🚘Challo Driver 43🚘

88 28 29
                                    

President ගෙන වොරන්ට් එක ලැබෙනකන් ඉන්න තරම් ජිමින්ට ඉවසීමක් තිබ්බෙ නෑ. තමන් පරක්කු වෙන හැම තප්පරයකින්ම සිද්ධ වෙන්නෙ  ආදිගෙ ජීවිතය තවත් අනතුරේ වැටෙන එක කියල ජිමින්ට හිතුන. ඒක නිසාම ජිමින් පඩිපෙල නැගගෙන ගියේ VIP area එකට. ජිමින් දුවගෙන යනව දැකපු කුකී, සාජන් සෝ දෙන්නත් fighters ලත් එක්ක ජිමින්ගෙ පස්සෙන් දුවගෙන ගියා.

( ඔයාල බලනව ඇති අපේ ආදිට මොකද උනේ කියල. )

සැර මත්පැන් සුවදක් නහයට දැනුන නිසා නහයත් අකුලගෙනම ලාවට ඇස් දෙක ඇරපු ආදිට දැනුන දරාගන්න බැරි හිසේ වේදනාව නිසා ආයෙමත් ඇස් දෙක තද කරල පියා ගත්ත. අත පය හිරිවැටිල වගේ දැනෙන්න ගත්ත නිසා අමාරුවෙන් කෙදිරියක් පිට කරපු ආදි , ඇස් දෙක පියාගෙන ම සිද්ධ වෙච්ච දේවල් ඔලුව ට ගන්න try කරන කොට  මතක් උනේ තමන්ගෙ නැන්දව විසිවෙලා ගිහිල්ල බිත්තියෙ වැදිච්ච විදිහ. ඒත් එක්කම කෑගහගෙන නැගිට්ට ආදි,  ඇදේ ඉදගෙන ම වට පිට බැලුවෙ තමන් ඉන්නෙ කොහෙද කියල තහවුරු කරගන්න බැරුව. එතකොට තමා ආදිට තේරුනේ තමන්ගෙ අත් වගේම කකුල් දෙකත් තද කරල ගැටගහල කියල.

❤: නැන්දාහ්......😰

කාමරේ වටේම ඇස් යවපු ආදි ට දැකගන්න පුලුවන් උනේ තමන් ඉන්නෙ සුකෝපභෝගී කාමරයක බවයි. තමන්ගෙ ඉස්සරහ තිබ්බ මේසෙ උඩ  තිබ්බ මත්පැන් බෝතල් දෙක, වගේම glasses දැක්කම ආදි තේරුම්ගත්තා ටිකකට කලින් එතන කවුරුහරි ඉදල තියෙන බව. ඒත් එක්කම ආදිට මතක් උනේ වරුන්ව,  ඒත් එක්කම තමන්ව ගැටගහල තියෙන ලනු ලිහාගන්න උත්සාහයක නිරත වෙනගමන් කෑ ගහන්න ගත්ත ආදි,

❤: අ...අරේ බගවාන්....අයියා.....අනේ කවුරුවත් නැද්ද? මාව බේරගන්න.....අයියා.....😭😭😭😭

දොරේ ලොක් එක කරකැවෙන සද්දෙ ඇහිච්ච ආදි, කෑ ගහන එක නතර කරල  ඇස්දෙකේ කදුලු පුරවගෙන දොර දිහා බලාගෙන උන්නා. දොරෙන් ඇතුලුවෙච්ච පුද්ගලයව දැක්ක ආදිට සිද්ධ වෙච්ච දේ තේරුම්ගන්න පුලුවන් උනා.

🦧: මං බැලුව කවුද මේ කෑ ගහන්නෙ කියලා....අපේ චූටි කෙල්ල ඇහැරල නේ...  කොහොම ද ? හොදට නිදාගත්ත ද  ම්....? 😈

❤: මගේ අයියා කොහෙද ? ඇයි මාව මෙහාට ගෙනාවෙ ආ...? මාව ලෙහනවා...අපිට යන්න දෙනවා...නරුමයා....😡

Challo Driver 🚘❤Where stories live. Discover now