9 years ago...
"ජිමින්.. උදේට උයලද ඔය යන්න හදන්නේ?" ජිමින්ගේ කුඩම්මා කාමරෙන් එලියට එන ගමන් කෑගැහුවා.. ජිමින් හිටියේ සපත්තු දාගන්න ගමන්... දැනටමත් එයා හොදටම පරක්කුයි... ජිමින් අතට ගත්තු සපත්තුව බිමින් තියලා හොද හුස්මක් ගත්තා.. ඔරලෝසුවේ වෙලාව 7.35යි කියලා සදහන් වෙලා තිබුනා.. වැඩිපුර නිදාගත්ත එක ගැන තමන්ට දොස් කියාගන්න ගමන් ජිමින් බෑග් එක පැත්තකට කරලා හූඩියේ අත් නවාගෙන කිචන් එකට ගෑටුවා...
ජිමින් දැක්කා එයාගේ නැන්දා ෆ්‍රිජ් එකෙන් ගත්තු කිරිබෝතලයක් කටේ ගහගෙන බොන ගමන් තමන්ට විරිත්තන හැටි.. ජිමින්ගේ මූනේ අප්පිරියාවක් ඇදුනා...
"උඹ ඔය මටද ඇද කරන්නේ... උඹව මේ ගෙදර තියාගෙන කන්ඩ දෙන මටද ඔය ඔරවන්නේ.." මැදි වයසේ ගෑනු කෙනා කියෙව්වා.. ජිමින් මුකුත් නොකියා හාල් හෝදන්න ගත්තේ මේක පුරුදු නිසා... මැදි වයසේ ගැහැනිය එයා ඉස්සරහා එයාට පිටුපාලා ඉන්න පිරිමි ලමයගේ ඔලුවට එකක් ගහලා කාමරේට ගියා..
ජිමින්ට එයාගේ අත් මිට මෙලවුනා.. තරහයි.. දුකයි.. හැමදේම...
ජිමින් බත් හදලා සුප් එක්ක කිම්චි මේසේට ඇරියා....
දැනටමත් 8 පහුවෙලා.. ස්කෝලේ පටන් අරන් ඉවරයි.. ජිමින් හොද හුස්මක් අරන් කුඩම්මගේ කාමරේ දොරට තට්ටු කලා...
"කුඩම්මේ කෑම ලෑස්තියි.. මම යනවා.." ජිමින් කිව්වත් ජිමින්ට කුඩම්මගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.. ජිමින් හුස්මක් හෙලලා බෑග් එක අරන් එලියට බැස්සා...
ජිමින් එයා දිහා අමුතුවට බලන මිනිස්සු ගනන් ගන්නේ නැතිව ඉන්න උත්සාහ කලා.. මේක එයාට පුරුදුයි.. ඒත්??
ජිමින් වෙනදට එයා ස්කෝලෙට පරක්කු වුනාම ඇතුලට පැනගන්න තාප්පේ ගාවට ගියා... එතන තියෙන ගහට නැගලා ජිමින් වෙනදට හොරෙන්ම ස්කෝලෙට පැනගන්නවා.. ඒත් ජිමින් අද දැක්කේ ඒ ගහ කපලා දාන හැටි.. කම්කරුවෝ කිහිපදෙනෙක් ගහ කපලා දාන දිහා ජිමින් හැගීම් විරහිතව බලන් හිටියා...
YOU ARE READING
OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)
FanfictionNothing but the blues.....🍂 •A vminkook fanfiction. ~vmin and jikook •angst •fluff •mpreg •sad ending? •Top kook •Top tae