ජන්ග්කුක් අඩලා අඩලාම ටේහ්යුන් තුරුලේ නින්ද ගියා..නිදන් ඉන්න හා පැටියාවත් තුරුල් කරගෙන ටේහ්යුන් කල්පනා කර කර හිටියේ මේ මාස පහට උන දේවල්...
එයාලා එකතු වෙලා බර්ත්දේ එකට සැමරුවා..
එකට නත්තල සැමරුවා..
එකට අලුත් අවුරුද්ද සැමරුවා..
සතුටින් හිටියා, රන්ඩු වුනා...ආයි යාලු උනා..
හිනා වුනා..ඇඩුවා...මේක නෙමෙයිද ජීවිතේ කියන්නේ ??
මේ මාස පහට ජන්ග්කුක්ට ටේවත් ටේට ජන්ග්කුක්වත් නැතුව ඉන්න බැරි තරමටම ඒ දෙන්නා ලන් වෙලා..
ඒත් ටේහ්යුන් තාමත් හාදුවකට එහාට යන්නේ නැති එක ජන්ග්කුක්ට ලොකු ප්රශ්නයක්..එයත් හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක්නේ...එයාටත් ඕනේ ටේහ්යුන්ව...ජන්ග්කුක්ට ඕන හිතින් වගේම ගතිනුත් සදහටම ටේහ්යුන්ගේ වෙන්න..ටේහ්යුන්ටත් ඕන එයාගේ බනීව එයාගෙම කරන්න..කොහොමත් ඒක වැරදි දෙයක් නෙමෙයිනේ..එයාලා දෙන්නා මැරීඩ්...
ඒත් ටේහ්යුන් හැම වෙලෙම ඒක ප්රතික්ෂේප කරනවා..ටේහ්යුන් බයයි ජන්ග්කුක්ට ඒකෙන් රිදෙයි කියලා..එදා වගේම ටේහ්යුන් නිසා ජන්ග්කුක්ගේ ජීවිතේට කරදරයක් වෙයි කියලා බයයි..ටේහ්යුන්ටත් ජන්ග්කුක්ව ඕන..ඒත් ඒ හැම වෙලේම ජන්ග්කුක් සිහියක් නැතුව හිටපු විදිය ,හයියෙන් හුස්ම ගත්ත විදිය මේවා මතක් වෙනකොට ටේහ්යුන්ට හාදුවකින් එහාට යන්න බයයි.
ඒත් ඉතින් ටේහ්යුන් එහෙම හැසිරෙන්නේ ජන්ග්කුක් ගැන හිතලා කියලා එයා දන්නේ නෑනේ...සමහර දවස් වලට ජන්ග්කුක් තනියම අඩනවා හාදුවකට එහා ටේහ්යුන් යන්නේ නැත්තේ ටේහ්යුන්ට එයාව අප්පිරිය ඇති කියලා.. කොහොමත් එයා කොල්ලෙක්නේ...ඒ නිසාමයි ජෙනි එක්ක කතා කර ගමන් ජන්ග්කුක් බය උනේ ටේහ්යුන් එයාව දාලා යයි කියලා..
🐯 බනී...ඇයි මේ ??
ටේහ්යුන් තුරුලේ හිටපු ජන්ග්කුක් එකපාරටම හීනෙන් කෙදිරි ගාන්න පටන් ගත්ත නිසා ටේහ්යුන් හොදටම බය උනා..ලගකදි ඉදන් ජන්ග්කුක් හරියට හීනෙන් බය වෙනවා..
🐰 ආහ්...ම..මට ඉ..ඉන්න දෙන්න...
කූක් නරක ලමයෙක් නෙමෙයි...කුක් හොදයි...
කුක්ව මරන්න එපා...
YOU ARE READING
Defenders Of The Degan || TK || Completed
Fantasyඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත් උන දේවල් ?? - හෝසියෝක් - අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ හොබි අපිට තියෙන ආදරේට එයාලම වෙනස් උනොත් හැරෙ...