"මට....මට මින්ට් චොකලට් අයිස් ක්‍රීම් එකක් ඕනෙ"
ටික වෙලාවක් අපි දෙන්නා අතරම තිබ්බෙ නිහඩතාවක්...කොහොම අමතක කරන්නද ඒ දවස...ජීවිතේ එහෙම් පිටින්ම කනපිට ගැහුණු ඒ දවස...මගේ කුකීට මින්‍ට් චොකලට් ගේන්න ගියපු දවස...ටික වෙලාවක් ඒ අතීතෙ ගිළිලා හිටපු මන් මේ ලෝකෙට ආවේ කුකී කතා කරනවා ඇහිච්ච නිසා...
"අනී...නූනා මට මුකුත් ඕනෙ නෑ ..මන් කිව්වෙ මන් මේ...
"අපි දෙන්නා දැන් ගිහින් අයිස් ක්‍රීම් කමුද ම්ම්?"
මන් හිනා වීගෙනම ඒ මූනට ළං වෙලා ඇහුවෙ කුකී දුකින් වගේ හිටිය හින්දා...මොන දේ උනත් අපිට දැන් වෙච්ච දේවල් වෙනස් කරන්න බෑනේ...ඉතින් මොනවා උනත් මගේ කුකී ඉල්ලන ඕනෙ දෙයක් මන් කුකීට දෙනවා..
"චින්චා....ඇත්තටමද නූනා"
බනී ස්මයිල් එකත් දාගෙන චූටි බබෙක් වගේ ඇස් දෙකත් ලොකු කරන් මගෙන් අහද්දි මන් ඔව් කියන්න ඔළුව වැනුවේ කුකී හිනා වෙවී උඩ පනිද්දි...
මායි කුකියි දෙන්නම ලෑස්ති වෙලා පයින්ම පාරට බැස්සෙ ළගම තියන අයිස්ක්‍රීම් හට් එක ළගට යන්න...රෑ වෙලා කොච්චර සීතල උනත් මේ වෙලාවට කන අයිස්ක්‍රීම් එකේ රහ දන්නෙ ඒක කාලා තියන අයම විතරයි...මන් අන්තිමට අයිස්ක්‍රීම් කාලා දැනට අවුරුදු අටක්..පපුව පිරෙන්න ලොකු හුස්මක් අරන් ඒක පහළට දාපු මන් කුකීගෙ අතේ එල්ලුනේ ඒ මගෙ එකම සැනසීම හින්දා...පාරෙ ඉන්න කෙල්ලො කුකීට හිනා වෙවී මට රවනවා...පුහ්...මන් සැලෙයි ඕවට..ඔය උඩැක්කි ටික මගෙ කොල්ලට පැණි හලන්න හිතුවා මදි....
"නූනා.."
"ම්ම්ම්"
"මෙහෙම ඉන්න එක හරි නිදහස් නේද"
"ඇත්තටම ඔව් කුකී...රෑ හුළං හරිම සීතලයි...ඒ සීතල මැද්දෙ ඔයත් එක්ක මෙහෙම අතින් අල්ලං යන්න නූනා හැමදාමත් ආසයි ගොඩාරියක්"
මන් කුකීගෙ අත තවත් තද කරන ගමන් කිව්වා...කතාවෙන් කතාවෙන් අපි අයිස්ක්‍රීම් හට් එක ගාවටම ඇවිල්ලා..
"අපිට මින්ට් චොකලට් එකකුයි ඔයාට......
"මටත් ඒකක්ම ගන්න කුකී"
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්‍රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...