🚘 Challo Driver 51 🚘

76 21 18
                                    

Taehyung ට නම් අද සතුටු දවසක්. මොකද එයාට අද නිත්‍ය එක්ක දවස ගෙවන්න පුලුවන් උන නිසාත් එයාට තවත් ලං වෙන්න පුලුවන් නිසාත්. ටේ car එක පාක් කරල යතුර සාජන් සෝ දෙසට විසි කරපු ටේ පියාඹගෙන ගියේ එයාගෙ soul mate ව හොයාගෙන.
ටේ රූම් එකට යද්දි ජිමින් නම් උන්නෙ නිදාගෙන. ටේට ප්‍රශ්නයක් උනේ ජිමින් මෙච්චර ඉක්මනට නිදාගත්තෙ මොකද කියන එක.

💜: ඒ ජිමා....නැගිටපන්.... ජිමිනා... මොකද බං මේ මහ දවල් නිදි? උඹ දන්නවද වැඩක්. අද මායි නිත්‍ය යි ගොඩක් enjoy කලා බං. එයා මං හිතුවට වඩා ගොඩක් වෙනස් කෙල්ලෙක්. එයාට ඕන කෙනෙක්ව තේරුම් ගන්න පුලුවන්.  අපි බීච් ගියා. එතනම එහාපැත්තෙ කානිවල් එකක්. අපි ඒකටත් ගියා. එයා ගොඩක් සතුටු උනා බං. කෝ නැගිටපන් කො... අහපන් කො බං...😐

ටේ දැනන් උන්නෙ නෑ එයා කියන හැමදේම ජිමින් ඇස් දෙකේ කඳුලු පුරවන් අහන් හිටියා කියල. ටේ දන්නෙ නෑ නෙ ජිමින්ට දුක හිතෙනව කියල. ටේ කලේ ජිමින්ගෙ එහාපැත්තෙ ඇල වෙලා nonstop කියවන එක.

💜: එයා මාරම කැමතියි spicy කෑම වලට. මට නං සැර කන්න බෑ කියල උඹ දන්නව නේ... මට පුරුදු වෙන්න වෙයි නේද? එයා හරියට පොඩි එකෙක් වගේ...එහෙ දුවනව මෙහෙ දුවනව... 😅😅 ඒ...

🐣: උඹට තිබුණා මට කියල යන්න.

💜: මො...මොකද්ද? 😳

🐣: හැමදේම මට කියල නේද කරන්නේ? ඇයි අද විතරක් නොකිය ගියේ? මං ඇවිල්ල වදයක් වෙයි කියල හිතුවද?

💜: අ...අයියෝ ක..කවුද බං එහෙම කිව්වේ? මං උඹට කියන්න තමා හිටියේ. උඹ නිදි නේ බං එවෙලේ...

🐣: ඉතින් මැසේජ් එකක් දාන්න තිබ්බ නේ...

💜: මේකනේ බං...

🐣: ජන්කුක් ට විතරක් කියල ගියේ ඇයි? මං උබේ සහෝදරයෙක් නෙවේ ද?

💜: ඇ...ඇයි බං ඕක ඔච්චරටම හිතන්නේ? මට අමතක උනා... අ...අනික උඹ අද ආදි  එක්ක ඇවිදින්න යනව කිව්ව නේ.. ඒක නිසා මං හිතුවෙ නිත්‍ය ව කොහෙහරි එක්ක යන්න. එයා තනියම නිසා...

🐣: ආ... හරි නිදහසට කරුණු කියල ඉවර නං, ආං තියනව දොර. එලියට පලයන්. මට නිදිමතයි...

💜: මට කියපන්කො උඹ ඇහුවද ආදිගෙන්? අඩුම තරමෙ හොදින් කතා කලාද? කෙල්ල සතුටින් ද හිටියේ? ජි...ජිමිනා....ඒ...අතෑරපන්...කියපන් කෝ... එ...ඒ.....

Challo Driver 🚘❤Where stories live. Discover now