"කෝ ආ ගාන්නකො මැණික..""අනේ ඇති ඔම්මා.. බණ්ඩි ෆුල්නෙ දැන්.."
පරණ මතක ආපහු ඇවිස්සෙද්දි කන්නවත් පිරියක් නොතිබුණු මම එහෙම්මම සෝෆා එකේ ඇල උනා..
ජිමිනිගෙ අම්මා දාහක් කතා කිය කිය මට කවන්න හැදුවා උනත් ඒ එක කටක්වත් උගුරෙන් පහලට නොගිහින් හිරවෙද්දි මගෙ ඔළුව ඇතුලෙ වැඩ කරපු එකම දේ ආපහු මට ඒ ජරා මිනිහගෙ අතින් විනාස වෙන්න වෙයිදෝ කියන එක විතරක්ම වෙනකොට ඔළුව පුපුරන්න තරන් වේදනාවක් ආවා..මෙහෙට ආවත් හරි මන් තාම එකපාරක්වත් ජිමිනිව දැක්කෙ නෑ.."ජිමින් කොහෙද ගියේ ඔම්මා..."
"කවුද දන්නෙ පුතේ.. මටවත් නොකියනෙ ඉගිල්ලිලා ගියේ.."
ජිමින් ගැන හිත හිත හිටපු මට නොදැනිම නින්ද යද්දි කොච්චර වෙලා නිදා ගත්තද කියලා දන්නෙ නැති උනත් ඔළුව පුරා එහෙ මෙහෙ යන සිනිදු අතක පහසට මන් ඇස් ඇරියා..
"මිනී.."
"නැගිට්ටද චූටි..."
මන් සෝෆා එකේ කෙලින් වෙලා වෙලාව බලද්දි රෑ අටත් පහු වෙලා...
"ආයිශ්.. ජිමිනා.. හොදටම පරක්කුයිනෙ....."
"ප්‍රශ්නයක් නෑ මන් කුකීට කිව්වා.."
"කිව්වා.. මොනාද කිව්වෙ...උදේ සිද්දිය ගැනද..අර මිනිහා ගැන කිව්වනං ඔයා කකුල් දෙකෙන් ගෙදර එන්න විදිහක් නෑ හැබැයි.."
"හම්මෝ ඔව්.. මන් කිව්වා ඔෆිස් එකේ වැඩ වැඩි හින්දා ටෙන්ශන් එකට ෆේන්ට් උනා කියලා..."
ෆූ... ඔයින් ගියා මදෑ.. නිකන් හරි අර යස්ස කොල්ලට මේ ගැන ඉවක් හරි වැටුනනං උගෙත් කකුල් කඩලා මගෙත් කකුල් කඩලා ඉතුරු ටිකට ජිමින්ගෙත් බෙල්ල කඩයි..
"චූටි අපි යමුද.. කුකී බලන් ඉන්නවනේ..
එයා පව් චූටි..කිව්ව සැනින් ඇස් වල කදුළු පුරෝගෙන..තව ටිකෙන් මටත් ගහනවා මහ ලොකු යාළුවො උනාට ඕනම වෙලාවෙදි ළගින් නැති තොපි වගේ උන් වැඩක් නෑ කියලා.."මේ කොල්ලා නං...
"බියානේ ජිමිනා.. මන් කුකීට කියන්නම්කො.. ඔයා අවුල් ගන්න එපා.."
"පිස්සුද චූටි.. ඒ කොල්ලා ඕවා කියන්නෙ හිතේ දුකටනේ.. එන්න අපි යමු ගෙදර.."
.
.
.
_________________
YOU ARE READING
Without me
Fanfictionලස්සනට ගලාගෙන ගියපු ජීවිත එක පාරටම විනාස කරපු කුණාටුවක්.. තමන්ගෙ ජීවිතේම තමන්ගෙ මල්ලි වෙනුවෙන් කැප වුණු ආදරණීය සොයුරියක්.. තමන් වෙනුවෙන් කැප වුණු සොයුරියට පනටත් වඩා ප්රේම කරන සොයුරෙක්.. බාධක මැදින් හුස්ම අල්ලන ජීවිතත් එක්ක අභියෝග වලින් පිරුණු කතාවක...