chapter 26

1K 257 97
                                    

ජන්කුක් ඇහැරෙන්න දවස් දෙකක්ම ගත උනා... මොකද ජන්කුක්ගේ ඔලුව අමාරුවට දුන්න බෙහෙත් සැර වැඩී... ජන්කුක් ඇහැරෙද්දී දැක්කේ එයාගේ අත අල්ලගෙන ඇදට බර වෙලා නිදාගෙන ඉන්න ටේහ්යුංවයි...

ටේහ්යුං ඇහැරෙන්නේ නැති වෙන්න ජන්කුක් ඇදේ කෙලින් උනා... හෙමීට ටේහ්යුං ලගට කිට්ටු වෙලා එයාගේ ඉස් මුදුනින් පුංචි හාදුවක් තිබ්බ ජන්කුක් ටේහ්යුං දිහා බලලා හිනා උනා...

ටිකක් වෙලා යද්දී ජන්කුක් උන්න කාමරේට ආවේ වෙන කවුරුත් නෙවෙයි යුන්ගී... එයා ආවේ ටේහ්යුංගේ කෑම එක දෙන්නයි... රෝද පුටුවෙන් ආව කෙනාව දැකලා ජන්කුක්ගේ ඇස් වලට කදුලු ආවා...

යුන්ගි ජන්කුක් ඇහැරිලා ඉන්නවා දැකලා යන්න හැදුවත් ජන්කුක් 'ඉන්න' කියලා කතා කරපු නිසා ආපහු හැරිලා ආවා...

"හියුන්ගී-"
ජන්කුක් රහසින් වගේ කිව්වා... යුන්ගි උන්නේ අහක බලං එයා තවම ජන්කුක්ට සමාව නම් දීලා නැහැ වගේ...

"හියුන්ගී මට සමාවෙන්න" ජන්කුක් මිමිණුවා...

"මට සමාවෙන්න මං කරපු හැමදේකටම- හැම වැරැද්දක්ම මං පිලිගන්නවා... මට සමාවෙන්න දැනගෙන ඒත් තේරුමක් නැතුව කරපු ඒ හැමදේකටම"

යුන්ගි පුදුම උනා කිව්වොත් හරි... මොකද ජන්කුක් මෙහෙම කතා කරනවා එයා දැකලම නෑ... ජන්කුක්ගේ කතා විලාසය එහෙම් පිටින්ම වෙනස් වෙලා ගිහින්...

"මට ඔයා සමාව දෙනවද හියුන්ගී..." ජන්කුක් යුන්ගිගේ අතකින් අල්ල ගත්තා...

යුන්ගී අත ගත්තේ නෑ එයා ජන්කුක් දිහාම බලාගෙන උන්නා... ජන්කුක් හරි වෙනස්- කලින් පුංචි දරුවෙක් වගේ හැසිරුන ජන්කුක් දැන් එයාගේ වයසට ගැලපෙන විදිහට හැසිරෙනවා... හරි අමුත්තක් යුන්ගිට දැනුනා...

ඒත් එක්කම ටේහ්යුං ඔලුව ඉස්සුවා... ටේහ්යුං ඔලුව උස්සද්දී ජන්කුක්, යුන්ගි දෙන්නගෙම අවධානය එයාට යොමු උනා...

"ඔහ් බනී බබා ඔයා නැගිට්ටද? ඔයා හොදින්..." ටේහ්යුං ජන්කුක්ගේ අත තද කරලා අල්ලගත්තා...

"ඔලුව ටිකක් රිදෙන එක ඇරුනාම මට දැන් ගොඩක් හොදයි ටේටේ..." ටේහ්යුංගේ හිනාව නතර වෙලා ඇස් ලොකු උනා... ඒ මූණ කලින් යුන්ගිගේ මූණට සමානයි...

🔪KILLER BUNNY🔪 |TK|✔Where stories live. Discover now