🚘Challo Driver 55🚘

66 21 27
                                    

10 months later

මාස හතරක් වගේ පොඩි කාලයක් ඇතුලත මොන තරම් නම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්ද? ඔයාල බලනව ඇති මේ මාස හතරට ජිමින්ගෙ ජීවිතේ වගේම ආදිගෙ ජීවිතේ මොන විදිහටද වෙනස් උනේ කියල. ආදි... එහෙමත් නැත්නම් ජිමින්ගෙ driver ආදිත්‍ය පටෙල් තමන්ගෙ agreement එකේ වලංගු කාලය අවසන් වෙච්ච ගමන්ම තමන්ගෙ රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කලා. ජිමින්ට ඕන උනත් දිගටම ආදිව තමන් ගාව තියාගන්න, එයාට තේරුම් ගියා ඒකෙන් ආදිගෙ ට හොදක් සිද්ධ වෙන්නෙ නැති බව. ඒක නිසා එයා තීරණය කලා ආදිත්‍ය ට එයාගෙ office එකේ job එකක් දෙන්න.
ඒ වෙනකොටත් ආදි ජිමින් හොදම යාලුවො බවට පත් වෙලා හිටියෙ. කාටවත් වැඩිය දකින්න නොලැබෙන ජිමින්ගෙ ලස්සන හිනාව ආදි හැමදාම වගේ දැක්ක. කාත් එක්කවත් සුහදව, ආදරණීයව කතා නොකරන ජිමින්ගෙ ආදරණීය බව ආදිට අත්විදින්න ලැබුනා. ආදිට ජිමින්ගෙ මේ වෙනස්වීම පුදුමයක් උනත් එයා ඒ වෙනසට කැමති උනා. ජිමින්ට ආදිව හැමදාම දකින්න ඕන උනා. ඒ නිසා නිවාඩු දවසටත් ජිමින් මොකක්හරි කියල ආදිව එලියට එක්කගෙන ගියා. ඒත් එක දවසක්,

Jimin හිටියෙ cabin එකට වෙලා කම්මුලට අත් දෙක තියාගෙන දොර දිහා බලාගෙන. වෙන මොකක් නිසාවත් නෙවේ... ආදි තාම office ආවෙ නැති නිසා. එතකොටම cabin එකේ දොරට තට්ටු කරල ඔලුව විතරක් ඇතුලට ආපු ආදි,

❤: Good morning Jimin...🙂

🐣: ආ... එන්න එන්න. Good morning madam. මොකද පරක්කු? අදත් එලාම් එක වැදුනෙ නැද්ද? බස් එක දාල ගියාද? නැත්තන් නිත්‍ය එනකන් උන්න ද? 🙄

ආදි දුවගෙන ආව නිසා මේසෙ උඩින් අතක් තියාගෙන එක අතක් කොන්දට තියාගෙන හති අරින්න ගත්ත.

❤: අයියෝ නෑ අප්පා.... අද පරක්කු උනේ නෑ... මං වෙලාවට ම ආව... මගදි කුකී බනී හම්බුනා නේ... එයා එක්ක ඕපෙයක් කියෙව්වා....ඒකයි උනේ... හේ...හේ...🥲

🐣: කුකී මොකා කිව්වා...? ඔක්කොටම කලින් ඉදගන්නවකො... අශ්වයෙක් වගේ හති අරින්නැතුව....😒

❤: කුකී බනී අනේ...අපේ ජන්කුකී....😁

🐣: උගේ නම කුකී බනී නෙවේ ආදී ජන්කුක්.... ජෝන් ජන්කුක්... මොන මල විකාරයක් ද මේ...🙄

Challo Driver 🚘❤Where stories live. Discover now