"කුකී බබා මේ කෑම එක කන්නකෝ දරුවෝ" හොබී පැයකට වඩා වැඩි වෙලාවක් ජන්කුක්ට කෑම කවන්න වෙහෙසුනා... ටේහ්යුංලා ගෙදරින් ආව දවස පහුවෙලා පැය 48 කුත් ගතවෙලා...
ජන්කුක් කිසිම වෙලාවක කෑම කෑවේ නෑ වගේම කෑම එක දිහා බැලුවේවත් නෑ... හේතුවක් නැතුව ජන්කුක් එයාගේ කාමරේ ඇදේ කොනකට ගුලි වෙලා උන්නා...
"හියුන්ගිට කියන්න බබා ඇයි ඔයා කෑම කන්නෙ නැත්තේ වෙනදට මෙහෙම නෑනේ?" ජන්කුක් වචනයක්වත් කතා කලේ නෑ...
"කුකී..." හොබී ගොඩක් මෘදුව කිව්වත් ඒක ජන්කුක් තරහ ගස්සන්න නම් හේතුවක් උනා...
කේන්තියක් වෙනුවට ලස්සන හිනාවක් ගිය ජන්කුක් හොබීට පිටුපාලා ඇදේ ඉදගත්තා... ඊලගට ඔලුව පැත්තට හරවලා සයිඩ් එකෙන් හොබී දිහා බලලා ආපහු වතාවක් හිනා උනා...
හොබී දන්නවා ජන්කුක් හිනා වෙන්න හේතුව... බය උන හොබී පුටුවෙන් නැගිටලා ඉක්මනටම කාමරෙන් එලියට ගියාම ඇදෙන් බැහැලා ජන්කුක් ඒ පස්සෙන්ම ආවා...
ජන්කුක්ගෙන් දුවලාවත්, හැංගිලාවත් බේරෙන්න බෑ මොකද එයා මරන්නේ මතක තියෙන කෙනෙක්ව... දුවලා දුවලා ගිහින් දවසක නතර වෙනවද එතනදී ජන්කුක් ඒ කෙනාව මරල දානවා...
ටාගට් එකක් එයා මග අරින්නේ නෑ... කාලය එයාට ගැටලුවක් නෑ තියෙන්නේ අනිවාර්යෙන්ම මරනවා කියන සිතුවිල්ල විතරයි...
ජන්කුක් හරියට රොබෝ කෙනෙක් වගේ... විධානෙකට අනුව ඒ දේම හබා යන රොබෝ කෙනෙක් වගේ... වෙනසකට තිබ්බේ ජන්කුක්ට කවුරුත් විධානයක් දෙන්නේ නෑ එයා පිලිගන්නේ එයාගෙම විධාන වීම...
හොබී ජන්කුක් ගැන හොදටම දන්නවා... එයාගේ ඉලක්කය අද තමන් නම් කවදාවත් එයාට බේරෙන්න වෙන්නේ නෑ...
පහලට ගියපු හොබී ජන්කුක් එන්න කලින් ගෙදර තියෙන කැපෙන කෙටෙන හැම දෙයක්ම අයින් කරා... ජන්කුක් පඩිපෙල ලගට එද්දිත් හොබී සේරම කරලා ඉවරයි...
"කුකී බබා රත්තරනේ මං හොබී හියුන්" හොබී ගැහෙන ගමන් ඉස්සරහා ඉන්න ජන්කුක් දිහා බලාගෙන උන්නා...
බල කිරීම සහ තවත් හේතුවක් මතයි ජන්කුක්ට අද එයාගේ ගොදුර ලැබුනේ... ආදරය කියන දේ ජන්කුක්ට වැටහුමක් නෑ එයාට වැදගත් විධානේ පමණයි...

YOU ARE READING
🔪KILLER BUNNY🔪 |TK|✔
Fanfic'Jungkook's favorite game is killing people in a very brutal way. But really, Jungkook is still 17 years old and a very dangerous and terrible serial killer. After everything, Jungkook has a brother who loves him more than life. Will the police offi...