් කරලා තිබුනා ස්ටඩී ගෲප් එකක් හදන්න කියලා.. ඇත්තටම මං දන්නේ නෑ එහෙම එකක් හදලා මං මොකද කරන්න ඕනේ කියලා.. මොකද මාත් බිසී නිසා ඔයාලා එක්ක වැඩ කරන්න වෙන්නේ නෑ ඉඳලා හිටලා ඔලුව දාලා යනවා ඇරෙන්න.. මට මතක හැටියට ස්ටඩී විත් ගිමී කියලා එකක් තිබුනා ටෙලිග්‍රෑම් එකේ.. ඒකේ එයා FB දාන දේවල්ම දානවා.. ඒකට ජොයින් වෙන්න..

ඔයාලා අතරේ දැනුම ශෙයා කරන්න කැමතී නම් විතරක් කට්ටියට ටෙලිග්‍රෑම් ගෲප් එකක් හදලා දෙන්නම්..  මොකද මම කැමති නෑ වට්සැප් නම්බ් එක ශෙයා කරගන්න.. ( දන්නවනේ මේකේ ඉන්න සමහර අය නිසාමයි ඒක අයින් කලේ )

මට නම් එන්න වෙන්නෙ නෑ ඉතින්.. අනිත් එක සබ්ජෙක්ට් වෙනස් නිසා ඒක ප්‍රැක්ටිකල් මදි..  හැබැයි අනවශ්‍ය විදියට මැසේජ් දාලා ඉගෙන ගන්න ලමයින්ට කරදර කරන්නෙපා..

#නිම්




THOUGHT OF SUNDAY Where stories live. Discover now