"බනී බබා කෝ දැන් ඔතනින් එන්නකෝ..." අල්මාරිය ඇතුලේ හැංගිලා ඉන්න ජන්කුක්ට ටේහ්යුං දැන් කීප සැරයක්ම කතා කලත් ජන්කුක් නෙවෙයි එලියට ආවේ...
"ඔන්න මං තරහ වෙනෝ හොදේ" බැරිම තැන ටේහ්යුං එහෙම කිව්වාම දඩිබිඩි ගාලා ජන්කුක් එලියට ඇවිත් ටේහ්යුංගේ බෙල්ලෙ එල්ලුනා...
"මගේ හොද බබා" ජන්කුක්වත් වඩාගෙන ටේහ්යුං ගිහින් එයාලගේ බෙඩ් එක උඩින් වාඩි උනා...
"ටේටේ" ටේහ්යුංගේ උරහිසට නිකට තියාගෙන ජන්කුක් හෙමීට කෙදිරුවා...
"හම්ම්"
"ඔයා මාත් එක්ක තරහ නැද්ද? මං ඔයාට බොරු කිව්වට ඔයා මාත් එක්ක තරහ වෙන්නේ නැද්ද?" ජන්කුක් ඇහුවේ දෙගිඩියාවෙන්...
"ඔයා එක්ක තරහ වෙලා මං කාත් එක්ක යාලු වෙන්නද බනී? ඔයා මගේ පුංචි බනී බබානේ ටේටේට බෑ ඔයා එක්ක තරහ වෙලා ඉන්න ඒත් ඒකම නෙවෙයි කාරණාව" ටේහ්යුං ජන්කුක්ව එයාගේ ඇස් කෙලින් හැරෙව්වා...
"මොකක්ද කාරණාව?"
"බනී නෝටි වැඩක් නෙවෙයිනේ කලේ... ඔයා කලේ ගොඩක් හොද වැඩක් ඉතින් ඇයි මං බනින්නේ? ඒත් ඉතින් මට සුට්ටක් දුකයි වගේ මොකද ඔයා මට බොරු කිව්වනේ"
"සොලී" ජන්කුක් තොල් උල් කරගෙන සමාවගත්තා...
"ඇයි බනී ඔයා මට නොකිව්වේ? ටේටේ ඔයාට බනී කියලා හිතුවද?" ටේහ්යුං ඇහුවාම ජන්කුක්,
"හම්... ටේටේ ඒක කරන්න එපා කිව්වොත්, ඔයා කරන්නේ වැරදි කරලා බොරුවට රගන එක කිව්වොත්- ඒත් ටේටේ මට ඕන උනේ මං නිසා උන දේවල් වලට සමාවගන්නයි ඒකයි මං එහෙම කරේ" ජන්කුක් අඩන්න ඔන්න මෙන්න ඉද්දී කිව්වා..
"ඉතින් ඔයා හැංගුවේ මං බනී කියලා එහෙමනේ"
"ඔව්" ජන්කුක් ඔලුව වැනුවා...
"ඔයාට ටේටේව එහෙම නරක කෙනෙක් වගේ පේනවද?"
"නෑ ටේටේ... එහෙම නෑ මගේ ටේටේ හරිම හොදයි කියලා දන්නවා... ඒත් මං සල්ලි වලට සමාවගන්න එක ඔයා වැරදියට දකී කියලා බය හිතුනා..." ජන්කුක් එයාගේ අත්වල ඇගිලි එක්ක සෙල්ලම් කරන ගමන් බිම බලාගෙන කිව්වා...
"මට බෑ ආපහු හිරේට යන්න, මං බයයි එතනට යන්න ඉතින් මට පුලුවන් කමක් නෑ එයාලට කියන්න මමයි ඒ මිනීමරුවා කියලා... මං මිනීමැරුවා තමයි ඒත් මටත් බයයි" ජන්කුක් ටේහ්යුංගේ බෙල්ල බදාගත්තා හරියට දාල යන්න එපා කියන්න වගේ...
YOU ARE READING
🔪KILLER BUNNY🔪 |TK|✔
Fanfiction'Jungkook's favorite game is killing people in a very brutal way. But really, Jungkook is still 17 years old and a very dangerous and terrible serial killer. After everything, Jungkook has a brother who loves him more than life. Will the police offi...