"ජන්කුක් ඔය ඇති..." යුන්ගි කිව්වේ දැන් පැය ගානක් තිස්සේ පිස්සෙක් වගේ බොන ජන්කුක්ට...
"ම..මගේ මිනී..." ජන්කුක් එයා ගාව ඉන්න යුන්ගි දිහා රතු වුනු ඇස් වලින් බලලා මිමුනුවා.. ජන්කුක් තව වීදුරුවක් පුරෝගෙන බොන්න ගත්තා...
හැමදේම පටන් අරගෙනත්.. ඉවර වෙලත් අවුරුදු ගානක් ගතවෙලා ගිහින්.. ඒත් ජොන් ජන්කුක් හිටියේ තාමත් එතන... ජන්කුක් තාමත් අතීතේ ජීවත් වෙවී දුක් විදිනවා... අවුරුදු අටක් ගෙවිලා ගිහින් වුනත් ජන්කුක් තාමත් පරණ ජන්කුක්මයි.
"ඇති ජන්කුක්.. ඔය ඇති දැන්.. බිව්වා කියලා හැමදේම විසදෙන්නේ නෑනේ..." යුන්ගි කිව්වේ නොරුස්නා මුහුනකින්..
"මගේ මිනී.. මගේ මිනී එයා කොච්චර හුරතල්ද?? එයා..එයාට ඇයි එහෙම වුනේ හෙයෝන්??? එයා.. එයා.. අහිංසකයි.." ජන්කුක් ආයේ කොන්ඩේ ඇද ගන්න ගමන් කියවන්න තියාගත්තා...
"උන්ට තිබ්බා මාව මරලා දාන්න.. ඇයි උන් මගේ මිනීට එහෙම කරේ.. මට උන්ව මරලා දාන්න ඕනේ හෙයෝන්.. මට උන්ව මරලා දාන්න ඕනේ.. මගේ මිනීව මගෙන් ඈත් කරපු හැමෝවම මට මරලා දාන්න ඕනේ.." බිබී හිටපු වීදුරුව පොලේ ගහන ගමන් ජන්කුක් බෙරිහන් දුන්නා..
"එදා උඹව මරන්න ඕඩරේ දුන්නු එකාව අපි ඉවරයක් කරානේ ජන්කුක්.. ප්ලීස්.. මෙහෙම හැසිරෙන්න එපා.. හරි සිහියට එනවා ජන්කුක්... හරිසිහියට එනවා.." යුන්ගි කිව්වේ වැනෙන ගමන් පුටුවෙන් නැගිට්ට ජන්කුක්ව තුරුලු කරගෙන...
"ඒකාව මරලා දැම්මා කියලා මට මගේ මිනීව ආයේ ලැබුනේ නෑ හෙයෝන්.. මගේ මිනී.. මගේ මිනීව මට ආයේ ඕනේ.. මට එයා නැතුව මේ විදියට ජීවත් වෙන්න බෑ..." ජොන් ජන්කුක් යුන්ගිගේ උරහිස් වලට වාරු වෙලා කදුලු හලන්න ගත්තා...
කොරියාවේ සාර්ථකම මනුස්සයා ඇත්තටම සාර්ථක කෙනෙක් වුනේ නෑ.. හැමෝටම ප්රශ්න.. වේදනා තියෙනවා.. අවුරුදු අටකට කලින් තමන් ඉස්සරහම වෙඩි වැදිලා මුහුදක අතුරුදහන් වෙලා ගිය තමන්ගේ පෙම්වතාගේ මතක වලින් තාමත් ජන්කුක් වේදනා විදිනවා.. ඊටත් වඩා ඒ උන්ඩය තමන්ට වැදෙන්න තිබුනු එකක් කියලා දැනගද්දි ජන්කුක් පිස්සෙක් වුනේ නැති ටික විතරයි... තමන්ව මරන්න බාර දුන්නු තමන්ගේ ලොකුම තරහා කාරයව ඉවරයක් කරලා දැම්මත් ජන්කුක්ට සැනසීමක් ලැබුනේ නෑ... මොන දේ කරත් තමන්ගේ ඒන්ජල් ආයේ තමන් ගාවට එන්නේ නැ කියන සත්යය පිලිගන්න ජන්කුක්ට ඕනේ වුනේ නෑ....
ŞİMDİ OKUDUĞUN
OUR BLUES🍂[VMIN & KOOKMIN] (Completed)
Hayran KurguNothing but the blues.....🍂 •A vminkook fanfiction. ~vmin and jikook •angst •fluff •mpreg •sad ending? •Top kook •Top tae