7.🍂

482 129 70
                                    

9 years ago

ටේහ්‍යුන් එයාගේ ඔලුව වැහිලා තිබුනු කලුපාට හූඩියේ සාක්කු දෙකට අත් දෙක දාගෙන එයා ඇවිදන් ආපු පාරේ එයා ඉස්සරහා වැටිලා තිබුනු බියර් ටින් එකට පයින් ගැහුවා.. බියර් ටින් එක ටේහ්‍යුන්ට ඉස්සරහින් පාරේ රෝල් වෙලා යද්දි ටේහ්‍යුන් දිගටම ඒ අදුරු පාලු පා⁣රේ ඇවිදගෙන ගියා... ටේහ්‍යුන් පුරුද්දට වගේ කටේ තිබුනු බබල්ගම් එක නොනවත්වා හැපුවා.. බබල්ගම් එකේ රසක් නොදැනුනත් එයා දිගටම හැපුවා...

වෙලාව පාන්දර දෙක පහුවුනා කියලා ටේහ්‍යුන්ට තේරුනා.. ටේහ්‍යුන් අන්තිමට නැවතුනේ පාලුවට ගිය මහල් නිවාස සංකීර්ණයක් ඉස්සරහින්...

ටේහ්‍යුන් එයාගේ අපාට්මන්ට් එක ඇතුලට ගිහින් හූඩිය ඔලුවෙන් අයින් කලා..

" හේ බ්රෝ..." ටේහ්‍යුන් එයා ගාවට දුවන් ආපු පුලුන් බෝලේ තරමට නැවිලා කිව්වා.. ටේහ්‍යුන්ගේ පුලුන් බෝලේ.. pomeranian වර්ගයේ බලු පැටියා ටේහ්‍යුන් දිහා බලාගෙන චූටි කකුල් වලින් උඩ පැන පැන බුරන්න ගත්තා..

"හෝව්.. හෝව්.. ඇයි මේ..." ටේහ්‍යුන් ඇහුවේ අමුතු විදියට බුරන බලු පැටියව සන්සුන් කරන්න උත්සාහ කරන ගමන්...

ටේහ්‍යුන් විනාඩි ගානක් මහන්සි වෙලා බලු පැටියා ටැනීව සන්සුන් කරලා කාමරේට ආවා.. ටේහ්‍යුන් එයා ඇදන් හිටපු හූඩිය ගලවලා විසික් කරන ගමන් වොශ්රූම් එකේ කන්නාඩිය ඉස්සරහට ආවා... ටේහ්‍යුන් එයාගේ හොදින් වැඩුනු ඇඟ දිහා බලාගෙන හුස්මක් හෙලුවා...

ටේහ්‍යුන් මූන බෙරි කරගත්තේ එයාගේ කම්මුලේ තිබුනු පුංචි ලේ බින්දුව දැකලා... ටේහ්‍යුන් අප්පිරියාවෙන් වගේ දැනටමත් වේලිලා තිබුනු ලේ බින්දුව අල්ලලා බැලුවා...

ටේහ්‍යුන් දැන් ටිකකට කලින් එයාට ආපු ඕඩර් එකක් ඉවර කරලයි ආවේ.. ඇත්තටම ටේහ්‍යුන් ලේ ගාගන්න වැඩ වලට නම් හරිම අකැමැතියි.. අයි මීන් ලේ වල මලකඩ ගද!!! අනික ගලන්න ගියාම ඉවරයක් නැතුව ගලනවනේ.. ⁣ඒ නිසාම ටේහ්‍යුන් පාවිච්චි කලේ හරිම වෙනස් ක්‍රම.. ඇගේ ලේ ගෑවෙන්නේ නැති ඒ වුනාට වැඩේ හරියටම වෙන හරිම සියුම් ක්‍රම....

OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)Where stories live. Discover now