chapter 11

1K 260 49
                                    

'ටේහ්යුංට කාර්යාලයට ගිහින් ආපහු එන්න ට්‍රැෆික් නැතත් පැය දෙකක් විතර යනවා' සොන්ග්-හා හිතුවේ ඒකමයි... ඒත් සොන්ග්-හා ටත් තව තියෙන්නේ පැය කීපයක් නම්,

සොන්ග්-හා සල්ලි වලට ඕනම දෙයක් කරන, බලය හා ධනය නිසා රස්සාව කරගෙන යන, දූෂණය කියන දේ ඉහලින්ම කරගෙන යන, ටේහ්යුංලගේ පොලිස් ඔෆිසර් කෙනෙක්...

ජන් හොසොක්, ජන්කුක්ගේ ඥාති සහෝදරයාගේ සල්ලි නිසා මේ දවස් වල හෝසොක්ගේ අල්ලේ නැටවෙන රූකඩයක්, එයා දැන් කා එකේ එහා පැත්තේ තියාගෙන යන කෙනාගේ මිනීමැරුම් වල සාක්ෂි සියල්ලම විනාශ කරපු කෙනා...

කතාවක් අහල නැද්ද වැරදි තියෙන කෙනයි අනිත් අයගේ වැරදි හොයන්නත් පෙලබෙන්නේ කියලා... ඒ වගේම ලොකුම හොරකම වෙන්නේ හොරු අල්ලන තැන් වලමයි කියලා...

පොලීසියේ ඩියුටි උන්න දෙන්නට හොරෙන් ජන්කුක්ව වාහනේට දාගත්තට මොකද එයා දන්නෙ නෑ එයා පිටිපස්සෙන් කා එකක් දැන් හුග වෙලාවක ඉදන් එනවා කියලා...

BodyGuard
සර් මිනිහ ක්ලබ් එකේ වාහනේ නතර කරා..

Hoseok
ඇහැ ගහගෙනම ඉන්න.. ජන්කුක්ට අනතුරක් වෙන්න බෑ ඒ වගේම කිසිම දෙයක් හෙලි වෙන්නත් බෑ තේරුනාද?

BodyGuard
ඕකේ සර්..

හොබී හැමදාමත් ජන්කුක්ගේ පස්සෙන් උන්නා... ජන්කුක්ව ටේහ්යුං එයාලගේ ගෙදර එක්කන් යද්දිත් හොබීගේ ගාඩ්ස්ලා ජන්කුක්ගේ ආරක්ෂාව තහවුරු කරලා ඉවරයි...

කලින් දවසේ මිනී මැරුමේ කිසිම සාක්ෂියක් හම්බුනේ නැත්තේ ඇයි කියලද හිතුවේ? ඔව් ඒකට හේතුවත් හොබී තමයි...

හොබී මුලු දවස තිස්සෙම ජන්කුක් ගැන ඇහැ ගහගෙනයි උන්නේ... ටේහ්යුං ගිය වෙලාවේ ඉදලා සොන්ග්-හා ගේ වැඩ ගැනත් එයා හොදින් නිරීක්ෂණය කරපු නිසාමයි පස්සෙන් යන්න අණ කලේ...

ජන්කුක්ට මේ දේවල් ගැන වැටහීමක් නැද්ද? නැත්නම් එහෙම ඉන්නවද?

ජන්කුක්ගේ රිපෝට් එකේ කිසිම තැනක සදහනක් තිබුනේ නෑ එයා මානසිකව දුර්වලයෙක් කියලා... එයා සාමාන්‍ය වර්ධන වේගයක් හා සාමාන්‍ය බුද්ධියක් එක්ක අංග සම්පූර්ණ දරුවෙක්...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now