🚘Challo Driver 38🚘

91 24 30
                                    

ආදි kitchen එකට ගිහිල්ල ජිමින් කාපු plates ටිකත් හෝදල kitchen එකත් අස් කරල එලියට ආවෙ ගෙදර යන්න ද කියල සීයගෙන් අහන්න හිතාගෙන. Daadaji ගෙ room එකට ගියත් එයාව හොයාගන්න බැරි වෙච්ච නිසා ආදි ගෙදර පුරාම ඇවිද්දා. සීයා කොහෙවත්ම පේන්න හිටියෙ නැති නිසා ආදි banglow එක පිටිපස්සෙ Garden එකට ආව.

විශාල රෑස්ස ගස් වලින් ආවරණය වෙලා තියෙන Garden එක දැක්කම ආදිගෙ හිතේ මහ අද්භූත හැඟීමක් ඇති වෙන්න ගත්ත. හෙමින් හෙමින් පරණ ගරාජ් එකේ පිටිපස්ස දොර ලඟට වෙනකන් ආව ආදිට ඇහුනෙ කවුරුහරි කෙඳිරිගාන සද්දේ.

❤: මේ Bungalow එකේ ඉස්සරහ look එකට හාත්පසින්ම වෙනස් look එකක් නෙ පිටිපස්සෙ තියෙන්නෙ. 😳 නිකන් horror movies වල තියෙන කැලයක් වගේ. මෙ කොල ගොඩ. අවුරුදු ගානකින් අතුගාල නෑ වගේ මිදුල. අවුරුදු ගානකින් මනුස්ස වාසයක් තිබිල නෑ වගේ. ජිමින්ගෙ මහලොකු කට නං තියෙනව. ඒත් ගේ පිටිපස්ස ගන්න දෙයක් නෑ.

: යාහ්.....බේ...බේරගන්න.....

❤: ආහ්.....මො...මොකක්ද ඒ ස...සද්දේ? 😨 ක...කව්ද ඔතන?

: අ...අනේ අ...අපිට යන්න දෙන්න.....

❤: අනේ...ක...කවුද ඔතන....? 🥺 කොහෙන්ද ඒ සද්දෙ ඇහෙන්නෙ? කාටහරි කරදරයක්. 😨

හෙමින් සැරේ අඩිය තිය තිය ගැරේජ් එකට පැත්තට ගිය ආදි එක පාරටම ගැස්සිලා ගියේ කොල පෑගෙන සද්දයක් නිසා.

❤: ක...කව්ද ඔතන? Daadaji? ඒ ඔයාද? කු...කුකී විහිලු කරන්න එපා. ම..මන් දන්නව ඒ ඔයා කියල. 😭😭

එතකොටම ආදි දැක්කෙ තමන්ගෙ ලෝම පුම්බගෙන ආදි දිහා බලාගෙන ඉන්න තරමක් ලොකු කලු පාට පූස් නාම්බෙක්. ඌව දැක්ක විතරයි ආදි ඉනට අත් දෙකත් තියාගෙන හයියෙන් හුස්ම ගන්න ගත්ත.

❤: අනේ ඇත්තට, තමුසෙ හිතුවෙ මං තමුසෙට භය වෙයි කියල ද ?😏 මොකද පුප්පන්නේ? දෙන්නේ...

ආදි පුස් නාම්බගෙ පැත්තට යන්න වගේ අඩිය තියද්දි ඌ භය වෙලා පැනල දිව්වා.

ගරාජ් එක ලඟටම ඇවිල්ල ආදි වට පිට බලද්දි දැක්කෙ කලු පාට විශාල පෝර උරයක් සයිස් පොලිතින් බෑග් එකක්. ඒක ඇතුලෙ පිරෙන්න මොනවහරි දාල තිබ්බ.

මේ අතර Park Bungalow එක ඇතුලෙ එකම යුද්ධයයි. ජන්කුක් හිටියෙ ආදිගෙ සයිඩ් හෑන්ඩ් බෑග් එක කරේ දාගෙන. එතකොට ටේ ගෙ අතේ ආදිගෙ phone එක. තුන්දෙනාම උන්නෙ ජිමින්ගෙ room එකේ. මේඩ්ලා හය දෙනෙක් පෝලිමට හිටගෙන බලාගෙන ඉන්නව.

💜: එතකොට ඔයාල කවුරුවත්ම ආදි මිස්ට මොකද උනේ කියල දන්නෙ නෑ කියලද කියන්නෙ? 🤨

හැමෝම බිම බලාගෙන උන්න මිසක් කවුරුවත්ම උත්තර දුන්නෙ නෑ.

🐰: ඔයාල පූල් එක පැත්තෙ බැලුවද?

👨‍💼: ඔව් සර්. මං බැලුව. මං cctv ත් චෙක් කරල බැලුව. ආදි මිස් පූල් එක පැත්තට ගිහිල්ල ආයෙත් ගේ ඇතුලට ආව.

🐣: එතකොට ආදි තව කොහෙටද ගියේ?

👨‍💼: ආදි මිස් කාව හරි හෙව්ව වගේ. ඒත් මිස් පිටිපස්සෙ Garden එකට ගියාද දන්නෑ.

🐰🐣💜: මොකාක්? 😳

🐣: නෑ....ටේ...ෂුවර් එකට ඒක තමා වෙන්න ඇත්තේ...ආයිෂ්...මේ කෙල්ල...😡😡

💜: ඉන්න මං ගිහිල්ල බලන්නම්. එයා එහෙම ගිහිල්ල නම් මෙලහට එන්න එපැයි.

🐣: මං තොපිට කියල තියනව නේද ඒ දොර වහල තියෙන්න ඕනෙ කියල. මොකාද ඒ දොර ඇරපු ප###...🤬

ජිමින් මේඩ්ස්ල ට බනිනකොට ජන්කුක් මැදින් පැනල නැවැත්තුව.

🐰: ඕකේ..දැන් තමුන්ලට යන්න පුලුවන්. ආයෙ මෙහෙම mistake එකක් වෙන්න බෑ. තේරුනාද?

: ඕව් සර්.

🐰: දැන් යන්න.

මේඩ්ස්ල ගියා විතරයි ජිමින්ට ඇදෙන් බිමට පැන්න.

🐣: අපි ඉක්මනට Garden එකට යන්න ඕනේ. 🤨

💜: ඇයි මොකක්ද අවුල ?

🐣: අර උදේ සීන් එකේ බොඩි එක තාම එතන ඇත්තේ...😕

🐰: හුටා....මන් හිතුව සාජන් සෝ ඒක අයින් කරන්න ඇති කියල. 🙁

🐣: අයින් කරන්න තමා හිටියෙ. අර මුහන්දිරම් රෝඩ් එක ඉවර වෙන තැන චෙක් පොයින්ට් එකක් දාල. ඔතනින් පන්නල බොඩිය අරන් යන එක අවධානම් නිසා මං අදට ඔහොම තියන්න කිව්වෙ.

💜: ඉක්මනට යමු. අර කෙල්ල ව හොයාගන්න ඕන සීය එන්න කලින්.


































 නෑඹිලි කට් එකත් නරකම නෑ නේ ලමයි? 🤣💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නෑඹිලි කට් එකත් නරකම නෑ නේ ලමයි? 🤣💔
















ඔය පහලින් තියන තරුව ඔබන් යන්න කෙල්ලනේ.... කොල්ලො නැතුව ඇති නේද කොහොමත් මේකෙ. Comment කරන්න. ❤🙂

Challo Driver 🚘❤Where stories live. Discover now