prologue

1K 76 7
                                    

Jk pov-

........ආදරය කියන දේ ඇත්තටම මම ගොඩාක් විශ්වාස කරන දෙයක්. ඒ වගේමයි විවාහය කියන දේත්. මේ බැදීම් දෙකේදිම ඕනම කෙනෙක්ට හැම මොහොතකම එකට අත්වැල් අල්ලන් ඉදිරියට යන්න හැකියාවක් තියෙන්නෙ ඕනෙ.
හොද වෙලාවලදි වගේම නරක් වෙලාවෙත් ...
ඇති වෙලාවෙ වගේම නැති වෙලාවෙත්...
සතුටෙදි වගේම දුකේදිත්....
අවසානය දක්වාම....
මරනය දක්වාම..

මටත් මැරිකරන්න ඕනෙ , ඒ වගේ මට ආදරේ , මම ආදරේ කෙනෙක්ව..

ඉතින් මම පොඩි කාලෙදිම මං වෙනුවෙන් කෙනෙක්ව ගෙදර අය මට තෝරලා තිබුනා. ලගදිම දවසක එන්ගේජ්මන්ට් එකට හැමදේම ලෑස්ති කරලා...

ඒත් අපි දෙන්නා වෙනස්ම ජීවිත ගෙවන වෙනස්ම දෙන්නෙක්...

කොරියාවෙ පාරම්පරික දනපති ව්‍යාපාරිකයෙක් වෙන ජියොන් සමූහ ව්‍යාපාරයේ හිමිකරුගෙ එකම මුනුබුරා මම. කිසිම දේකින් අඩුවක් නොතිබුන මලක් වගේ හැදුනු කෙනෙක් .
ජියොන් ජන්කුක්...
එහෙමත් නැත්නම් හැමෝගෙම පොඩි මහත්තයා

එයා කොරියාවෙ සාමාන්‍ය ගමක හැදුනු කෙනෙක්. අහම්බෙකින් සෝල් වලට ආපු එයාගෙ පවූල අපේ ජීවිත වලට වෙනස් විදිහකට බැදිලා..
එදා සෝල් එනකොට ආපු කෙනාට වඩා දහස් ගුනයක් වෙනස් කෙනෙක් අද ඉන්නෙ. හරියටම කිව්වොත් දැනට කොරියාවෙ ඉන්න බිලියනපතියන්ගෙන් කෙනෙක් තමයි ඒ

කිම් ටේහ්‍යුන්ග්...

දැන් මේ මගෙ ඉස්සරහ හිටගෙන ඉන්න මගෙ ආදරේ. එයා තමයි කිම් ටේහ්‍යුන්ග්..
අපි ගැන දන්න හැමෝම කියන්නෙ අපේ කතාව රොමෑන්ටික් නවකතාවක් වගේ කියලා .

ඒත් දැන් අවුරුදු දෙකක් තිස්සෙ මම බලන් ඉන්නවා එයාගෙ එකම ආදරේ වෙලා හැමදාටම එයාගෙ ජීවිතේ බෙදාගන්න එකම එක ලයිෆ් පාට්නර් මම විතරක්ම වෙන්න..

ඒකට තව ටිකම ටික කාලයයි ඉතුරු . මගෙ ග්‍රැජුවේශන් එකෙන් පස්සෙ හැමදාටම මං එයාගෙ වෙන්න යන්නෙ..එයාගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කැපකරන්න මාවම වෙනස් කරගන්න මම ලෑස්තිවෙලා බලන් ඉන්නවා....

ඒත්.....

ඒත් ඇයි එයා එහෙම කරන්නෙ . කාලෙකට කලින් ඉදන් අපි මැරි කරනවා කියලා දැනන් ඉදලත් එයා තාමත් ලෑස්ති නෑ කියලා මට හිතෙන්නෙ ඇයි..... ????

............................................................................

    Cutiepie Drama - Taekook Version

Stay still - 1st epi will upload soon

ShineOT7sh
May 17 , 2022

All Over YouWhere stories live. Discover now