🐱 ජින් හ්යොන් ..... මට කියන්න දෙයක් තියෙනවා....
___________________________________________හැමෝම suga දිහා බැලුවේ පුදුමයෙන් වගේ ...මොකද මෙච්චර වෙලා එයා කලේ හැමෝම කියපු දේවල් අහගෙන නිහඬව හිටපු එක.....
🐱 මේ දේ ඔයාලා විශ්වාස කරයිද නැද්ද දන්නේ නෑ... ඒත් මම දැක්කා jungkook වගේ කෙනෙක් ජිමින් කිව්ව ඒ ගල්තලාව උඩ ඉදගෙන අපි දිහා බලාගෙන ඉන්නවා... ඒ වෙලාවේ මම නිදාගෙන තමයි හිටියේ.. ඒත් අකුණු සද්දේට මම ඇහැරුනා... මම වටපිට බලනකොට තමා jungkook ව දැක්කෙ... මම හිතුවේ එක හීනයක් කියලා... ඒත් ජීමින් කිව්ව දේ එක්ක මට හිතෙනවා ඒ හිටියේ jungkooka කියලා... මට විශ්වාසයි මම ඒ වෙලාවේ දැක්කෙ jungkok ව කියලා..... මියාන්හේ.... ඒක මට හරියටම විශ්වාස නැති නිසයි ඔයාලට නොකියන්න හිතුවේ....
🐨 ක්වෙන්චනා හයොන්...... බලමු මම මේක ගිහිල්ලා pd nim ට කියන්නම් මොකක්හරි දෙයක් වෙලාද දන්නෙ නෑනේ අපේ කොල්ලාට.....
පොඩ්ඩා ගැන කොල්ලො 6 දෙනාට අලුත් බලාපොරොත්තුවක් දීලා namjoon office එක පැත්තට යන්න ගියා....
__________________🌀🌀🌀🌀______________
ඊළග දවස් තුනම ජන්කුකුයි එමී දියඇල්ල ළග පුරුදු විදිහටම ගෙවලා දැම්මා. දවල්ට ගිහිල්ලා ගස්වල ගෙඩි හොයාගන්න ගමන් කවුරු හරි හම්බවෙයි කියලා පාර දිගේ ඉස්සරහට යන ජන්ග්කූක්ට කවුරුවත්ම හම්බුනේ නම් නෑ ..... ඇතුලට යන්න යන්න කැලෑවෙ තිබුණ මූසල ගතිය වැඩිවෙන නිසාම jungkook හිතා හදාගෙන ආපහු දියඇල්ල ලඟට එන්නේ එතනදි ලොකු ආරක්ෂාවක් වගේම හිතට ලොකු නිදහසක් දැනෙන නිසා....
වෙනදා වගේම jungkook කෑම හොයාගෙන එන්න කැලෑවට ගිහිල්ලා තිබ්බේ...
ඊයේ නම් මරු අනේ..... Jungkook ට හොදට නටන්නත් පුළුවන් සින්දු කියන්නත් පුළුවන්..... අම්මෝ voice එකේ ලස්සන... දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන්.....එයා මාරම ටැලන්ටඩ්.... මම ඊයේ එයාට සිංහලෙන් එයා ගැන කියන්න ඉගැන්නුවා.... හැමදේම ඉක්මනට ඉගෙන ගන්නවා.... මමත් සින්දුවක් කියලා පෙන්නුවා... ඇති ඒ දේවත් මට පුළුවන් උනා...🥴🥴 මැන්ටලේ හැමවෙලේම කියවන්නේ මෙයාලා ගැනද දන්නේ නෑ.. ශික් කොච්චර පෙන්නුවත් ඒ මුණු මතක හිටින්නෙ නෑනේ.... වැඩිය කතා කරන්නෙත් නෑනේ මෙයා... නැත්නම් අහගන්න තිබ්බා... හැම එකටම ඔලුව වනනවා විතරයි..... අපි මෙහෙන් යනකොට එයාට ඔලුව වෙනම ඇග වෙනම අරගෙන යන්න වෙයිද දන්නේ නෑ.... 😅😅 ඕ..... ඉර එලිය.....☀️☀️
YOU ARE READING
Beyond the Imagination
RomansaIt's a story about a world famous idol and a normal girl from a small island. They faced an unexpected incident one day and this story tells about how will they face their future with this .