🚘Challo Driver 76 🚘

88 22 19
                                    

ලොකු තාප්පයක්... ලොකු කොල පාට තාප්පයක්? 🥲

ආදි හිටියෙ තවමත් ජිමින්ගෙ පපුවට මූණ ඔබාගෙන... ආදි දැක්කෙ ජිමින් ඇදගෙන හිටිය කොලපාට T shert එක... ආදි තමන් ගෙ ඉස්සරහ තියෙන්නෙ තාප්පයක් ද කියල සැක හැර දැනගන්න ඕන නිසා තමන්ගෙ චූටි නහය use කරල තාප්පෙට ඇනල බැලුවා...

❤: තාප්පයක් කොහොමද මෙච්චර සොෆ්ට් වෙන්නේ? හරිනම් මගේ නහය මේ වෙනකොට චොප්ප වෙලා යන්න ඕන... ඒත් එහෙම උනේ නෑ... ඒක වෙන්න විදිහක් නෑ... දැන් සිමෙන්ති වෙනුවට මාෂ්මෙලෝස් ද දන්නෑ යූස් කරන්නෙ ගෙවල් හදන්න... මේකත් අර අධිරාජ්‍යවාදී බූවල්ලගෙ කුමන්ත්‍රණයක් ද දල්ලෑ... ඔහ්ව් ඔව් මේ ඒ බූවල්ලා තමා... ඒකනේ මාව හෙලවෙන්නවත් බැරි විදිහට වෙලාගෙන ඉම්නේ... අරේ භගවාන් ජී... මාව බේරගන්න...

අදිගෙ කුණුකුණුවට යන්තන් ඇහැරුණ ජිමින් ,

🐣: කටවහගෙන ඉන්න ආදී...😴

❤: හුටා... මේ ඔට්ටපස් මයෙ නමත් දන්නවා... ඒ කියන්නෙ මූ ඇවිත් තියෙන්නෙ මාව අරගෙන යම්න... 🥺 හුවෑ... මං ජීවිතේ පටන් ගත්ත විතරයි... මං මලාම ජිමින්ට මොකෑ වෙල්ලේ.... ඌට මොකක් වෙන්න ද? වෙන සක්කරවට්ටමක් හොයා ගනී... ඕන දෙයක්... මයෙ හා කොලූ... බනියා... එයාගෙ පපුව පැලිල මැරෙයි... 😭 නිතී....
පොඩ්ඩක් ඉන්න... මේ ඔට්ටපස් ගෙ voice එකත් ජිමිනගෙ voice එක වගේමනේ... ඒක කොහොමද උනේ?  බැරිවෙලාවත්...😳







❤: මූ ජිමින්ව එක කටට ගිල්ලවත්ද? 🥲







❤: Noooo.... මට මෙච්චර ඉක්මනට වැන්දඹුවක් වෙන්න බෑ... ද්..දානව මයෙ මනුස්සයව එලියට... තොගෙන් බූවලු සුප් හදන්න කලින් ජිමින්ව එලියට දානවා.....😡😡😡

ආදි ජිමින්ගෙන් ගැලවෙන්න දගලන ගමන් ඔලුවෙන් ජිමින්ගෙ පපුවට වැරෙන් පහරක් එල්ල කලා.... ඒ පාර නං ජිමින්ට තරු පෙනිල ඇහැරුණා... ආදිව අතෑරපු ජිමින් පපුවත් අල්ලගෙන ඇදෙන් වාඩි උනා... මෙච්චර වෙලා පණුගාය හැදිල වගේ දගල දගල හිටපු ආදි ජිමින්ගෙන් මිදුන හැටියෙ දනගාගෙන ගිහින් ඇදේ එහා කොනෙන් වාඩි උනා...

🐣: ආහ්... මොනාදෝයි කරන්නේ? මගෙ පපුව... යකඩ පොල්ලකින්ද ගැහුවේ... 😖

Challo Driver 🚘❤Where stories live. Discover now