මෝහනය කිරීම 💞

855 144 59
                                    

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓
.
.
.
.
.
" Doctor පොඩ්ඩක් ඉන්න මට මේ ටික record කරගන්න පුලුවන් නේද......?"

මං doctor ගෙන් එහෙම ඇහුවෙ මොකද සම්පූර්ණයෙන්ම දේවල් මට දැනගන්න ඕන නිසා.....

"Of Course Mr.Yibo......"

Doctor අවසර දුන්න ගමන් මං කළේ 4n එක silent කරලා recording on කරපු එක.....ඊටපස්සෙ ආයෙමත් ඇවිල්ලා අර හාන්සි පුටුවෙන් මං හාන්සි වුණා.....

"හරි එහෙනම් අපි පටන් ගමු..."

එහෙම කියන ගමන් Doctor මාව මෝහනය කරන්න පටන් ගත්තා.......
.
.
.
.
.
.
.
.
.
.
💘💘💘💘 මෝහනය කිරීම 💘💘💘💘(auther's pov )
.
.
ඩොක්: කියන්න ඔබ කවුද......? අතීතයේදී.......?

යීබෝ:ලාන් වංශයේ ලාන් පරපුරේ  ලාබාලතම අවසාන රාජ්‍ය උරුමක්කාරයා වුණ  ලාන් වැන්ජි තමයි මම........හංග්වාන්ජුන් .......දෙවනි ජේඩ් මැණික .......ඒවා තමයි මගේ අන්වර්ථ නාමයන් වුණේ.....ලාන් සිචෙන් මගේ සහෝදරයා...ලාන් කිරෙන් මගේ මාමණ්ඩිය වගේම ගුසුවේ පාලකයා වුණා....ඉතාමත් සාමකාමී පාලන තන්ත්‍රයක් වගේම තද නීති තමයි ගුසුවෙ තිබුණෙ....පොඩි කාලෙ ඉදන්ම මං කැමති වුණේ තනියම ඉන්න...සහෝදරයා මාමණ්ඩිය හැරුණම මං කිසිම කෙනෙකුට සමීප වුණේ නැහැ....නීති දාස්ගානකට යට වෙලා හැදුණ නිසා මං ජීවත් වුණේ හැගීම් දැනීම් මරපු කෙනෙක් ගානට....ඒ නිසාම මං සීතල ගති තියන කෙනෙක් විදියට තමයි හැම රාජ්‍යයකම පැතිරුණේ...ඒත් මට ගාණක් වුණේ නෑ...මං සුපුරුදු සීතල ගති වලින්ම හිටියා...ඒත් ඒ එක දවසක් වෙනකම් විතරයි....

එදා තමයි අපේ වංශයට අනික් වංශ වලින් ශිෂ්‍යයන් භාරගන්න දවස....හැමෝම අතරින් දගකාර දඩබ්බරයෙක් මගේ ඇස් වලට අහුවුණා....එයාගෙ නම වෙයි වූෂියෑන් ......ජියැං වංශයේ පාලකයගෙ බාල පුතා.....හැමෝම මට ගරු සරු ඇතිව කතා කරද්දි එයා විතරක් මාව සෙල්ලමකට ගත්තා....මගේ කීම තියා මාමණ්ඩියගෙ කීම වත් ඔහුට වැදගත් වුණේ නැහැ....ඔහු සුපුරුදු දඩබ්බරකමින් කල් ගෙව්වා......නිතරම ඔහු මා අසල ගැවසෙන්න කැමති වුණා.....ඒ  මාව අවුස්සන්න....මාව තරහා ගස්සලා එයා විනෝදයක් ලැබුවා....නිතරම වැරදි කරලා මාමණ්ඩියගෙන් බැනුම් අහනවා....හැමදාම දඩුවම් විදියට එයාට සිද්ධවෙන්නෙ මගේ අනුදැණුම යටතෙ ගුසු නීති 3000 පිටපත් කරන්න....ඒ නිසා එයාට නිතරම මගේ ළඟ ඉන්න වුණා...උපතින්ම සීතල ගතිගුණ වලින් පිරුණ මං නොදැණුවත්වම ඒ මුරණ්ඩු දඩබ්බරයට කැමති වෙන්න පටන් අරන් තිබුණා....ඒක මොන වගේ හැගීමක්ද කියලා මං තේරුම් ගත්තෙ එයා දවසක් මියැන් කියන කෙල්ලගෙ අතින් අල්ලද්දි....එදා ඒක දැකලා මට දැණුනෙ මියැන්ව මරන්න තරම් කේන්තියක්....කිසිම දවසක එහෙම දෙයක් වෙලා නැති මං කරුණු ගලපලා බලද්දියි තේරුම් ගත්තෙ ඒක ඉරිසියාව කියලා....තමන් කැමති කෙනෙක් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි ඇතිවෙන ඉරිසියාව තමයි ඒ.....ඒ ඉරිසියාව පිටිපස්සෙ ලොකු ආදරයක් හැංගිලා තිබුනා....එදයි මං තේරුම් ගත්තෙ මං එයාට ආදරේ කරනවා කියලා..... ඒත් මං ඒක එයාට කිව්වෙ නෑ මොකද අපි දෙන්නම පිරිමි නිසා....ඒක අසම්මතයක් නිසා.....මෙච්චර කාලෙකට කිසිම හැගීමක් නැතුව හිටපු මං එකපාරටම පුරුෂයෙක්ට කැමතී කිව්වම ඒක මොන විදියට කට්ටිය පිළිගනීද කියන බයත් මට තිබුනා.....ඒත් මං ආදරේ කළා....එයාගෙත් සමහර ඉගි බිගි වලින්  මට තේරුණා මං වගේම එයත් මං ගැන වෙනස් විදියකට හිතනවා කියලා....

𖤓𖤓........අපි හමුවුණා ඒ පාරෙම..........𖤓𖤓(Yizhan WangXian  COMPLETED )Opowieści tętniące życiem. Odkryj je teraz