prologue🍂

1.1K 167 26
                                    


                   පේන තෙක්මානෙකම තිබුනේ නිල් පාට වතුර කදක් විතරයි.. මුහුදු හුලග කපාගෙන වේ⁣ගයෙන් ආපු රතු පාට ෆෙරාරි රථය මුහුදත් ගොඩබිමත් වෙන්වුනු කදුගැටේ මුදුනින්ම නැවතුනා.. මුහුදු රළ කදුගැටේ ගැටෙන හඩ පරයලා හිනාහඩක් පැතිරිලා ගියා...

"බහින්න.. අපි ආවා..." වැඩිමලා බාලයාගේ පැත්තට හැරිලා කිව්වා... දෙන්නම හිටියේ ගොඩක් සතුටින් කියන්න ඒ දිලිසෙන ඇස් සාක්ශි දැරුවා...

"වාව් කුකී.." බාලයා ඈත පේන මුහුද දිහා බලාගෙන පුදුමයෙන් පිරුනු හඩකින් කිව්වා.. ඒ ඇස් සතුටින් දිලිසෙනවා.. ඒ මුවේ තාමත් හිනාවක් රැදිලා තිබුනා...

බාලයා රථයෙන් බැහැලා කදුගැටේ අයිනටම ගෑටුවා...

"මිනී..." බාලයට දැනුනේ තමන්ගේ බෙල්ල අගින්ම දැනුනු වැඩිමලාගේ හුස්ම.. තමන්ගේ ආදරණියාගේ ස්පර්ශයට ඇඹරෙන ගමන් බාලයා ආයෙත් හිනා වුනා...

"හනේ කුකී.. මට කිචියි.." බාලයා වැඩිමලාගේ අත් වලින් බේරෙන්න තව තවත් දගලන ගමන් කිව්වා.. වැඩිමලාගේ මූනේ හිනාවක් ඇදුනා... ඔහුගේ කුඩා පෙම්වතා කොයි තරම් නම් හුරතල්ද??

"මන් ඔයාට ආදරෙයි මිනී.. ගොඩාාාක්... හිතා ගන්නවත් බැරි තරම්... " වැඩිමලා බාලයාගේ බෙල්ලෙන් මූන අරන් ඔහුව තදින් පිටුපසින් වැලද ගත්තා...

"මාත් කුකී.. මාත් ගොඩාාක් ඔයාට ආදරෙයි.." ආදරේ පිරුනු ඇස් වලින් බාලයා උත්තර දුන්නා....

ඔවුන් දෙදෙනාම මොහොතක් ඈත පේන මුහුද දිහා බලන් හිටියා..

"තැන්ක් යූ මගේ යෝජනාව පිලිගත්තට.." වැඩිමලා කිව්වේ බාලයාගේ මුද්දකින් හැඩවුනු වමත අරගෙන හාදුවකින් සරසන ගමන්.. බාලයාගේ මූන ආයෙත් සතුටු හිනාවකින් පිරිලා ගියා...

"ඔයාටයි ස්තූති කරන්න ඕනේ කුකී.. තැන්ක් යූ මට මෙච්චර ආදරයක් දෙනවට..." බාලයා කිව්වේ වැඩිමලාගේ පැත්තට හැරෙන ගමන්... ඔවුන් ටිකවෙලාවක් ඇස් වල ගිලිලා හිටියා..

"යූ ඩිසර්ව් දැට් මයි ඒන්ජල්.." වැඩිමලා කිව්වේ බාලයාගේ නලලින් හාදුවක් තියන ගමන්... බාලයාගේ ඇස් ආ⁣දරෙන් පිරිලා ගියා.. එයා සතුටින් හිටියේ.. ලෝකේ ඉන්න සතුටුම මනුස්සයා...

"හැමදේකටම ස්තූතියි කුකී.. මට ගොඩාක්.. ගොඩාාක් සතුටුයි... අයි.. අයි ලව් යූ සෝ මච්.." බාලයා කිව්වා..

"මී ටූ මයි ඒන්ජල්.." වැඩිමලා කිව්වේ බාලයාගේ තොල් පෙති වලට නැවෙන ගමන්.. ඒක ආදරේ පිරුනු හාදුවක්.. බාලයා වැඩිමලාගේ උරහිස් වලින් අත් දාගන්න ගමන් වැඩිමලාට තව තවත් ලන් වෙන ගමන් හාදුවට ප්‍රතිචාර දැක්කුවා..

එකපාර වැඩිමලා හාදුව අතරින්ම ගැස්සිලා ගියේ බාලයාගේ තොල් අතඇරනවත් එක්කම තමන්ගේ මූනට විසික්වුනු උනු දියරය නිසා... වැඩිමලා වහන් හිටපු ඇස් ඇරියා...

ඔහු දැක්කේ.. හිසෙන් ගලන ලේ පහරක් එක්කම ඔහු දිහා තාමත් බලාගෙන, කදුගැටෙන් පහලට වැටෙමින් ඉන්න තමන්ගේ ප්‍රේමවන්තයව...

"ජිමින්!!!!!" වැඩිමලා මොර දෙද්දි බාලයව කදුගැටෙන් පහලට වැටුනේ ඔවුන් දෙදෙනාගේ ආදරයට සාක්ශි දරමින් හිටිය මුලු පරිසරයම කම්පා කරවලා...

..................

"ශිට්.. ශිට්.." කුලී ඝාතකයා තමන්ගේ තුවක්කුවෙන් ඇහැ ගන්න ගමන් මිමුනුවා... ඔහුගේ ඉලක්කය වැරදිලා... උන්ඩය වැදිය යුතුව තිබුනේ ජොන් ජන්කුක්ට මිසක් ඔහු ගාව හිටිය කුඩා තරුණයාට නෙවෙයි...

පලවෙනි වතාවට ඔහු අතින් වැරදීමක් වෙලා.. ලොකුම ලොකු වැරැද්දක්...

To be continued.🍂

🍂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)Where stories live. Discover now