chapter 07

1K 266 83
                                    

Police Officer
ටේහ්යුං සර් අපිට අර ලේන්සුවේ තිබිලා අපිට ඇගිලි සලකුණු වගයක් හම්බ උනා...

Taehyung
කාගෙද කියලා හොයාගත්තද?

Police Officer
නෑ සර් තවම පරීක්ෂා කරනවා... තොරතුරක් දැනගත්ත ගමන්ම එවන්නම්

Taehyung
ඕකේ... ආ අර ලමය ගැන තොරතුරු-

Police Officer
හොයල බැලුව සර් මං ඊමේල් කරා කලින්ම

Taehyung
ඔහ් තෑන්ක් යූ මං බලන්නම්

Police Officer
ඕකේ සර්





__________________________________

Name: Jeon Jungkook

Sex: Male

Date of Birth: xxxx/09/01

Place of Birth: Busan

Name of Father: jeon woobin
Job: dead

Name of Mother: Jung jee-hi
Job: dead

Name of Trustee: Jung Hoseok
Job: ceo in JH company

Address: xxxx

Phone number: +82 xxx xxx xxx


_________________________________

ජන්කුක්ගේ විස්තර දැක්ක ටේහ්යුං තිබ්බ පෝන් නම්බර් එකට කෝල් එකක් ගත්තා... දෙවනි වතාවෙත් රින්ග්ස් ගිහින් කෝල් එක කට් වෙලා ගියාම ටේහ්යුං බර හුස්මක් පහලට දාලා කාමරේ ඇද උඩ ඉන්න ජනකුක් දිහා බැලුවා...

හොබී ඊයේ මුලු රෑම ජන්කුක්ව හොයලා හොයලා මහන්සියටත්, ජන්කුක්ව එක්කන් ගියපු තැන ගැන ලැබුන ආරන්චියේ සතුටටත්, ඇගේ තෙහෙට්ටු ගතියත් නිසා ටිකක් නිදා ගත්තා... ටේහ්යුං කෝල් කරේ ඒ වෙලාවේ තමයි...

ජන්කුක් ලගට ගියපු ටේහ්යුං ජන්කුක් ලගින් වාඩි වෙලා එයාගේ ලොකු අතකට ජන්කුක්ගේ පුංචි මූණ අරගෙන එයාගේ මූණට හැරෙව්වා...

"ජන්කුක් ඒක නේද නම?" ටේහ්යුං ඇහුවාම ජන්කුක් ඔහේ බලාගෙන උන්නා...

"බනී ඔයාගේ නම ජෙයොන් ජන්කුක් නේද? වයස 17 යි එහෙමනේ" ටේහ්යුං ආපහු ඇහුවාමත් ජන්කුක් ඔහේ බලන් උන්නා...

"ඒත් ජන්කුක් නමට වඩා ඔයාට ගැලපෙන්නේ බනී කියන නම තමයි... ඉතින් මං ඔයාට බනී කියලම කියන්නම් හොදේ" ඒ පාර නම් ජන්කුක් හිනා උනා...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now