1.🍂

663 167 44
                                    


"ඇත්තමයි බබා.. දුවලා දුවලා ඔයා වැටුනොත් මම ඔයාට  හොද ගුටියක් දෙනවා.." ජිමින් කිව්වේ වූන්ගේ රෑ කෑමට අල පොඩි කරන ගමන්.. ලිප උඩ එයාලගේ රෑ කෑමට රසම රස ගාලික් සුප් එකක් පැහෙමින් තිබුනා.... ජිමින් දිගටම අල පොඩි කලා.. සුප් එක ගැනත් බලලා පිටිපස්ස හැරිලා බැලුවේ තාමත් ගේ අස්සේ දුවන පොඩි කොල්ලා දිහා...

අවුරුදු තුනක් වුනු වූන් බින් ජිමින්ගේ තරවටුව ගනන් ගන්නේ නැතිව දිගටම දිව්වා.. පුංචි කොල්ලගේ චූටි කකුල් වලට නිවනක් නැති පාටයි...

"A for apple... a-p-p-l-e... B for ball... b-a-l-l..." පුංචි කොල්ලා මහ හයියෙන් කෑ ගහන ගමන් ගේ වටේ දුවනවා.. එයාගේ සෙල්ලම් බඩු හැමතැනම.. අස්සයා ගෝන් ටික් ටික් එක පවා කිචන් එකේ.. කාර්ස්.. පොඩි පොඩි බිල්ඩින් බ්ලොක්ස්.. ස්ටෝරි බුක්ස්.. අකුරු ගේ හැමතැනම.. ජිමින් එයාගේ කකුල ගාවට ආපු කාර් එක මේසේ උඩින් තියලා පොඩි කර කර හිටපු අල එකත් පැත්තකින් තියලා ලිපත් වහලා දාලා තමන්ගේ පුංචි පුතාව අල්ල ගන්න හිතුවා...

"අල්ලගත්තා!!!!!" වූන් බින්ව අත් වලට අරන් ජිමින් කිව්වා.. වූන් බින් බෝල ගෙඩියක් වගේ හිනා වෙන ගමන් ජිමින්ගේ අත් අතර දැගලුවා...

"පපා.. බබාව අල්ලගත්තා.." පොඩි කොල්ලා හුරතලයෙක් වගේ හයියෙන් බෙරිහන් දුන්නා...

"මගේ සුපර්හිරෝ දැන් දැගලුවා ඇති.. අප්පා එන්න කලින් ඔයා⁣ වොශ් දාන්න ඕ⁣නේ..." ජිමින් කිව්වේ වූන් බින්ගේ නහය හපන්න හදන ගමන්... පොඩ්ඩා හයියෙන් හිනා වෙන ගමන් කෑගැහුවා..

එතකොටම වගේ දොර අරින සද්දයක් ඇහෙද්දි සෙල්ලම් කර කර හිටපු පපායි බබායි දෙන්නගෙම මූනු වල හිනාවක් ඇදුනා...

"අප්පා!!!!!" පොඩි කොල්ලා බෙරිහන් දෙද්දි ජිමින් පොඩ්ඩව බිමට බැස්සුවේ පොඩ්ඩා වේගෙන් දොර දිහාට දුවද්දි..

ජිමිනුත් මූ⁣නේ රැදුනු හිනාවක් එක්කම දොර ගාව ඉදන් හුරතල් වෙන අප්පයි පොඩ්ඩයි දිහාට ඇවිදන් ගියා...

"ජිමිනි.." ජිමින්ගේ අතට බෑග් එක දෙන ගමන් ටේහ්‍යුන් ජිමින්ගේ තොල් උඩින් හැමදාම වගේ පුංචි හාදුවක් තිබ්බේ පොඩ්ඩා ටේහ්‍යුන්ගේ කකුල් අස්⁣සේ රිංගද්දි...

OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)Donde viven las historias. Descúbrelo ahora