4.🍂

487 137 36
                                    


         ජිමින් හිටියේ ජින්ගේ ගෙදර කිචන් එකට වෙලා ජින් හදලා දුන්නා කෝපි එක බොන ගමන්.. වූන් හිටියේ පොඩි නින්දකට පස්සේ ජින් හදලා දුන්නු කිරි එක බීලා සෙල්ලම් කරමින්..

"අප්පා!!!" ජිමින්ට ඇහුනේ වූන් කෑ ගහන සද්දේ.. ජිමින් මූන හිනාවකින් පුරෝගත්තා...

"හෙයෝන් ටේ ඇවිත්.." ජිමින් හිනාවෙලා ජින්ට කියන ගමන් පුටුවෙන් නැගිටලා ⁣ලිවින් රූම් එක පැත්තට ගියා...

ජින් හිටියේ හොදටම බය වෙලා.. දැන් ටේ කොහොම හැසිරෙයිද කියලා ජින්ට හිතාගන්න බැරි වුනා...

"ටේ.." ජිමින් ටේ දිහාට ඇවිදන් යන ගමන් හිනා වුනා.. ටේව දැක්කම ජිමින්ට ගොඩක් සතුටු හිතුනා.. වූන් හිටියේ ටේගේ කකුල බදාගෙන...

ඒත් ටේ හිටියේ රතු වුනු ඇස් එක්ක ජිමින් දිහා බලාගෙන.. බලන්න පවා බය හිතෙන ටේගේ මූන දැක්කම ⁣ජිමින්⁣ගේ හිත ගැස්සිලා ගියා...

"ටේ.." ජිමින් හිමින් මිමුනුවා... එයාගේ හදවත පිසසුවෙන් වගේ ගැහෙන්න ගත්තා...

"කිම් ජිමින්.... තමුන් මේ මොනවා කරනවා කියලද හිතන් ඉන්නේ.. තමුන් මොන මගුලක්ද මෙහෙ කරන්නේ.." ටේහ්‍යුන් අත් මිටි මොලෝ ගෙන කෑ ගැහුවා.. ජිමින් එකපාර ගැස්සිලා ගිහින් හිටපු තැනම නැවතුනේ එයාව එකපාර බයෙන් වෙවුලලා යද්දි..

පොඩ්ඩා එයාගේ අප්පා දිහා බැලුවා.. පොඩ්ඩට පවා තේරුනා එයාගේ අප්පා කේන්තියෙන් ඉන්නේ කියලා...

"අප්පා..." පොඩ්ඩා කෙදිරුවා...

ටේහ්‍යුන් පොඩ්ඩා දිහාත් කේන්තියෙන් පිරුනු ඇස් වලින් බලද්දි පොඩ්ඩා ඇස් වල කදුලු පුරෝගෙන මූන බෙරි කරගත්තා.. වූන්ගෙන් ඉකියක් පිටවෙද්දි එයා ටේගේ ඇස් වලින් හැංගෙන්න වගේ ටේගේ කකුල් බදාගෙන කකුල් වල මූන හංගත්තා...

"ජින් හෙයෝන්.. මේ ලමයව ගන්න..." ටේ ජිමින් දිහා බලාගෙනම කිව්වා.. ජිමින් හිටියේ ටේගේ බය හිතෙන ඇස් දිහා බලන්න බැරිව බිම බලාගෙන අතේ ඇගිලි මිරිකන ගමන්...

"ටේ ප්ලීස්.. තරහ පාලනේ කරගන්න.." ටේහ්‍යුන් ලගට ආපු ජින් වූන්ව වඩා ගන්න ගමන් ටේහ්‍යුන්ට මිමුනුවා.. ඒත් ජින්ටත් ටේහ්‍යුන්ගෙන් නපුරු බැල්මක් හම්බවෙද්දි ජින් වූන්වත් අරන් පඩිපෙල නගින්න ගත්තේ වූන් අඩන්න ගද්දි...

OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)Where stories live. Discover now