📱
"ජින් හෙයෝන්..." ටේහ්‍යුන් ෆෝන් එක ඇගිලි තුඩු වලට මිරිකෙද්දි කතා කලා..
"ටේ??? ටේ.. දෙයියනේ ටේහ්‍යුන්.. ඔයා කොහෙද ඉන්නේ..."
"හෙයෝන්.." ටේහ්‍යුන් තව දුරටත් කතා කලා.. එයාගේ කොන්ඩේ මුහුදු හුලගට ගහගෙන ගියා... ටේහ්‍යුන් ඉස්සරහා පේන මුහුද දිහා බලාගෙන ඇස් පියාගෙන හොද හුස්මක් ගත්තා...
"ටේහ්‍යුන්.. මොන ලෝකෙද ඔයා ඉන්නේ... ප්ලීස් මට කියන්න මාව මෙහෙම බය කරන්න එපා.."
"හෙයෝන්.. වූන් කොහෙද??" ටේහ්‍යුන් වේගයෙන් ඇහි පිය ගැහුවා..
"එ..එයා නිදි.. වූන් මෙච්චර වෙලා ඔයාව ඉල්ලලා ඇඩුවා ටේහ්‍යුන්.. ප්ලීස් ගෙදර එන්න..."
"හ්ම්.. මම එනකන් වූන්ව බලාගන්න හෙයෝන්... ප්ලීස් එයාට කියන්න එයාගේ අප්පයි පපායි එයාට ගොඩක් ආදරෙයි කියලා..
හෙයෝන්.. ප්ලීස් අපි වෙනුවෙන් අපේ දරුවව බලාගන්න.. එහෙනම් මම තියන්නම්..
හෙයෝන්.. වූන්ව බලාගන්න.." ටේහ්‍යුන් එයාගේ පපුව ගොඩක් රිදෙන්න ගද්දි අන්තිම පාරටත් කිව්වා...
"ටේහ්‍යුන්.. ඔයා කොහෙද ඉන්නේ... වූන් ගැන බයවෙන්න එපා.. මම ඉන්නවනේ.. ප්ලීස් ඉක්මනට ගෙදර එන්න...
හෙලෝ... ටේහ්‍යුන් ඔයාට මාව ඇහෙනවද?? හෙලෝ.. ටේහ්‍යුන්..."
ටේහ්‍යුන් ජින්ගේ කටහඩ එහා පැත්තෙන් අහෙද්දි කෝල් එක කට් කරා..
ටේහ්‍යුන් ලොකු හුස්මක් අරන් එයා දාගෙන හිටිය මාස්ක් එකෙන් එයාව තවත් ආවරණය කරගත්තා.... ඒ ජන්කුක් ජිමින්ව අරන් ගිහින් ගෙවුනු දෙවෙනි දවස..
"V??" ටේහ්‍යුන් එයාට පිටිපස්සෙන් ඇහුනු කටහඩට පිටිපස්ස හැරුනා...
"ඔයා ඉල්ලපු හැමදේම ලෑස්තියි..
මට තාම හිතාගන්න බෑ අවුරුදු අටකට පස්සේ ඔයාව ආයේ මේ විදියට හම්බවුනා කියලා.. කොච්චර කාලයක්ද?? මිස්ටර් කන්ග් ඔයාව හැමතැනම හෙවුවා..." ටැටූ අතක් එක්ක හිටපු මනුස්සයා කිව්වා.. ටේහ්‍යුන් ඔලුව කෙලින් කරගත්තා...
ESTÁS LEYENDO
OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)
FanficNothing but the blues.....🍂 •A vminkook fanfiction. ~vmin and jikook •angst •fluff •mpreg •sad ending? •Top kook •Top tae