11

14 3 6
                                        

Jk: හ්යෝං...... ජින් හ්යොං..... අනේ මගේ ඔලුව රිදෙනවානේ..... ආ..... හරියට පෙන්නේත් නෑ..... ජින් හ්යෝන් නේද ඒ දුවගෙන එන්නේ.... මොකක්ද අනේ උනේ...... ආයීශ්..... ඇයි මගේ මේ ඔලුව මෙච්චර රිදෙන්නෙ........

🐼: ජංකුකා...... අපේ ජන්කුකා ආයෙත් ආවා..... කොහෙද කොල්ලො ගිහින් හිටියේ.....

පැය ගානක් තිස්සේ ජන්කුක්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටපු කොල්ලො හයදෙනා ඒ සිද්දිය එක්ක හොදට ෂෝක් වෙලයි හිටියෙ... ගල්තලාව උඩ අකුණක් ගහනව එක්කම ජංකුක් ඔලුව අල්ලගෙන වැටිලා ඉන්නවා දැක්කම මොකක්ද ඒ වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා...... හැමෝටම කලින් පියවි සිහියට ආව ජින් තමා කෑගහගෙන දිව්වෙ ජංකුක් ලඟට..... ජින් දුවගෙන ගිහිල්ලා කොල්ලාව තදින් වැළඳගත්තේ අඬන ගමන්.....විනාඩි කිහිපයකට පස්සේ ජින් කොල්ලා අත ඇරියේ ඒ වෙද්දී ඒ දෙන්නගේ උඩ නම්ජුන් ඇරෙන්න අනිත් සෙට් එක නැගගෙන බදාගෙන අඬන්න ගත්තා නිසා..... නම්ජුන් මේ හැම දෙයක්ම දිහා බලාගෙන හොරාට කදුළු පිහිදනව කවුරුත් දැක්කෙ නෑ හැබැයි..........

🐼: හරි හරි දැන් ජන්කුක් ආපහු ආවනේ..... අයින් වෙනවලා....... මට හුස්ම ගන්නත් බෑ......

එහෙම කෑගහලා ජින් නම්ජුන් එක්ක එක එක්කෙනව ඇග උඩින් අයින් කරා.......

Jk pov: අම්මෝ..... ඇති යාන්තම්....... ජංකුක් වේගෙන වේගෙන් හුස්ම ගත්තේ එයාට ඔලුව අමාරුවත් එක්ක නිකන් කැරකැවිල්ලට වගේ ආපු නිසා......

Jk: ජින් හ්යෝන් මම කොහෙද ගිහින් හිටියේ..... මම මේ ගල්තලාව උඩ නෙවේද හිටියේ.... ඔයා කතා කරේ මම කොහේ හරි ගිහින් ඉදලා ආවා වගේනේ......

🐼: ඈ.... ජංකුකා එතකොට ඔයාට මොකද බ්වැ.. බැව්.... බැහ්.....

🐨: මේ..... ඔයා කොහේවත් ගියේ නෑ පොඩ්ඩෝ..... ඔයාගේ ඔලුව හොඳටම රිදෙනවා කිව්වා නේද.... අපි ඉස්සෙල්ලම මෙයාව එක්කගෙන යමු..... පස්සේ විස්තර කතා කරමුකෝ .... නේද doctor....

ජින් කියන්න ගිය දේ කියන්න නොදී එයාගේ කට වහපු නම්ජුන් කතාව වෙන පැත්තකට හැරෙව්වේ doctor කියලා තිබ්බ දේවල් මතක් උනා නිසා.....

Beyond the ImaginationWhere stories live. Discover now