ගුහාව ඇතුලට යන්තමින් ඉර එළිය වැටිලා කුරුල්ලොන්ගේ සද්දෙ ඇහෙනවාත් එක්කම එමී ට ඇහැරුනා. ඊයේ වුණ සිදුවීම් එක පෙළට මතක් වීගෙන එනකොට කෙල්ලට හිනාවකුත් ගියා. එයාගේ උරහිසට ඔලුව තියාගෙන එයාව තදින් බදාගෙන තවමත් නිදාගෙන ඉන්න ජංකුක්ව ඇහැරවන්න කෙල්ලට කිසිම උවමනාවන් තිබ්බේ නෑ.ඒත් ටිකකින් එයා ඇහැරුනා කියලා දැනුන නිසා කෙල්ල හිමීට ඔලුව ඉස්සුවා. ගැස්සිලා එමිගෙන් අත් දෙක අහකට ගත්තා කොල්ලා එමී ව ටී ශර්ට් එකෙනුත් එලියට ගත්තා. තවමත් කොල්ලා හිතන්නේ ඊයේ උන දේ ගැන....
Good morning එමී ශී... ඊයේ හොදට නින්ද ගියාද..?
හ්ම්.....
කොල්ලා ඒ වගේ උත්තරයක් බලාපොරොත්තු නොවුන නිසා එමී ගේ මුන දිහා බලද්දි එයා තමන්ගේ මුන දිහා බලාගෙන ඉන්නවා .......
මොනවද බලන්නේ .....
නෑ අනේ ...ඔයා මාරම cute අනේ ...... හා පැටියෙක් වගේ.....
හැමෝම එහෙම කියනවා .... ජංකුක් එයාගේ හා දත් දෙක පෙන්නලා හිනා වෙන ගමන් ඇස් දෙකෙන් එමී ට පෙන්නුවේ එයා තවමත් ඉන්නේ කොල්ලගේ ඔඩොක්කුවෙ කියලා ......
ආ ..... සොරි ජින්..... විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ ......
දිගටම එහෙම ඉන්න ඕනේ වෙලා වගේ....😌 නේද එමී ශි...😉
යා.....ජින්.... මම හැමවෙලේම කියනවා මගේ නම එමිෂා.... ඇයි මේ හැම වෙලේම එමිශි එමිෂි කියන්නේ .... ඔයාලගේ හෝඩියේ ශා එක්ක නැද්ද......😒
ජංකුක් කට කොණකින් හිනා වෙලා අදින් පස්සේ ශි කියන්න ඕනේ නෑ...😌
ඕනේ මගුලක්..... නමක් කියන්න දන්නේ නෑ හරියට..😒
එය දන්නේ නෑනේ කොරියන් අය නොදන්නා කෙනෙක්ට කතා කරනකොට ශි කෑල්ල දානවා කියලා..😂
Jungkook Pov:
ආයිශ්....... ඊයේ රෑමයි මතක් වෙන්නේ..... එයත් react කරානේ.... ඔයාගේ වැරැද්දක් නෑ කොල්ලො.... එයත් ඔයාට කැමති වගේ.....එයා දන්නේ නෑනේ මේ දෙවැනි කිස් එක කියලා... ඒහින්ද හොදයි......මම එයාට කියනවද මම කවුද කියලා... ඒත් එයා එතකොට මම බොරු කර කියලා මාත් එක්ක තරහා වෙයි...එයා කැමති එයත් එක්ක හැම වෙලේම ඉන්න පුළුවන් සරල කෙනෙක්ට... ඉතින් ඒ වගේ ආදරයක් මට දෙන්න කොහොමත් බෑ... මම ගොඩක් busy life එකක් ගත කරන්නේ... ආයිෂ්.... මම කලේ වැරැද්දක් ද.... ඒත් මම එයාට ඇත්තටම ආදරෙයි... මම ආයෙ ගියත් මට එයාව මගේ ලඟට ගන්න පුළුවන්... ඒත් එමී ඒ වගේ ජිවිතෙකට කැමති වෙයිද.... අනේ මට එයත් එක්ක දිගටම මෙහෙට වෙලා ඉන්න ඕනේ.... ඒත් ඒ කොච්චර කාලේකටද .... ඇයි අපි දෙන්නටම මෙහෙම වුණේ...... මේ ඉන්න දවස් ටිකේ පුළුවන් තරම් එයත් එක්ක සතුටින් ඉන්නවා.... මොකද මගේ පළවෙනි ආදරේ ඔයා එමී..... මට කවදාවත් අමතක කරන්න බෑ...... මගේ පිස්සු කෙල්ලව........
එක පාරට ම කොල්ලාට දැනුනේ කම්මුලට .....

YOU ARE READING
Beyond the Imagination
RomansaIt's a story about a world famous idol and a normal girl from a small island. They faced an unexpected incident one day and this story tells about how will they face their future with this .