The End.🍂

722 163 100
                                    


ඩොක්ටර් කියපු කිසිම දෙයක් විශ්වාස කරන්න ජන්කුක්ටවත් ටේහ්‍යුන්ටවත් ඕන වුනේ නෑ... ඩොක්ටර් ගියාම ටේහ්‍යුන් හොද හුස්මක් ගත්තා.. එයා ජිමින්⁣ හිටපු කාමරේ දොරට අත තියද්දි දැනුනේ ජන්කුක්ගේ අතත් දොරේ ලොක් එක අල්ලන් ඉන්න විදිය...

"අත ඇරපන්... මමයි ජිමින්ගේ හස්බන්ඩ්.. නීතියෙන් වගේම හැම අතකින්ම එයාව අයිති මට.. ඈත් වෙලා ඉන්නවා අපෙන්.. මගේ දරුවගේ ලේ උ⁣ඹේ අත්වල ගෑවිලා තියෙනවා කියලා මට හැමතිස්සෙම මතක් කරවන්න එපා.. " බොරලු පාට ඇස් එක්ක ජන්කුක් දිහා බලාගෙනම ටේහ්‍යුන් කිව්වා.. ජන්කුක්ව නවත්තන්න ඒ වචන ටික ඇති වුනා...

පපුව කියාගන්න බැරි තරම් වේදනාවකින් පිරිලා යද්දි ජන්කුක් දොරෙන් අත ගත්තා.. ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන්න කරදර නොවී ජිමින් හිටිය කාමරේට ගියා...

ජිමින් හිටියේ හරිම අහිංසක පාටට ඇස් දෙක පියාගෙන...

"ජිමිනි..." ටේහ්‍යුන් ජිමින් ලගට ගිහින් වාඩිවුනා.. කැනියුලා ගහපු අත හිමී⁣ට අරන් සිපගන්න ගමන් ඇස් දෙක පියාගත්තා..

"මට සමාවෙන්න මිනී... මට ඔයාව පරිස්සම් කරගන්න බැරි වුනා.. මට සමාවෙන්න.. මට අපේ පැටියවවත් අඩු ගානේ බේරගන්න බැරි වුනා..." ටේහ්‍යුන් කදුලු පුරෝගෙන මිමුනුවා... ජිමින් දිගටම කිසිම දෙයක් නොදැන ඇස් පියාගෙන හිටියා...

"මම මහ පවු කාරයෙක්ද ජිමිනි.. ඇයි අපිට මෙහෙම වුනේ.. ඔයා මගේ නේද??? ඔයා ඔයා මට අයිති දෙයක් නේද??" ටේහ්‍යුන් ජිමින්ගේ අත සිපගත්තා... එයාට දැනුනා එයාගේ පපුව හිරවෙන විදිය...

ජිමින්ගේ කාමරෙන් එලියට වෙලා වීදුරුවෙන් ඇතුල බලන් හිටිය ජන්කුක් බිම බලාගෙන තොල් හපා ගත්තා.. එයාට මහා අසරණ කමක් දැනුනා.. පලවෙනි වතාවට ජිමින්ගේ අයිතිය ගැන එයාට සැකයක් දැනෙන්න ගත්තා...

"ජන්කුකා..." යුන්ගි ජන්කුක්ගේ උරහිසකට අත තියද්දි කදුලු පිරුනු ඇස් එක්ක ජන්කුක් යුන්ගි දිහාට හැරුනා... යුන්ගි ජිමින් දිහාට ඇස් යවලා ජන්කුක්ගෙ පිටට තට්ටු කලා...

"හැමදේම හරියයි ජන්කුකා... හෙයෝ්න් ඔයා ගාව ඉන්නවා..."

......................

OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)Donde viven las historias. Descúbrelo ahora