THOUGHT OF SUNDAY

59 21 8
                                    

ද ෆෝල්ට් ඊස් යුවර්ස් !

.

+ ඇයි දුකෙන්?

- එයා කවදාවත් මං එක්ක හිටියේ නෑ

+ කවුද?

- දෙවියෝ !

+ ඇයි එහෙම කියන්නේ?

- මොකද මං ප්‍රාර්ථනා කරපු කිසිම දෙයක් එයා මේ වෙනකන් දුන්නේ නෑ..

+ ඉතින් මොනාද ඔයා ප්‍රාර්ථනා කලේ?

- සතුට ! ලස්සන ජීවිතයක් ! මගේ සාර්ථකත්වය ! මගේ මානසික නිදහස

+ ඉතින් ඔයා මොනාද කලේ ඔයා වෙනුවෙන්?

- මට තේරුනෙ නෑ..

+ ඔයා දෙවියන්ගෙන් ඉල්ලපුවා ලබාගන්න මොනාද කලේ?

- මුකුත් නෑ ! මට බැරි නිසානේ මම එයාගෙන් ඉල්ලුවේ !

+ ඉතින් බෑ කියලා කියන්නේ ඔයා උත්සහා කලාද?

- නැහෑ !

+ එහෙනම්?

- මං දන්නවා මට බෑ කියලා ඒකයි මම උත්සහා නොකලේ

...........................

- ඇයි හිනා වෙන්නේ? මට බැහැ කියන එක ඔයාට විහිලුවක්ද?

+ හ්ම්ම්.. විහිලුවක් නම් තමයි.. හැබැයි ඔයාට බෑ කියන එක නෙමෙයි විහිලුව.. ඔයා බෑ කියලා හිතාගෙන උත්සහා නොකරපු එක.. ඇයි බෑ කියලා හිතුවේ උත්සහා නොකර?

ඔයාට බෑ උඩ ඉන්න කෙනාගේ ඇඟට සම්පූර්ණ වැරැද්ද දාලා ඔහේ බලන් ඉන්න.. ඇයි ඔයාට ඕනේ දේවල් ලඟා කරගන්න උත්සහා නොකර එයාට බනින්නේ?

- නිකන් ! මම ඉස්සර ඉඳන්ම කලේ ඒක.. මං හිතන්නේ මට අමතක උනා

+ මොකද්ද?

- උත්සහා කරන හැටි.. !

+ හ්ම්ම්.. මේක මතක තියාගන්න.. නතින්ග් ඊස් ෆ්‍රී හියර්.. ! සෝ දිස් ඊස් යුවර් ෆෝල්ට් , නොට් හිස් !


ඔයාගේ ජීවිතේ ගැන වගකීම තියෙන්නේ ඔයාට.. ඔයා සතුටෙන්ද දුකෙන්ද නැත්නම් ඔයාට ඕනේ දේවල් ලැබිලද නැද්ද කියලා තීරණේ කරන්නේ ඔයාමයි.. ඉතින් ඔයාගේ වැරදි අනිත් අයගේ පිට දාන්නෙපා..

ඔයාගේ වැරදි හදාගෙන මයින්ඩ් එක හදාගෙන ඉස්සරහට යන්න.. ඔයා ගැන විශ්වාස කරන්න..

එතකොට ඔයාට ඕනේ දේවල් ලැබෙයි

.

මට කියන්න මේ සතිය කොහොමද කියලා

මට කියන්න ඔයා කොහොමද ඔයාගෙම අනාගතේ වෙනුවෙන් මහන්සි උනේ කියලා

මට කියන්න ඔයාගේ හිතට එන ඕනෙම දෙයක්

අදට විතරක් අපි නිදහසේ කතා කරමු මෙතන... !

Ps. කලින් දාන්න හිතුනා 🙂 හවස් වෙද්දි මට අමතක වෙනෝ 🙂

#නිම්

#නිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
THOUGHT OF SUNDAY Where stories live. Discover now