5.🍂

456 139 46
                                    

      "අප්පා..." වූන් හිමීට කිව්වේ ටේහ්‍යුන්ව දැකලා ජිමින්ට තුරුලු වෙන ගමන්.. වූන් තාමත් හිටියේ ටේහ්‍යුන්ට බයේ.. ජිමින් වූන්ව ජින්ට දීලා ටේහ්‍යුන්ගේ බෑග් එක ඉල්ලගෙන මූනවත් බලන්නේ නැතුව කාමරේට ගියා..

ටේහ්‍යුන් ජිමින් ගිය දිහා බලලා ජින් දිහාට හැරුනා....

"ඔයාලා අද කොහෙද ගියේ??" ටේහ්‍යුන් ඇහුවේ ජින් ගාවින්ම වාඩි වෙන ගමන්..

" Aquarium එකට.. මායි වූනුයි විතරයි ගියේ.." ජින් කිව්වේ වූන්ව තුරුලු කරගන්න ගමන්.. වූන් හොරෙන් හොරෙන් ටේහ්‍යුන් දිහා බැලුවා..

"එතකොට ජිමින්???" ටේහ්‍යුන් ඇහුවේ වූන්ව ජින්ගේ ඔඩොක්කුවෙන් ගන්න ගමන්.. වූන් බයෙන් වගේ ජින් දිහා බලද්දි ජින් ඒකට කමක් නෑ කියන්න වගේ වූන්ගේ ඔලුව අත ගෑවා...

"එයාට බෑ කිව්වා.." ජින් උත්තර දෙද්දි ටේහ්‍යුන් වූන්ව බදාගෙන වූන් ගාවින් එන එයා ආසම වූන්ගේ සුවද විද ගත්තා.. වූන් සද්දයක් නැතුව හිටියා.. ටේහ්‍යුන් දැක්කේ එයා දිහා බලන්නෙවත් නැතුව කිචන් එක පැත්තට යන ජිමින්ව...

"මගේ සුපර්හීරෝ අප්පා එක්ක තරහද??" ටේහ්‍යුන් ඇහුවේ වූන්ව තද කරලා බදාගන්න ගමන්.. ටේහ්‍යුන්ට එයාගේ පුංචි පුතාව ගොඩක් මිස් වෙලයි තිබුනේ.. එයාලා මීට කලින් කවදාවත් මෙහෙම ඉදලා නෑ..

"නෑ.. වූන් අප්පා එක්ක තරහා නෑ.." පොඩ්ඩා කිව්වේ ටේහ්‍යුන්ගේ පපුවට හේත්තු වෙන ගමන්... ටේහ්‍යුන් පොඩ්ඩට හාදුවක් දුන්නා..

"අප්පා වූන්ව ආයේ බය කරනෝද??" පොඩ්ඩා ඇහුවේ ටේහ්‍යුන්ගේ මූන දිහා බලලා...

"නෑ.. අප්පට මියානේ මගේ වූනි.. අප්පා ආයේ කවදාවත් එහෙම කරන්නැ.. ම⁣ගේ වූන් අප්පට සමාව දෙනවද??" ටේහ්‍යුන් ඇහුවා.. පොඩ්ඩා ඔලුව වැනුවා..

"වූන් අප්පට ආදලෙයි.." ටේහ්‍යුන්ට වූන්ගෙන් ලැබුනු හග් එක නිසා සැනසීමක් දැනුනා...

"අප්පත් වූන්ට ගොඩක් ආදරෙයි.. මගේ වූන්.. මගේ සුපර් හීරෝ..."

ජිමින් ටේහ්‍යුන් ඉස්සරහින්ම හදාගෙන ආපු කෝපි එක තියලා ටේහ්‍යුන්ගේ මූන දිහා බලන්නෙවත් නැතුව වූන්ව අරන් කාමරේට ගියේ ටේහ්‍යුන් ඒ දිහා කනගාටුවෙන් බලන් ඉද්දි...

OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)حيث تعيش القصص. اكتشف الآن