10

10 3 1
                                    

හරියටම පෝය දවසේ උදේ වෙනකොට දෙන්නටම ආපහු එයාලා මුලින්ම හමුවුණු ගල්තලාව ලඟට එන්න පුළුවන් උනා. එන අතරමග දෙන්න අතරේ ලොකු කතාබහක් තිබුණේ නෑ. මොකද දෙන්නගේම හිතේ උත්තරේ නැති ප්‍රශ්න දහස් ගානක්. මොකද අද රෑ තමයි එයාලගේ ජීවිතේ තීරණාත්මකම රාත්‍රිය. එමීට නම් කොහොමත් ජංකුක්ව දාලා යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. ජන්කුක්ටත් එහෙමයි. ඒත් එයා දන්නවා එයාට ආයෙමත් එමී එයාගේ ලඟට ගන්න පුළුවන් කියලා. එනිසා එයාට ඕනේ වුණේ කොහොමහරි මේ කැලෑවේන් යන්න. කොල්ලාට විශ්වාසයක් තිබුණා එයාව කොහොමහරි එයාගේ හයුන්ග්ලා ටික හොයාගනි කියලා. ඒත් එමී නම් හිතුවේ එයාගේ අම්මයි තාත්තයි එයා මැරිලා කියලා හිතාගෙන ඇති කියලා. මොකද ගෙදර ගල්තලාව උඩ හිටපු ළමයා එක පාරටම නැති වෙලා, මාසයක් හෙව්වත් හම්බුනේ නැති වුණාම ...... එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්.... ඒ වගේ දේවල් වලින් එමී ආත්ම විශ්වාසය අතින් හොඳටම දුර්වල වෙලයි හිටියේ.... ඒත් ජංකුක්නම් එයාගේ අයියලව එයටත් වඩා විශ්වාස කරන නිසා ලොකු බලාපොරොත්තුවකින් හිටියේ.....
එයාගේ හිතෙත් බයක් නො තිබූනාම නෙවෙයි ... හදිස්සියේ වත් යන්න බැරි වුනොත් මේ තෙරක් නොපෙනෙන මිනිස් පුළුටක් නැති කැලෑවෙ මොකක්ද කරන්නේ ......
ගල්තලාව උඩට ආපු දෙන්නා එතන ඉදගත්තා. ටිකක් වෙලා ආපහු කැලෑව දිහා බලාගෙන ඉදලා ජංකුක් එයාගේ අත එමිගේ අත උඩින් තිබ්බේ එමී ව එයාගේ පැත්තට හරවාගන්න ගමන්...

Jk: දැන් ඇති මැණික කල්පනා කරා... හ්ම්... ඔයා හිතන්නේ මම ගැන කියලා මම දන්නවා ...... ඔයා මාව විශ්වාස කරනවා නේද...... හ්ම්ම්..... ඔයාට මාව විශ්වාස කරන්න වෙනවා..... මාසයක් ඔයත් එක්ක ඉදලා හැමදේම බෙදා ගත්ත මම ඔයාව අමතක කරන්නේ කොහොමද මැණික..... හ්ම්ම්ම්ම්........මගේ පළවෙනි ආදරේ පළවෙනි කිස් එක...... හැමදේම ඔයා..... ඔයා හිතනවද මෙහෙන් යන්න ලැබුනොත් මට ඔයාව නැතුව එක තප්පරයක්වත් ඉන්න පුළුවන් වෙයි කියලා......මට එහෙම ඉන්න බෑ මැණික.... මම ඔයාව හොයාගන්නවා... කොහොමහරි හොයාගන්නවා.... එනිසා ආය කල්පනා කරන්නත් බෑ අඬන්නත් බෑ..... කෝ එන්නකෝ.....

කොල්ලා එමී ව එයාගේ උකුලට අරගෙන ඔලුව උරහිසේ ගහගන්න ගමන් එමී ගේ පිට අතගාන්න ගත්තේ එයාව සන්සුන් කරන්න. මොකද එමී හොඳටම අඩමින් හිටියා නිසා... ටික වෙලාවක් යනකොට ඇඩිල්ල නැවතුණත් කෙල්ල හයියෙන් ඉකි ගහන්න ගත්තේ ඒ වේදනාව ඒ දුක දරාගන්න අමාරුකමට. ජංකුක්ටත් අඬන්න ඕනේ වුණා .... එමී එක්ක තවත් මෙහෙම ඉන්න ඕනේ වුණා.... ඒත් කොල්ලා ඇඩුවොත් කෙල්ල තවත් දුක් වෙන නිසා එයා එයාගේ කදුළු දුක සේරම හන්ගගත්තා. ටික වෙලාවකින් එමී කුක්ගේ ඔලුව උස්සලා එයාගේ අත් දෙකෙන්ම අල්ලගෙන ටික වෙලාවක් ඒ මුන දිහා බලාගෙන හිටියා ..... ජංකුක් එයාව ගෙන්න ගන්නවා කිව්වට කෙල්ලට දැනුනේ ඒ හැම දෙකින්ම දුකක්ම විතරයි... ඒ අවිශ්වාසය නෙවේ.... ඒත් එමීට ඒ දේ විශ්වාස කරලා මේ මොහොතේ ජීවත් වෙන්න බෑ වගේ දැනුනේ..... නිකන් පපුවට පිහියකින් අනිනවා වගේ....

Beyond the ImaginationWhere stories live. Discover now