Male pregnancy වලට අකමැති අය මෙතනින් එහාට කියවන්න එපා..
කැමති නම් කියවන්න..ඒක ඉතින් මට ප්‍රශ්නයක් නෑ..එක එක එක්කෙනාගේ චොයිසස්නේ..හුගක් අය කැමති කිව්ව නිසා මන් දැම්මේ..
මන් කොහොමත් කාගෙවත් කැමත්ත හරිද වැරදි ද කියලා තර්ක කරන්න යන්නේ නෑ..
මොකද ඒ කෙනා මම නෙමෙයිනෙ..මේ ලෝකෙ මන් කියලා ඉන්නෙ එක්කෙනායි..එයා විදිය තව කෙනෙක් ඉන්න බෑ.. ඒ නිසා අනිත් අයගේ කැමත්තට අකමැත්තට මන් මුකුත් කියන්නෙ නෑ..ඒකට මන් ගරු කරනවා..🙂
............................................................................................
ජන්ග්කුක්ව ශින් වෙදදුරු දැන් පරීක්ෂා කරන්න අරන් පැය භාගෙකටත් වැඩි..තාමත් හරි දෙයක් කිව්වේ නැතත් සැරින් සැරේ වෙනස් වෙන ශින් වෙදදුරුගේ මූන දැක්කාම ටේහ්‍යුන් හොදටම බය වෙලා හිටියේ..
🐯 වෙදදුරු තුමනි...කියන්නකෝ..මගේ බනී හොදින් නේද ??
තාමත් සිහිය නැතුව ඉන්න ජන්ග්කුක්ගේ ඔලුව අතගාන ගමන් ටේහ්‍යුන් අහනකොට ශින් වෙදදුරුගේ මූනේ තිබ්බේ මෙහෙම වෙන්න පුලුවන් ද කියලා බැල්මක්..ඒ බැල්ම තේරුම් ගත්ත ජිමින් ශින් වෙදදුරු එක්ක හිනා වෙලා ඔලුව වැනුවා.
🐥 ඒක වෙන්න පුලුවන් වෙදදුරු තුමනි..මන් ඒක දැක්කා..
ජිමින් එහෙම කිව්වාම තමා ශින් වෙදදුරු එයාගේ තීරණය 100%ක්ම හරි කියලා පිළිගත්තේ..
💊 මේ..මේ..මේකයි...මන් මීට කලින් මෙහෙම දෙයක් දැකලා නෑ..ඒත් ජන්ග්කුක් කුමාරයා කොහොමත් සාමාන්‍ය කෙනෙක් නෙමෙයි නිසා මේක වෙන්න පුලුවන්කමක් තියෙනවා..
🐯 මගේ බනීට කරදරයක් ද ?? අනේ එයාට මුකුත් වෙන්න දෙන්න එපා..මට බනී නැතුව ජීවත් වෙන්න බෑ..
ටේහ්‍යුන් වෙදදුරුගේ අතින් අල්ලන් අඩ අඩ කියනකොට යූන්ගි ටේහ්‍යුන්ව එයාට තුරුල් කරගත්තා.
🐱 කලබල වෙන්න එපා ටේහ්‍යුන්...කුක්ට ප්‍රශ්නයක් නෑ..
🐯 එහෙනම් එයා ඇයි මෙහෙම ඉන්නේ ?? ඇස් අරින්න කියන්නකෝ..
YOU ARE READING
Defenders Of The Degan || TK || Completed
Fantasyඔයා හිතනවද ආරා මේ දෙන්නා මේ විදියට ගිහින් ආදරෙ කරයි කියලා..කුක් කෙසේ වෙතත් මට අපේ එකා ශුවර් නෑ..දැක්කානේ ඊයෙත් උන දේවල් ?? - හෝසියෝක් - අපිට මිනිස්සු වෙනස් කරන්න බෑ හොබි අපිට තියෙන ආදරේට එයාලම වෙනස් උනොත් හැරෙ...