"මිස්ටර් ඔයාට තේරෙන්නෙ නැද්ද මේ ලමයව එලියට අරගෙන ගියොත් ලොකු ගැටලුවක් වෙනවා..." ජන්කුක්ව බාර වෙලා උන්න ඩොක්ටර් හන් මින්ජෝ හොබීට පැහැදිලි කලා...
"ඒත් මට ඕන නෑ එයාව මේ වගේ තැනක තියන්න... ඉක්මනට එයාව එලියට ගන්න ඕන දෙයක් මං දෙන්නම්" හොබී බැගෑපත් උනා...
එයා මීට සතියකට කලින් ඇමෙරිකාවේ ඉගෙනීම ඉවර කරලා කොරියාවට ආවේ... ඒ ආවාම එයා මුලින්ම හෙව්වේ එයාගේ සහෝදරයව... ඒත් එයා දැන ගත්ත ආරංචිය ඒ තරම් හොද එකක් නම් නෙමෙයි...
"සොරි මිස්ටර් ඒත් එහෙම කරන්න බෑ... ජන්කුක් කියන්නේ මානසික රෝගියෙක් ඒකත් මිනිස්සුන්ව මරණ කෙනෙක්... ඒවගේ කෙනෙක්ව සමාජෙට දාන්න මට අවසර දෙන්න බැහැ" ඩොක්ටර් විස්තර කලත් හොබීට උවමනාව ජන්කුක්ව එයා ගාවට ගන්න... එයා වැඩේ අතාරින පාටක් නැහැ...
"ඉල්ලන ගානක් දෙන්නම්... ප්ලීස් මට මගේ මල්ලිව එලියට අර ගන්න ඕනා... එයාව මං බලා ගන්නම් සහතික වෙනවා" හොබී නැවතත් බැගෑපත් උනා... සහෝදරයට හොබී හුගක් ආදරෙයි... කවුද කැමති තමන්ගේ එකම සහෝදරයා මානසික රෝහලකට දාන්න... ලේ වලින් නොවුනට හොබී ජන්කුක්ට පන වගේ ආදරෙයි...
"ඔයාගෙ සල්ලි මට එපා මිස්ටර්... මං ඔයාට එක ඔප්ශන් එකක් දෙන්නම්... ජන්කුක් හොද වෙලාය කියලා ඔප්පු කරොත් සහ ඔයාට එයාව බලාගන්න පුලුවන් කියලා ඔප්පු කරොත් මට පුලුවන් ජන්කුක්ව මෙහෙන් අරගෙන යන්න අවසර දෙන්න" අවසානයේ හොබීගේ ඉල්ලීම නිසා ඩොක්ටර් හොබීට අවස්ථාවක් ලබා දුන්නා...
"මට පුළුවන්"
"බොහොම හොදයි... එයා අවුරුදු දෙකක් යනකං කිසිම කෙනෙක්ව මරන්නෙවත්, හිංසා කරන්නෙවත් නැතුව සාමාන්‍යය ලමයෙක් වගේ ජීවත් උනොත් මට පුලුවන් ඒ දේ කරන්න... ඔයාට පුලුවන් අපි නිරික්ෂණය කරන කාල සීමාව තුල ජන්කුක්ව බලාගන්න කැමතිද?"
"ඔව් මං කැමතී..." හොබී වැඩේ බාර ගත්තා...
හොබී එයාගේ බිස්නස් වැඩ හැඩ්ල් කරන ගමන් ජන්කුක්වත් මානසික රෝහලේ ඉද්දිම බලා ගත්තා... ජන්කුක්ට මුලදී හොබීව අදුරගන්න බැරි උනත් පස්සෙ පස්සේ එයා හොබීට කීකරු උනා...
YOU ARE READING
🔪KILLER BUNNY🔪 |TK|✔
Fanfiction'Jungkook's favorite game is killing people in a very brutal way. But really, Jungkook is still 17 years old and a very dangerous and terrible serial killer. After everything, Jungkook has a brother who loves him more than life. Will the police offi...